Sunday, March 18, 2012

සසර අරණේ මුනිවරයා




‘නැවතීමමය ගමන
සංසාරයය නිවන’
-මහායාන දර්ශනය

ඉතින් ඔබ ගියා

ඇවිත් යන අය බොහෝය
ඉන්නා අයත් බොහෝය
එහෙත් ඒ බොහෝ උන්
ආවත් නාවත් , උන්නත් නැතත්
පලක් නම් නැත

එහෙත් අප බෞද්ධයන් වූයේ
මහින්දාගමනයෙන් නොවේ
ඔබේ ආගමනයෙනි

අපේ ජීවිත ඇට්ලසය
සිත්තම් කොට තබා යන්නට
මෙහි ආ ටොලමි වූයෙහිය ඔබ

එහෙත් ඒ ඇට්ලසය
තෝරන්නට ගොස්
ශබ්දකෝෂ විශ්වකෝෂ
රාක්කයක් පෙරළී බරපතලය අපට

අප බුදුදහමට හරවන්නට
මෙහි වැඩි අනුබුදු වීය ඔබ
එහෙත්
මිහින්තලාව පාමුල මීට්ෂොප් එකෙන්
බ්‍රොයිලර් පලූවක් රැගෙන තිස්ස ගියෙන්
ඔබ තවමත් හිඳී මිහින්තලය උඩ
තිස්ස තිස්ස යැයි
අමතන්නට කිසිවකු නැතිව

සසර අරණේ කෙළස් වග වලසුන්
දඩයම් කරනා අපගේ
ආලේඛ්‍යය ප‍්‍රභාලේඛ ගත කළත් ඔබ
පටල පටය විකසනය කර ගන්නට
කෙමිකල් සොය සොයා බංගසාල වීදියේ දුව යති
විචාරක අංගුලිමාලයෝ

ඉතින් , සසර අරණේ මුනිවරයාණනි
මේ සංසාරාරණ්‍යයේදීම යළි අප මුණ ගැසෙනු ඇත !


සයිමන් නවගත්තේගමගේ අභාවය නිමිත්තෙන්
රාවය : 23-10-05


බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය






බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ගත කළ හැකිවේ . පළමුව එම ලේඛකයන් දෙදෙනාම තම නිර්මාණකරණයේ නූතනවාදී අවධිය අතික‍්‍රමණය කරමින් පාදා ගත් මාර්ගයක් මේ හරහා දකිත හැකිය. දීප්ති කුමාර ගුණරත්න සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් පැවැත්වූ කාල් මාක්ස් අනුස්මරණ දේශන මාලාවක පළමු දේශනය තුළ ලංකාව තුළ නූතනවාදය ඉක්මවා ගිය අප රටට අනන්‍ය වූ පශ්චාත් නූතනත්වයක් දක්වන අවස්ථාවක් ලෙස සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා හඳුන්වනු ලැබීය .
මෙම ලේඛකයන් දෙදෙනගේම යථෝක්ථ සාහිත්‍ය කෘති මහායාන හා තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය ඇසුරු කරනු ලබයි . එහිදී විජයාවගමනය , කුවේණි , රාවණ වැනි පුරාකෘතික ප‍්‍රවාදයන් සමග ඒ ගනුදෙනු කරයි . එසේම දෙදෙනම මහා විහාරික ථෙරවාද බෞද්ධ සංකල්ප සහ මහාවංශ ඉතිහාස විවරණය ඉක්මවා යාමට උත්සාහ දරනු ලබයි .

බෞද්ධ කතිකාව ශ‍්‍රද්ධා මාර්ගය ප‍්‍රඥා මාර්ගය යනුවෙන් බෙදෙනු දකිත හැකිය . මෙහිදී මෙම ලේඛකයන් දෙදෙනම මහායානික ප‍්‍රඥා මාර්ගය හීනයානික ශ‍්‍රද්ධා මාර්ගය වෙනුවට තොරා ගනියි . මෙම මාර්ග දෙකෙහි සමවාය සම්බන්ධයෙන් තොරව බෞද්ධ දර්ශනය හෝ ජීවන ප‍්‍රතිපදාව අරුත් සහගත නොවේ . එසේම ලාංකීය ඉතිහාසය ථෙරවාදී මහා විහාරික මහා වංශය තුළින් අර්ථකථනය කෙරී තිබෙන අතර එයට මූලාශ‍්‍ර වූ උත්තර මූල මහා වංශය මේ වන විට දක්නට නොමැති වේ . අභයගිරි විහාරයේ වූ හෙල අටුවාවන් ඇතුන් සත්දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනි තබන ලද බව කියවේ . මහායාන දර්ශනයේ සාරය ගැබ් කොට ගත් ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රය මෙන්ම ලංකාවතාර සූත‍්‍රය ඒ අවබෝධ කොට ගන්නට සමත් අයෙක් මිහි පිට නොමැති බව දුටු බුදුන් වසර පන්සියයකට පෙර මිය ගිය මහා රාවණා කැඳවා ශ‍්‍රී පාද කඳු මුදුනෙහිදී දේශනා කරන ලද බව සඳහන් වේ . තන්ත‍්‍රයාන බෞද්ධ සංකල්පයක් වන උමතු ප‍්‍රඥාව නවගත්තේගම වැනි සාහිත්‍යකරුවකුගේ ජීවිතය පුරාවට දකිත හැකිය .
එසේම නවගත්තේගම බෞද්ධ දර්ශණය සමග මාක්ස්වාදය මෙන්ම ෆ්‍රොයීඩියානු මනෝවිශ්ලේෂණයද සියුම් ලෙස මුහු කළේය . මෙහිදී බුදුදහමේ කෙලෙස් , ෆ්‍රොයීඩියානු ආශයන් ඒකීය කෙරිණි . එසේම මනෝවිශ්ලේෂණයේ අවිඥාණය හෙවත් ඉඞ් සංස්කාරය  මහායානයේ ගබඩා විඥාණය නැතොත් ආලය විඥාණය සමග සම්පර්ක විණි . ෆ්‍රොයිඞ්ගේ Every man is neurotic යන්න බුදුන්ගේ සබ්බේ පෘතග්ජනා උන්මත්තකා යන්න සමග අපූරුවට බද්ධ විණි . එසේම සයිමන්ගේ කෘතීන්හි කේන්ද්‍රය වන ස්ත‍්‍රිය සහ රාගය පිලිබඳ කාරණාව එම චින්තකයන් සැමගේම පොදු සංරචකයක් ලෙස දකිත හැකිය. ස්ත‍්‍රී රූපය තරම් මිනිස් මනස මැඩ ගත් අන්කිසිවක් නැතැයි බුදුන් වදාලහ . ස්ත‍්‍රී චිත්තය අඳුරු මහාද්වීපයකැයි ෆ්‍රොයිඞ් කීය . ඉතිහාසය පුරා පිරිමියා ඔලූව ගසා ගත් කලූගල ස්ත‍්‍රිය යැයි මාක්ස් කීය . එසේම තණ්හාව පිළිබඳ කාරණය ජය ගැනීම බුදුන් මෙන්ම මාක්ස්ද අරමුණු කළේය . සමානාත්මතාවාදී  කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ සිහිනයක් බුදුන්ද මාක්ස්ද දුටුවෝය . මාක්ස් ගෙනෙන ප‍්‍රාග් කොමියුනිස්ට් අවධිය පිළිබඳ සංකල්පය අපට අග්ගඥ සූත‍්‍රය තුළ දකිත හැකිවේ . එරික්ෆ්‍රොම් විසින් කළ බුදුන් , මාක්ස් සහ ෆ්‍රොයිඞ් එකමිටට ගැනීම සයිමන් තම සාහිත්‍ය මාර්ගය තුළ ඉටු කරනු ලබයි .

