Tuesday, February 5, 2019

නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවේ.




ප්‍රවීන ලේඛක කේ. කේ. සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මාණාත්මක ලේඛනය වාර්ෂික පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

මෙම පාඨමාලාවෙන් අරමුණු කරනුයේ නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය - තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධය ලබා ගැනීම සහ ගවේෂණය උදෙසා ප්‍රවේශයක් ලබාදීමයි. එහිදී ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව තුළින් පමණක් ලබත හැකි මාධ්‍යමය හා වෘත්තීය පරිණත බව ලබා ගැනීම සඳහා මග පෙන්වීමක් ලබාදීමද සිදු කෙරේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධය මෙමගින් ලබා දෙනු ඇත. 

මුහුණු පොතේ නිර්මාණාත්මක ලේඛනය පිටුවෙන් අන්තර් ජාල ලියාපදිංචිය සිදු කළ හැක. අයදුම්පත් ලබා ගැනීම සඳහා විමසීම්:

දුරකථන- 0787355629

සම්බන්ධීකාරක,
නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව
ග්‍රැෆිකෙයා ප්‍රකාශන,
අංක 136, කොස්වත්ත පාර,
කළපළුවාව, රාජගිරිය