tag:blogger.com,1999:blog-486979036489960552.post3464210572260395904..comments2022-03-31T08:53:08.961-07:00Comments on cyber sarpaya: ලක්ෂපති- විනෝදාශ්වාදන සංස්කෘතියේ ලාංකීය පාප්වරයාk k saman kumarahttp://www.blogger.com/profile/08242652739665456785noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-486979036489960552.post-32043214243950364022012-07-31T03:05:41.868-07:002012-07-31T03:05:41.868-07:00මචං සර්පයා, මට මේ ලිපිය ගැන පුදුමයි. අංක එකට කියන්...මචං සර්පයා, මට මේ ලිපිය ගැන පුදුමයි. අංක එකට කියන්න ඕනේ ලක්ෂපති කියන්නේ දක්ෂ මිනිහෙක් කියන එක. හැබැයි ලක්ෂපති කරපු ජනප්‍රිය සංස්කෘතියක් නැහැ. එය ජනප්‍රිය සංස්කෘතියේ පාප්වරයා කියන ඒකාකෘතිය දෙන්න තරම් හදිසි වෙලා අත පුච්ච ගන්න එපා. මම මේ කථා කරන්නේ වෛෂයික විදිහට.
මම ලක්ෂපති අඳුරන්නෙත් නැහැ. කථා කරලාවත් නැහැ. ඒත් මම දන්න එක දෙයක් තියෙනවා. එයා ජනප්‍රිය සංස්කෘති ගැන දන්න කෙහෙල්මලක් නැහැ. එයා අනුකාරකයෙක් විතරයි.

ඇත්ත මිනිහෙක් මැරුණහම අපි ඔක්කොම සංවේදී වෙනවා. හැබැයි විෂය මූලික විදිහට ලෝකයේ තියෙන දේවල් තේරුම් ගන්න උත්සාහ කළොත් ඇඟට ගුණයි කියන එකයි මගේ අදහස.

පිටරට චැනල් කිහිපයක් බලලා තියෙන ඕනැ මිනිහෙකුට හොයා ගන්න පුළුවන් ලක්ෂපති කොතනින් ද අහවල් දේ ගත්තේ අහවල් දේ ගත්තේ කියන දේ. වෙන රටක හෝ වෙන කෘතියක දෙයක් ගන්න එක අනන්තරීය පාප කර්මයක් නොමෙයි. ඉන්ස්පිරේෂන් එකක් ගන්න එක කවුරුත් කරපු දෙයක්. හැබැයි අන්ධානුකරණයයි වැරදි. ඒකෙන් රටකට මෙන්ම ඔයාගෙයි ලක්ෂපතිගෙයි දූලාගේ අනගාත සමාජයට වෙන හානිය බරපතළයි.
මේක දේශපාලන ප්‍රශ්නයක්. ලක්ෂපතිලා වගේ මිනිස්සු නිකන් බිහි වෙන්නෙ නැහැ. ඒක අපි වෙනම කථා කරමු.
හැබැයි ජනප්‍රිය සංස්කෘතිය කියන්නෙ ලබ්ධියක්, එහෙම නැත්නම් ඔයා කියන විදිහට කල්ට් එකක්. ඒක හදාරන්න ඕනේ. හොඳ ව්‍යුත්පත්තියක් තියෙන්නේ ඕනේ. අනුකරණය නෙමෙයි ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ.
ජනප්‍රිය සංස්කෘතිය ගැනත් ඔන්නම් වෙන ම කථා කරමු.
ලක්ෂපති බිහි කරපු ජාතියෙ ජනප්‍රිය සංස්කෘතියක්, තුප්පහි වෘත්තියභාවය පිරිහුණු මාධ්‍ය භාවිතාවක් ලෝකයේ කිසිම දියුණු යැයි සම්මත පශ්චාත් ධනවාදී සමාජයක දකින්නට ලැබෙන්නෙ නැහැ. මේ වගේ පහළ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකක් අඩු ගානේ අසල්වැසි ඉන්දියාවෙවත් තාම නැහැ.
ලක්ෂපති කරපු එක දෙයක් මං අගය කරනවා,ඒක තමයි එයා ලොකු කැරැල්ලක් ගැහුවා නිල අධිකාරයන්ට එරෙහිව. දන්නවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට එරෙහිව. මේකෙන් හැබැයි ඇත්තටම අන්තිමට හොඳ දෙයක් වුණා. ඒක තමයි. දන්නවයි කියලා හිතාගෙන හිටපු අයගෙයි, තමන් දන්නවයි කියලා අඳුරෙ අතපත ගාපු අයගෙයි දෙගොල්ලන්ගෙම රෙදි ගැලවුණු එක. ඔයා කියන විදියට ලක්ෂපති විතරක් නෙමෙයි මේ භූමියේ හූනියම් වැළලුවේ. සමහරු පුන්කලස් කියලා රට ඉස්සරහින් තිබ්බෙත් හූනියම්. හැබැයි ඒ ඔක්කොම වලලපු හූනියම් කවදාවත් ගොඩ දාන්න බැරි වෙයි.
ඒකෙ අවසාන ප්‍රතිඵලය තමයි අපේ දරුවොත් අපි පැසවපු කුණු වලේ ම අනාගතේ දී ගූ කයි.Sankathanahttps://www.blogger.com/profile/05005209668538001416noreply@blogger.com