 එසේම කාල් යුංග්ගේ සංකල්ප සයිමන්ගේ සාහිත්‍ය රීතිය කෙරේ බලපා තිබේ . විශේෂයෙන් සයිමන් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පටන් ගවේෂණය කරන බෞද්ධ බෝගේසියානු මායා යථාර්ථවාදී ආඛ්‍යාන මාර්ගය කාල් යුංග්ගේ ප‍්‍රවාදයන් මත පාදක වේ . කාල්යුංග් ෆ්‍රොයිඩියානු සිහින විග‍්‍රහය පුද්ගල තලයෙන් සාමූහික තලයකට ගෙනෙයි. අවිඥාණය , සවිඥාණය , උපවිඥාණය යන මනෝවිශ්ලේෂණයේ මානසික ව්‍යුහ විග‍්‍රහය පුද්ගල තලයෙන් සාමූහික තලයකට යුංග් පිමි පැන්නවීය . අධිසත්තාවාදය පදනම් වූයේ ෆ්‍රොයීඩියානු සිහින කල්පිතය මතය . මායායථාර්ථවාදය යුංග්ගේ සාමූහික සිහින පිළිබඳ අදහස මත පාදක විය . බුදුන්ගේ ජීවිතය සහ ලෝකය සිහිනයක්ය යන අදහස සමග මෙය සම්පර්ක විණි . සයිමන් තම සාහිත්‍ය රීතිය ගොඩ නගා ගැනිමේදී බෞද්ධ කතා රීතිය ඉවහල් කොට ගති . එහිදී  ජාතක කතා . පේත වත්ථු , විමාන වත්ථු , පාරාජිකා පාලි ,  භික්ඛු භික්ඛුණී ප‍්‍රාතිමෝක්ෂ , සිඛවළඳ විනිස , හෙරන සිඛ වැනි බෞද්ධ සාහිත්‍ය කෘතීන්ගෙන් සයිමන් ආනුභාවය ලබයි . එසේම සාමූහික අවිඥාණයේ ප‍්‍රකාශනයක් මෙන්ම සාමූහික සිහින ලෙස යුංග් හඳුන්වන ආගමික අභිචාර , සංකේත, මිත්‍යා කථා , ජන කථා සයිමන් යොදා ගනියි .

ටෙනිසන් සක්වල දඩයම තුළදී මහායාන බුදුදහමේ බෝධි සත්වවරියන් පිළිබඳ සංකල්ප සහ අඥ්ඥතරා නමැති පීතෘ දේවතා සංකල්පය යොදා ගනිමින් 90 දශකය තුළ මෙහි ඉස්මතු වූ ස්ත‍්‍රීවාදී කතිකාව ඉදිරිපත් කරයි . (මා විසින් රචිත නේරංජනේ ඉස්නානේ කෘතියද මෙම ධාරාව තුළම සැරිසරන බව මම සිතමි.) සයිමන් රාවණ කතිකාව කරා ගොනු වන සේම ටෙනිසන් අපගේ සම්භව මිත්‍යා වන සිංහබාහු පුවත , විජය කුවේනි පුරාවෘතය විසංයෝජනය කරයි . මෙහිදී එය පශ්චාත් යටත් විජිත සාහිත්‍යයේ ගුණාංගද ගැබ් කොට ගනී . සයිමන් ලාංකීය සමාජයේ කුල ධුරාවලිය සියුම් සහ ගැඹුරු ලෙස ස්පර්ශ කරයි . ඒ මහායානයේ ශූන්‍යතා සංකල්පය සමග බද්ධ වී තිබේ.

තන්ත‍්‍රයානය තුළ ශරීරය මෙන්ම ලිංගිකත්වය ප‍්‍රඥාව ලබා ගැනීමේ මාර්ගයක් ලෙස සැලකේ. ඒ ශූන්‍යතාව අවබෝධ කොට ගැන්මයි. දඩයක්කාරයාගේ කතාව තුළ කස්තුරි මුවා සංකල්පය ස්පර්ශ කරන්නේ මෙයයි . සංසාරාරණ්‍යයේ දඩයක්කාරයාහි රාගය කිල්ලක්ව නිධන් බිම අපවිත‍්‍ර වීම සහ සක්වළ දඩයමෙහි විජයගේ කාම පාශයට හසුවීම නිසා පද්මිට බුදු බව අහිමි වීම වැනි සංකල්ප සංකීර්ණ සත්‍යයන් හෙළිදරව් කරයි . දේපල රාගය මැඩ පැවැත්වීම සහ විමුක්තිය කෙලෙස් ජය ගැනීම මත රඳා පවතින බවයි . මනෝවිශ්ලේෂණයේ ඛ්ජන යන සංකල්පය අඩුමාව යනුවෙන් සාපේක්ෂනී තුළ දකිත හැකිය . රණබාහුගේ අංගජේදනය මේ හරහා සමාජ දේශපාලනික මනෝවිද්‍යාත්මක මුහුණුවරක් ගනී . සාපේක්ෂනී තුළ සමසරාගිකත්වය , ලිංගික සුලූතරයන්  නියෝජනය වනු දකිත හැකිවේ .

අනෙක් අතින් තන්ත‍්‍රයානය තුළ එන අර්ධ නාරීශ්වර ශිව වැනි සංකල්පද, උභය ලිංගික දේවතාවන් දේවතාවියන් පිළිබඳ සංකල්පද , චීන බුදුදහමේ යින් යැන්ග් සංකල්පයන්ද සයිමන්ගේ කෘ තීන් තුළ ස්ත‍්‍රිය තුළ වන පුරුෂ අර්ධය වන කාල් යුංග් සඳහන් කරන ඇනිමසය සහ පුරුෂයා තුළ වන ස්ත‍්‍රී අර්ධය වන්නාවූ ඇනීමාව නිරූපනය කිරීමේදී බලපා තිබේ .  මෙසේම ස්ත‍්‍රී ස්වභාවය පිළිබඳ බුදුදහමේ විවරණයන්ද අපට හඳුනා ගත හැකිය . කාලි , පත්තිනි , ඩාකිණීන් වැනි සංකල්ප ඔස්සේ ස්ත‍්‍රියගේ අපාලිත බලය , ස්ත‍්‍රීයගේ හිස්ටීරියානු ස්වභාවය විවරණය කෙරෙන අවස්ථා හඳුනා ගත හැකිය. සයිමන්ගේ කෘතීන්හි සේම ටෙනිසන්ගේ සක්වළ දඩයමෙහිද දේවකතා සහ මිත්‍යා කථා ලෙවී ස්ටූවුස් ගේ පශ්චාත් ව්‍යුහවාදී මානව විද්‍යාව තුළින් දැක්වෙන ආකාරයේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරයි .

මෙසේම ප‍්‍රතිසන්ධි තල පිළිබඳ බෞද්ධ සංකල්පය දෙවිවරු, යක්ෂ, පේ‍්‍රත, පිසාච, කුම්භාණ්ඩයන් ඔස්සේ ලකානියානු මනෝ විශ්ලේෂණය මෙන්ම ක්වන්ටම් විද්‍යාව ඔස්සේද විවරණය කළ හැක්කක් බව පශ්චාත් නූතන භෞතික විද්‍යාව පිළිබඳ මෙන්ම මනෝවිශ්ලේෂණය පිළිබඳ ප‍්‍රාමාණික ස්වාධීන විද්වතකු වන  ඩෝසන් ප‍්‍රීති සහෝදරයා අදහස් කරන අතර මේ වන විට ඔහු ඒ පිළිබඳව දාර්ශණිකව පොර බදමින් සිටී.   කාල් යුංග් ගෙනෙන සමක්ෂණපාතීත්වය, සිරුරින් බැහැර අත්දැකීම් මෙන්ම මරණාසන්න අත්දැකීම්, චුති සිත, ගන්ධබ්බ (බාර්ඩෝ ) වැනි බෞද්ධ සංකල්ප හරහා ග‍්‍රහණය කෙරේ. බීජ නියාමය, ඍතු නියාමය ආගන්තුකයා වැනි සංකල්ප ඔස්සේ කුළු ගැන්වෙන සංසාරාරණ්‍යය අසබඩ යථ, පරිකල්පනීය සහ සංකේතීය යන ව්‍යුහ ඔස්සේ වන කියවීමක්ද ඉල්ලා සිටී . සමන් වික‍්‍රමාරච්චි නලිනි ජාතකයේ ඉසිසිංග තවුසා පිළිබඳ කරන කියවීම බෞද්ධ ජාතක කතා ලකානියානු මනෝ විශ්ලේෂණය ඔස්සේ කියවීම අරභයා විශිෂ්ඨ ආරම්භයක් සනිටුහන් කරයි.

තන්ත‍්‍රයානිකයන්ගේ සංඛ්‍යා විශ්වය නූතන බටහිර ගණිතය ඉක්මවා ශුද්ධ ගණිතය කෙරේ විවරවූ විශ්වයක් විය . ඍන අනන්තය  සංකල්පයක් ලෙස එහි ආරම්භය විය. ප‍්‍රගීත් එක්නැලිගොඩ මෙහි ප‍්‍රාමාණිකයකු ලෙස සිය අවසන් කාලයේදී මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියේය. අරාබි වෙළෙන්දන් සිය ව්‍යවහාරික ගණිත අවශ්‍යතාවන්ට සරිලන නාගර්ජුන පාදයන්ගේ ශූන්‍යතාවාදයෙන් පැන නැගි ‘0’ ගෙන ගියා සේ අපේ ඊනියා ජාතිකවාදීන්ද සිය අනන්‍යතා දේශපාලනය තුළ ඒ තොරොම්බල් කළා පමණි. නලින්ද සිල්වා ද්විකෝටිකය වෙනුවට චතුෂ්කෝටිකය සම්බන්ධයෙන් මෙන්ම කාටීසියානු තාප්පය පිළිබඳවද නිවැරදි විය. මහසොහොන් ආකෘතිය සම්බන්ධයෙන්ද නිවැරදි විය. එහෙත් අනන්‍යතා දේශපාලනය තුළ මං හසර සොයා ගත නොහැකිව මහසොහොන් ආකෘතියත් සමග අවස්ථාවාදීන්ගේ අතකොලූවක් බවට පත් විය. ජයසේන ජයකොඩිගේ ශ‍්‍රද්ධා මාර්ගික සාහිත්‍යය අනන්‍යතා දේශපාලනයේ මඩවගුරේ කරවටක් ගිලූනවුන් විසින් පූජනීය දේශපාලනයක් උදෙසා යැයි සැදැහැවතුන් කඬේ යැවූ පරිදිම එකල්හි ඒ එසේ සිදුවිය. ආරියදාස සෙනෙවිරත්නගේ මාර්ගයේ ගිය ජයරත්න පතිරආරච්චි මතු කළ ප‍්‍රවාදයන්හි ආන්තික ස්වරූපය කෙසේ වුව ලාංකීය ඉතිහාසවේදය සම්බන්ධයෙන් ඔහු මතු කළ තීරණාත්මක ප‍්‍රශ්න කිරීම් අධිපති කතිකාවන් විසින් යටපත් කරනා ලදී. රජුන් උදෙසා ලිවූ රති උපදේශනය වූ බමුණන්ගේ කාම සූත‍්‍රයට එරෙහිව බුදුන් සකල මනූෂ්‍යයන් අරභයා දෙසූ මෛථුන සූත‍්‍රය බෞද්ධ සාහිත්‍ය වංශයෙන්ම අතු ගා දමා තිබේ.

රාවණ සහ කාලත‍්‍රය සැරිසැරීම පිළිබඳ සංකල්ප පශ්චාත් නූතන  විද්‍යාවට අයත් සාපේක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් භෞතික  විද්‍යාවේ  සංකල්ප සමග අතිනත ගනී . විශ්වය පිළිබඳ නූතන සොයා ගැනීම් සහ ප‍්‍රවාදයන් සමග බුදුදහමේ සමපාත බව මෙන්ම මිනිස් මනස පිළිබඳ පශ්චාත් නූතන සහ බෞද්ධ විග‍්‍රහයන්ගේද සමපාත බව මෙම සාහිත්‍ය දහරාව පශ්චාත් නූතන සාහිත්‍ය ප‍්‍රවනතාවක් වශයෙන් සැලකීමට රුකුල් දේ . එසේම පශ්චාත් නූතන සංඥාර්ථවේදයේ සහ නාම  රූප වේදනා සංඥා සංඛාර  විග‍්‍රහයේ සාම්‍යය , ලොව පළමු විසංයෝජනතාවාදියා වන බුදුන් වහන්සේ ගේ සහ ඩෙරීඩියානු විසංයෝජනතාවාදයේ සාම්‍යය තීරණාත්මක සාධකයක් වේ . ස්වභාව ධර්මය පිලිබඳව නූතන විද්‍යාවට නොදෙවෙනි අවබෝධයක් සිය අන්තර් ඥාණය තුළින් පැරණි ග‍්‍රීකයන් සහ බෞද්ධයන් ලද බව එංගල්ස් සඳහන් කරයි . එසේම මාක්ස් සහ එංගල්ස් අතර වූ ලිපි හුවමාරුවකදී එක් රාජ පරම්පරාවකින් තවත් රාජ පරම්පරාවකට බලය විතැන් වෙමින් එක තැන කාල් ගෑවෙන ආසියාතික දේශපාලනයේ ගුරු යතුර පවත්නේ නිශ්චිතවම එහි පසෙහි සහ දේශගුණයෙහි යැයි මාක්ස් සඳහන් කරයි . මාක්ස්ගේ ආසියාතික නිෂ්පාදන මාතය පිළිබඳ ප‍්‍රවාදය පදනම් වන්නේ මේ මතය .

සයිමන් නවගත්තේගම විසින් පුරෝගාමීත්වය දුන් මෙම රීතිය අන් රටක හඳුනා ගත නොහේ . සෙන් කතාන්දර ආශ‍්‍රිත නිරූපනාත්මක නූතන කතාදහරාවන් මෙන්ම හයිකු ආශ‍්‍රිත ප‍්‍රවනතා , ඉන්දියානු කුල විරෝධී බෞද්ධ සාහිත්‍ය දහරා මිස මෙවන් දාර්ශණික හෝ මනෝවිද්‍යාත්මක ප‍්‍රවනතාවක් හඳුනා ගත නොහැකිය . විශ්වයේ , මනසේ මෙන්ම ස්ත‍්‍රියගේ ස්වභාවය පිළිබඳ බෞද්ධ විග‍්‍රහයන් ඒ පිළිබඳ පශ්චාත් නූතන ප‍්‍රවාද සමග සමපාත වේ . විශ්වයේ කෙළවරක් අගක් මුලක් නැතිකම , ඒ සෙවීමේ නිශ්පල බව  පිළිබඳ බෞද්ධ මතයම අද පශ්චාත් නූතන වි ද්‍යාවන් විසින් ගෙනෙනු ලබයි . පශ්චාත් නූතන භෞතික විද්‍යාඥ ස්ටෙෆාන් හෝකින් විශ්වයේ විශාලතම අභිරහස ගැහැණිය බව කියයි . ක්වොන්ටම් භෞතික විද්‍යාවේ වර්ධනයේදී නීල්ස් බෝර් වැන්නන් ඔස්සේ චීන යින්ග් යැන්ග් දර්ශණයේ ආනුභාවයද ලැබිණි . මේ වන විට එහි වර්ධනයන් විසින් බෞද්ධ දර්ශණයේ බොහෝ ප‍්‍රවාද සාධනය වෙමින් තිබේ . එසේම අද්‍යතන ප‍්‍රාග් ඓතිහාසික පුරා විද්‍යා සොයා ගැනීම් විසින් සාධනය කෙරෙන ඉතිහාසයක් සයිමන්ගේ කෘතීන් තුළ ස්පර්ශ වේ .

සයිමන් විසින් සුභාවිත කළ මෙම සයිමනියානු ආඛ්‍යානය (හෂිත අබේවර්ධනගේ වදනින්) මෙවන් විසල් පදනමකින් යුතු වේ. ඔහුගේ විග‍්‍රහය අනුව මහා ආඛ්‍යානයේ සහ චූල ආඛ්‍යානයේ ලක්ෂණ කැටි කොට ගත් රීතියක් ලෙස මෙම සාහිත්‍ය ආර දකිත හැකි වේ. එහෙත් දාර්ශණික වශයෙන් ප‍්‍රඥා සම්ප‍්‍රදාය හුදී ජන පහන් සංවේගයට හේතු නොවූ සේම මෙම සාහිත්‍ය ආරද එසේ වීමේ සම්භාවිතාවකින් යුතු වේ. මෙම ප‍්‍රඥා මාර්ගික සාහිත්‍ය ලක්ෂණ  ටෙනිසන් පෙරේරාගේ සක්වළ දඩයම, මාවිසින් රචිත නේරංජනේ ඉස්නානේ මෙන්ම සුනේත‍්‍රා රාජකරුණානායක ගේ බුද්ධදාසි තුළද දකිත හැකි වේ .   මෙහි අනෙක් අර්ධය වන ශ‍්‍රද්ධා මාර්ගය අප සාහිත්‍යය තුළ නියෝජනය කරනු ලැබුවේ ජයසේන ජයකොඩිය සහ සුජිත් අක්කරවත්තය . විචාරාත්මකව මෙම සම්ප‍්‍රදාය තවමත් ගොඩ නැගී නැති අතර ඒ සඳහා පුරෝගාමීත්වයක් හෂිත අබේවර්ධනගේ සයිබර් ලියවිලි තුළ හඳුනා ගත හැකිය.

-කේ.කේ.සමන් කුමාර

 (නිර්මාණාත්මක ලේඛනය 2011 වාර්ෂික  පාඨමාලාවේදී පැවැත්වූ දේශනයකි.)   

Sunday, March 4, 2012

උපන්දින තිළිණය




මල් පෙති මැද ඇවිලෙයි   ලැවිගිනි
කස්තුරි මුවා කළඹයි මඟුල් සක්වල
සංසාර කෙළවර සිට අඬ ගානා මුව දෙනයි නුඹ
සිත නුඹ ලඟයි මා දෙපා කෙලෙසද අන් තැන

ගුරුළු රජු තම පියාපත්  අතරෙහි
බිරින්දෑ හට ගෙන ගියා සොර සැමි
එහෙත් ගුරුළිඳු නොම දැන

එදා කෙලෙසක වුව
නොවේ අද නම් නොම දැන
සැමියකු නොවේ සොර
ගැහැණියක වෙත්මැයි
කිසිදු සොරයක්ද නැත්මයි

කස්තුරි මුවා මම්මැයි
මගෙම කස්තුරියෙන් මද කිපී
කළඹවන මඟුල් සක්වළ
මුව දෙනක කස්තුරිය ඒ ගෙන

මුව දෙනය නුඹ අඬ ගානා සංසාර කෙළවර සිට
ආරපු මෝරපු ඔය තුනුවග තුළ
සිටී තවමත් හිරිමල් මුවැත්තිය
බදුරු යෞවනයේ බැඳුනු මා පාශයෙහි
ලපටි කැකුළු දෙතනින්
කොමල උඩවැඩි පියුමින් සුසැදි තුනුවගින්

පාශයේ මළපුඩුව බැඳුනු මා හා
අතුරුදන් වී ජීවිතේ සලා වැටුම් මැද
සදාකල් බැඳුනු මළපුඩුව හිරිමල් වියේ
අවුලයි ලැව්ගිනි මල් පෙති මත කොමල


සියල් ගල් මුල්වලින් රකිමි නුඹ
හොවා ගෙන මා කුස තුළ
එදා මෙන් නොඅනින් ටොකු පහර
ටොක්කට වඩා සරදමයි බොහෝ සැර




ගැලවුනද නුඹ මා පාශයෙන්
නොහැකිය තවම මා හට
ගැහැණුනු් සියයකට වඩා අන්
බෝ වටී නුඹේ යටිවත
නුඹේ ඔය සුසුම් හඬ

පිරිමිනිඳු පතන
අවසර කල් රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන
වරද නිවරද නොදනිම්
හද රිදුනු වග පිළිගමි

ගැලවෙන්නටද නුඹ එක් පාශයේ මළ පුඩුවකින්
බැඳුනේ මා හා තවත් පාශයක මළ පුඩුවෙන්
අහවර වුවද පාශය මා හා
සදාතනිකද එය නොවේමැයි දෝසා

මුවදෙනයි නුඹ අඬ ගානා සසර කෙළවර සිට
පෙරුම් පුරන්නේ නොමවෙම් පතා බුදුබව
සංසාර කෙළවර සිට අඬ ගානා මුව දෙනයි නුඹ
සිත නුඹ ලඟයි මා දෙපා කෙලෙසද අන් තැන

මල් පෙති මැද ඇවිලෙයි ලැවි ගිනි
කස්තුරි මුවා කළඹයි මඟුල් සක්වළ
ගැලවෙනුව නුඹේ පාශයෙන්
බැඳෙන්නෙමි තවදු පාශයකින්
මළ පුඩුවක් සොයමි මම

මුව දෙනකට හෝ මුවැත්තියකට වේකන්සියක් ඇත
ජොබ් ගැරන්ටි නැත

මාල වළලූ රන් කළ හැක මකාලා
කොයි හුත්තත් එකයි බැලූවම හුකාලා
මේක නොදත් අපෙ හුත්තිගෙ පුතාලා
නොහුකා මැරෙති එක හුත්තක් පතාලා
                                -සිංහල අවවහර
දිව දැම්මත් එකද?
 ඕනෙ හුත්තක් පනං අටද?
නොදනිමි
දැන ගත යුතුය
නොදන්නා දේ

තිස්තුන් වියැතිය අදට නුඹහට
තිළිණය මනාවූ දී ඇතිමි දැනටම
අන් තිළිණ නැත මට දෙන්ට නුඹ හට
තිළිණයයි අග ලොවින් නුඹ හට
සත්තයි සහතිකයි තීන්දුයි
නිවාරණයි නුඹෙ ජීවිතයටම

08-04-2011


Thursday, March 1, 2012

ස්ත්‍රිය, ලිංගිකත්වය සහ ග්‍රහචාරය



' සර්පයා වනාහී බඩගානා විෂකුරු වුවත් එසේ නොවුත් සත්ව විශේෂයන් කොටසක් හැදින්වීමට ඇති නාම පදයකි. එහෙත් සර්පයා යන සංකල්පයක් වශයෙන් ඉතිහාසය තුල පෝෂණය වී වර්ථමානයේ පෙරළි කරමින් චලිත වෙමින් පවති. එකම ජාතික දෙවියා ලෙස වර්ග කල හැකි ගම්භාර සුනියම් දෙවතාවුන් වහන්සේගේ කරේද, අතේද, කටේද සර්පයෝ එල්ලාගෙන සිටිත්. එල්ලී සිටිත්. සිරස මත ධවල ජටාවකින්ද සැඩපලු දහතුනකින්ද පොළගුන් දහතුනකින්ද උදරේ රකුසු මුහුණක්ද බදවට නයින් යාලක්ද එක්  උරයක කරවැලුන් සතර දෙනෙක්ද සුරතට වඩිග කඩුවක්ද වමතට ගිණි කබලක්ද ගෙල වට නයෙකුද හිස සිට දෙපතුලට නාගයින් දෙදෙනෙකුද දරා දිවි සම් වතකින් සැරසුණු ශ්‍රී ලංකාවේ මහා පොළවේ දෙවියෙකු වන්නා වු සුනියම් දෙවතාවුන් වහන්සේගේ හෙවත් ඔඩ්ඩි දෙවියන්ගේ සංකල්පීය චිත්ත රූපය පමණක්ම අපේ මහ පොළොවේ සර්ප සංකල්පයේ පැටිගිරියේ විශාලත්වය සිතා ගැනීමට ප්‍රමාණවත් වන්නේය.' 


සිහින කල්පිත සාහිත්‍ය, ස්ත්‍රිය, ලිංගිකත්වය සහ ග්‍රහචාරයඃ කේ.කේ. සමන් කුමාරගේ නිර්මාණ වෙත කවුළුවක්ඃ ජගත් මාරසිංහ, සංහිද ප්‍රකාශන 2000


Sunday, February 26, 2012

හා හා හරි හාවා......






‘ජෙනී අපේ පුංචි දූ ඉපදෙන කොට තොටිල්ලක් නං තිබුණෙ නෑ .
ඒත් මැරෙන කොට මිනී පෙට්ටියක් නං තිබුණා .’
-කාල් මාක්ස්

‘ඒ ගොල්ලො දෙවියන්ගෙන් ඉල්ලූවා ඒ ගොල්ලන්ට පාලූව නැති කරගන්න ළමයෙක්ව දෙන්න කියලා. කොච්චර පුංචි වුණත් කමක් නෑ අනේ අපිට ළමයෙක්ව දෙන්න කියලා .ඇඟිල්ලක් තරං පුංචි වුණත් කමක් නෑයි කියලා ......ඉතින් , දෙවියො ඒ ගොල්ලන්ට ළමයෙක්ව දුන්නා .එයා ගොඩාක් පුංචියි. කොච්චර පුංචිද කියනවා නම් ඇඟිල්ලක් තරං පුංචියි. ඒ හින්දා එයාගේ නම තම්බලීනා ’

-සුරංගනා කතාවකින්
ඉල්ලූවේ නැතත් අපිට
ලැබිලා මෙන්න පුංචි දුවෙක්
රසූ ...
රසු.....
රසුසු.......
රසුසුලා
රසුසුලාංගි
සුසූ
සුලා
සුසුලා
සුලාංගි......තම්බලීනා
ක.ක.පරපුරට Full Stop
දුවෙක්
හුරේ.....

‘නයික්ටස්ට රජකම ලබාගන්න නම් පුතෙක් හදන්න  ඕනා .’
-රොහාන් පෙරේරා
අරාජිකත්වය දිනේවා

ඉලෙක්ට‍්‍රා ඔය දොර පොඞ්ඩක් වහන්න. තාත්ති වැඩක්

නළල මං වගේලූ

අතපයත් මං වගේලූ
නාහෙත්
කනුත්
ඇස්?
අම්මියගෙ.....(මාව දැලේ දාගන්න)
කට?
ඒත් අම්මියගෙ
(මාව පිස්සු වට්ටන්න)

Quality blended tea from……
ස්වභාව ධර්මය නරකම නෑ
ජාන තාක්ෂණය තරංම නැතත්
මෙන්න
10x12 හතරැස් ලබ්බෙ තොවිලෙක
බත් ඉදෙයි
පොත් ලියෙයි
කොස් කැපෙයි
ඒ මදිවාට
ළමයෙකුත් අඬයි
දෝයි බබෝ දෝයි

සුරංගනාවියන් එක්ක
හිනැහි හිනැහී මෙන්න
කැෂියර්ට බිල ගෙවා
ජයවර්ධනපුර සාප්පුවෙන්
අලූත්ම අලූත් අම්මෙකුත් එක්ක ගෙනා
බෝනික්කියෙක් මෙන්
රසූ....

ඉතින් චූටි දුවේ මං යනකොට කඩාගෙන
හම්බවුණා මාමා කෙනෙක්
‘මොකද පසන් මේ ටිකේ කරන්නෙ?’
‘මං ඇහුවා’
‘ණය ගෙවනවා බං’

‘ඒ කිව්වේ‘
‘පොත් ලියනවා (ප‍්‍රකාශකයන්ගෙ ණය ගෙවන්න)’
ෆයදෝර් දොස්තයෙව්ස්කිගේ
වී.ඞී.ද.ලැනරෝල්ගේ පරපුර
පියවරක් ඉදිරියට

රස්කොල්නිකොව් ඉවසාපන් පොඞ්ඩක්

Death of the author
or
Death of the publisher?

රසූ......
බහ තෝරන විට නුඹ කියවන
හැම පොත් පිටකම
ලේ, කඳුලූ, බඩගින්න
රස්තියාදුව , කකුල් කඩුත්තුව
තිබෙන බව
ප‍්‍රකාශක වලව්වල
ඊනියා ධනපති/දානපති
පිංපෙත්/සල්ලි/නම්බු මඩි ඉන් තර කෙරුණු බව
සාහිත්‍ය බලූ කපුටු දානවල
මතවාද හෙනහුරු අපල
ඉන් ගෙවාගත් වග
නුඹට නොදැනේවි
හොඳ නොහොඳ හැම පොතක් යටම
අපරාධයක් තියනවා පුංචි දුවේ

‘ලේඛකයා ජීවත් විම සඳහා මුදල් හම්බ කළ යුතුය .
එහෙත් කිසිවිටෙකවත් මුදල් හම්බ කිරීම සඳහා ලිවිය නොයුතුය.‘
-කාල් මාක්ස්
ඒත්
නුඹට තොටිල්ලක් කරන්නට
මේ මහ පොළොව
ලියනවා මං


රසූ
තව ලබ්බෙ
තොවිලෙකට යනකන්
නාඩන් දුවේ දෝයි......
නෑ  උඹ අඬපන්

මව් කුසෙහි සිටම හඳුනන
ගල් බෝර හඬින් ශේෂ වූ
අර පරුවත සොච්චමත්
දෙදරා හැලෙන්නට හඬපන්
මේ ගල් ගැහුණු රැය තූ තූ කොට

ගල්වලට එහා ලන්දේ
හා පැටව් බලනවා ඇති
උන්ට කැරට් අල විසි කරන්න
උඹ එන තෙක් ඔය හා දෙපා තබා
පිනි විසුල උඳුපියලි පලසේ



( රාවය -2002 ජූලි 14 ඉරිදා )







Thursday, February 23, 2012

අසාත්මිකතාව




මරණ පරීක්‍ෂකවරයාගේ වාර්තාවෙන්
උග‍්‍ර ආසාත්මිකතාව නිසා සිදු වූ මරණයකි.

මියගිය තැනැත්තාගේ මව පුවත්පතකට කළ ප‍්‍රකාශයෙන්........
(ඇය තම පුතාගේ හෝ තමාගේ නම සඳහන් නොකරන ලෙස සහ සිය ඡායාරූප නොගන්නා ලෙස කීවාය)
               
ඉට්ස් අ බ්ලැක් මැජික්................. ඩූ යූ අන්ඩස්ටෑන්ඞ් ?................ රියලි,............... ඉට්ස් අ බ්ලැක් මැජික්............. බ්ලඩි පෝස්මෝටම් !............. නොන්සන්ස්  ! පකින් ඩොක්ටර්ස් ඇන්ඞ් මෙඩිකල් සයන්ටිස්ට් ඇන්ඞ් පකින් පීපල්..........  ඕල්  දෝස් බාස්ටඞ්........... ඉට්ස්  අ විච්ක‍්‍රාෆ්ට් !..... ෂී ඊස් ............. ෂී !....... වේසි.............. නොදකින් වඳී........... අනේ මගෙ බඩ පිස්සා................ අනේ දෙයියනේ මං බඩින් ඉද්දි  ඕකි මට නූලක් පැන්නුවා......... අනේ දෙයියනේ............ සෝමා, මගෙ හැන්කචීෆ් එක ගෙනෙන් !............. යකෝ උඹට ඇහෙනවද?............... ඉට්ස් අ බ්ලැක් මැජික් !............. ෂී ඊස් අ විච් ! ෂී ඊස් ඊටින් අවර් රෙස්පෙක්ට් !............. අයි නෙවර් ලයික්ඞ් ගොසිපිං................  ඕල් දෝස් පීපල් නෝ ෂී ඊස් අ ස්ටී‍්‍රට් වෝකර් !............  ෂී ඊස් නිම්පොමේනියැක් ස්ටී‍්‍රට් වෝකර්.............. පකින් නිවුස් පේපර්ස් ......ගොසිපියස් ෆීපල් ඇන්ඞ් පකින් නිවුස් පේපර්ස් !...... අයි ඩෝන්ට් ලයික් යූ ඇන්ඞ්, යුවර් නිවුස් පේපර්ස් ඇන්ඞ් රිපෝටින් දිස්........... නොට් අයි වෝන්ට් නිවුස් පේපර්මන් ෆෝ  ෆියුනරල් ඔෆ් මයි සන්.........අයි නෙවර් ලයික් ඉට්.....ඉට්ස් අ හාට් බ්‍රේ‍්‍රකින් කේස් !.......... නොට් අ ගොසිපියස්, පිල්තියස් ඉෂූ !..... ෆීපල්        අයියෑම් පෙයිත්පුල් ටූ යූ !.................. ගෙටවුට් ! සෝමා ඔය කොස්ස ගෙනෙන්. ඔය චාල්ස්ව ලිහපන්!.....ඩයනට ටැබ්ලට් එක දීපන් !! පකින් නිවුස් පේපර්ස්. රිපෝටර්ස් ආ පිම්ප්ස්............. ෂී ඊස් අ විච්...... කැරපොතු වේසි !....... නේබර්ස් ආ පිම්ප්ස් !.......... බැල්ලිගෙ පුත්තුනේ තොපි අල්ලපියව් ඒකිට පාන !...... පකින් නේබර්ස්..... යකෝ මං මේ සේරම දෙනව අනාථ නිවාසෙකට දැන ගනිව් !........... වේසි... පක් මී වේසී, පක් මී !...........

ඇය  (මිය ගිය තැනැත්තාගේ මව) පොලීසියට දුන් කට උත්තරය !

අයි ඇපීල් යූ...........  අයියෑම් සස්පෙක්ටිං !..............  ඩූ යූ අන්ඩස්ටෑන්ඞ් ?............ ඉට්ස් අන්නැචුරල් !............. වයි ඩෝන්ට් යූ ඇරස්ට්  හර් ? ............ සෝකෝල්ඞ් වයිෆ් ඔෆ් මයි සන් ? ............. නව් අය්යෑම් ගොයින් මූ CID ........... ඉට්ස් අ ක‍්‍රයිම් !.......... ඉට්ස් නොට් අ ඩෙත් ............. ෂී වෝස් කිල්ඞ් මයි සන් !.... ෂීස් හැවින් ඒඞ්ස් !............ ෂී ඊස් අ ප්‍රොස්ට් ! .......... හර් පාදර් පික්ඞ් හර් ඇට් අ ඩෙ‍්‍රනේජ් ! .............. හර් වැජයිනා ඉස් වුන්ඩඞ් !........... ෂීස් හැවින් වැජනයිල් ඩිෂීසස් !............... ෂී ඊස් අ ප්‍රොස්ට් !.............. නව් අය්යෑම් ගොයින් ටු CID.


පවුලේ ඥාතියකු කී කතාව
                මේ මැරිච්ච පුතා උපන්නෙ ලයිනින් හෝම් එකේදි......... උපන් ගමන් හරි අපූරුවට  ඉඳල තියනව........... නර්ස් කිරි දෙන්න නංගිට (මියගිය අයගේ මව) දීපු ගමන් තනේ දිහා බයවෙලා වගේ බලලා අතෝරක් නැතුව අඬන්න තිබා ගත්තලූ. ! නංගි කිරි දෙන්න ළං කළාම (තනේ) පුතා අහක බලාන තියෙනවා. ආයි ඔලූව හරවල කටේ එබුවාම (තනේ) පුතාට සිහිය නැතිවෙලා තියෙනවා. ඒ එක්කම ඇඟ පුරාම දළඹුවෝ කෑවහේ පලූ දාන්න අරන්...... ඊට පස්සේ වීදුරු කාමරේ තමයි තියල තියෙන්නෙ............... දොස්තරලා වෙන කෙනෙක් ලව්වා කිරි දෙන්නකීවනිසා පුතාගෙ අම්මගෙ අක්කා (එයාටත් ඒ දවස්වල බබා හම්බවෙලා උන්නෙ) ලව්ව කිරි දෙන්න ගියා. ඒත් දැක්ක ගමන් (තනේ ) අර සන්තෑසියමයි. පේන්නැතිවෙන්න (තනේ) හැට්ටෙ හිලක් හදල කටේ ගැහුවලූ..... ඒත් එහෙමලූ !............ ඉතින් අන්තිමට පවුලෙ කිරි බරින් හිටපු ගෑනු සේරම ඉස්පිරිතාලෙ නවත්තලා  දොස්තරලා ලව්වා කිරි දොවලා බෝතල් වලින් පොවන්න හැදුවලූ. සූප්පුව කටේ ගහපු ගමන් ඒකම උනාලූ !....... අන්තිමට මොකක්ද එහෙකින් කටට කිරි විද්දලූ !......... ඒත්   ඒකමනේ උනා කියන්නේ. අන්තිමට රට කිරි (පිටි කිරි) වලටයි හරි ගිහින් තියෙන්නේ !

මිය ගිය තැනැත්තා උපන් ගමේ ගැහැණියක කී කතාව
                අපේ අම්ම මුත්ත කාලෙවත් අහල තියනවෑ, මෙහෙව් ඒවා !.......... අනෙ අප්පුච්චියේ ඔය කොලූවා   මනුස්ප ගෑණියෙක්ගෙන් කිරි බීල තියේයැ කොටින්ම.......... රබර් තනෙන් රට වස්සන්ගෙ කිරිම බීලා නොවැ ඔහොම ඇට ගැහුනෙ !........... ඔය කොලූවට තන පොඞ්ඩක් දැක්කත් ඇති මහසෝනා ගැහුවාහේ බිම පත බෑවෙනවා. ඇඟ පත පුරහම දළඹුවො කෑවහෙ.... කර කපාපු හැට්ටයක් අඳින්නෙයි කියලෑ ?...........  නාන තොටේ දිය රෙද්ද බුරුල් කරල පිට අතුල්ලන්නෙයි කියලෑ ? කොටින්මගමේ ගෑණු පාරට පේන්න බොඩියක්වත් වනන් නෑ  ඕං !.......... ලමිස්සි වෙන්න ඉන්න දැරිවියන්ගෙ පපුව ඉස්සීගෙන එනකොට උඩට අන්දන්න උනානෙ ඉතින්. කිව්වට විස්වාස කොරනවහැබැයි අපේ අම්මගෙ....... උන්දෑ, දැන් හෝන් කොරල. උන්දැගෙ එල්ලි එල්ලි තිබ්බ ලොට තනයක් දැකලත් දවස් තුනක් විතර පලූ දාල තිබ්බ  ඕං. ! අපෙ අම්ම පොඩිසන්දියෙ ගෑනු උඩ ඇරගෙනමයි ඉඳල තියෙන්නෙ. ඒකාලෙ නොඉපදුන එකමයි කාරිය ! පුංචි හංදියෙ ගමේ පන්සලට එක්කං ගෙහුං චයිත්තිය දැක්ක ගමන් සිහියනැති වුනාලූනෙ. ඊට පස්සෙ නෙමෙයි පන්සල් ගෙනිච්චෙ.......අටමස්ථානෙ වඳින්න ගෙහුං රුවන්වැලිය විතරලූ වැන්දෙ ආපහු හරෝගෙන ආවා වන්දනා නඬේම. මෙව්ව නං යස්ස දෝස ! දෙවියො කෝපවෙලා අහල ඇතිනෙ කුවේණිගෙ දිවිදෝසෙ ? අපේ ගැටිස්සියන්ටත් විලි සංගෙ නෑනෙ ගෑවිලාවත්. නාන තොට ලඟින් ඔය කොලූව යනකොට උන් කතා වෙලා දිය රෙද්ද කඩල පෙන්නනව  ඕං රොත්ත බුරුත්තම !...... ඉතින් කොලූවා මඩට දෙරි ගහනවා....... ඉතින් දුවපන් අම්මා.... තේ උඩිච්චියෝ ටික හිකි හිකි ගගා  ඕං ! විලි සංගෙ නැති වේසියෝ !...............

මියගිය තැනැත්තාගේ වැඩිමහළු සොහොයුරිය කී කතාව
                මල්ලිට පුංචි කාලෙ ඉඳලම හැම වෙලේම අසනීප වුනා. අම්මා මල්ලිව නිදි කරවන්න කවියක්  කිය කිය ඉන්නකොට දවසක් අසනීප වුනා. අම්මා කුක්කු තනේ කිරි බීලා, කියන පදේ කියන්න ගන්නකොටම ඔන්න හුස්ම හිරවෙලා. මම බිග්ගර්ල් කෙනක් වෙන්න ඉද්දි මාව දැක්ක ගමන්ම (තනේ) මල්ලි පේන්ට් වුනා. මට තේරුමක් නෑ........ මල්ලියි මායි සෙල්ලං ගෙයක් දැම්මා. මල්ලි තාත්තා. මම අම්මා. එයා තාත්තා වෙලා වැඩට ගියා. මට නලවන්න බෝනික්කෙක් හිටියෙ නෑ. මං කිව්ව එයාට බෝනික්කෙක් වෙන්න කියලා. ඉතිං මං එයාව නලවන ගමං එයාගෙ මූණ මගේ පපුවට ළං කරල කිව්වා ‘මගෙ පැටියෝ කූ ටිකක් බොන්න’ කියල. ඔන්න මල්ලිට හුස්ම හිරවෙලා අසනීප වුනා. එතකොට මං බිග්ගර්ල් කෙනෙක් වෙන්න ලඟයි. ඊට ගොඩක් පස්සේ  දවසක් මං ඇඳුම් මාරු කර කර ඉන්නකොට මල්ලි මගෙන් ගානක් අහන්න කාමරේට ආවා. මම බ‍්‍රා එක ගලවලා හිටියෙ. ගවුමක් අරන් වහගන්න (තනේ) කියල හැරෙද්දි ඒ දැකල (තනේ) මල්ලි පේන්ට් වුනා.

නව් ඉනෆ් ඩොක්ටර්.......... ප්ලීස් ............ එච්චරයි !...... අනේ. වෙරි සොරි !.........


මියගිය තැනැත්තාගේ බිරිඳ පොලීසියට දුන් කට උත්තරය.
                හායි.!  අයෑම් අ ඇක්ට‍්‍රස් !........ එයාගෙ හුඟාක් ෆිල්ම්ස්වල මේන් රෝල් මම. අපි නෑදෑයො. මගෙ තාත්තා එයාගෙ අම්මගෙ මල්ලි. එයාගෙ අම්මට අපිව (මාවයි, අම්මවයි, තාත්තවයි) අඳුකොල වගේ...........  කිසිම දවසක අපේ පවුලෙ ඇයි හොඳයියක් තිබිලා නෑ. අපි අඳුර ගත්තෙ නෑදෑයො හැටියට නෙමේ. අපි දැක්කත් අඳුරන්නෙ නෑ. මට එයාව හම්බවුනේ අලූත් සබන් ජාතියක් ගැන කමර්ෂල් එකකදි............  ඉයා.........  ඉයා..........  ඊට පස්සෙ එයා එයාගෙ චිත‍්‍රපටියකට මාව ගත්තා. ඒකෙ මම නිවුඞ් ඉන්න සීන් එකක් තිබුණා. ඒක ෂූට් කරද්දි එයාට හතර පස් වතාවක්ම අසනීප වුනා. ඒ සීන් එක ඉවර කරන්න සතියක් විතර ගියා. පස්සෙ එයා මට කිව්ව ඒක ලියද්දිත් එයාට එහෙම වුනයි කියල. ෆිල්ම් එකේ එඩිටින් වලදිත් එහෙම වුනා............ ඩබින් වලදි.... කොටින්ම ෆී‍්‍රමියර් එකේදි, ප්‍රෙස් ෂෝ එකේදි හරියටම ඒ සීන් එකේදිම.......... අපේ සම්බන්දෙ කවදාවත් වෙන් කරන්න බැරි ගානට දුර ගියාට පස්සෙයි අපි අපේ පවුල්වල හුට පට දැනගත්තෙ. පවුල්වලට කුද ගහන්න කියලා අපි එකට ජීවත් වෙන්න ගත්තා. අපේ තාත්තයි අම්මයි නං පස්සෙ හිත හදාගත්තා............. එයාගෙ අම්මා කියන්නෙ මාව කක්කුස්සි වලක දාල ගිහින් ඉද්දි අපේ තාත්තා අරන් ගිහින් හදා ගත්තයි කියල.
තාත්තා මට ගොඩක් ආදරෙයි. මං කවදාවත් අම්මෙක්ගෙන් කිරි බීල නෑ. තාත්තා තමයි පුංචි කාලෙ ඉඳලම උක්කුං දුන්නෙ. මං තාත්තා මැරෙනකංම තාත්තගෙන් කුක්කු බිව්වා.මම උරලා උරලා එයාගෙ කුක්කු අම්මගෙ කුක්කු දෙකටත් වැඩිය ලොකුත් වුනා. සමහරවිට මාව අරන් හදාගන්න ඇති. මං දන්නෑ........ මට වැඩකුත් නෑ........... අපේ පවුල් අතර තිබ්බ හුට පටේ මං දන්න විදිහට තාත්තා අපේ අම්මව ගෙනාවට............. තාත්තා වැඩ කළේ හෝටලේක. අපේ අම්මා බර්ගර්. අම්මා ඒ හෝටලේ ඩාන්ස් කරල තියනව........... ඔව් අපි අතරෙ කවදාවත් කිසි ප‍්‍රශ්නයක් තිබ්බෙ නෑ............ එයා මට හරි  ආදරෙයි. සෙක්ස් ලයිෆ් එක ? ....... අපි අපිව තේරුං අරන් සන්තෝසෙන් උන්නා. එකම ප‍්‍රශ්නෙ මට හැම වෙලේම ඉඟෙන් උඩ වහගෙන ඉන්න වුනා. ඔව් එවේලෙටත්. පස්සෙ මං හුරුවුනා............. එයාගෙ ගොඩක් ලොකුයි......... එයාට නං එහෙම ඉන්න  ඕන උනෙත් නැති තරං......... එයාට  ඕන වුනේ මගෙ කකුල් දෙක අස්සෙ මූන හංගගෙන නිදා ගන්න............ ඔව්. ලොකුයි.....මටමනෙ එහෙම  ඕන වුනේ................ ඉතිං මං අමාරුවෙන් මූන දුන්නා. පස්සෙ හරි ගියා.......... නෑ.......... ඉස්සරහ පැත්තෙන් නෙමේ. පස්ස පැත්තෙන්. මගෙ පපුව මූන වැදුනත් එයාට අසනීප වෙන්න පුලූවන් නිසා මම හිතලම ඒ ඉරියව්වෙන් වැලකුණා. .............  මුලින් අපි හිටියෙ ඇනෙක්ස් එකක. එහෙදි නං මට තරහ ගියත් එක්ක......... ඇඳුමක් මාරු කරන්න බෑ. බ‍්‍රා එක හෝදලා දාන්න බෑ............ නෑ කවදාවත් මම එහෙම වෙන්න දුන් නෑ. මේ තමයි අපි එකට ඉඳිද්දි හැදිච්ච පලවෙනි වතාව. පිටදි එහෙම වෙලා තියෙනව. ඒත් ගෙදෙද්දි නෑ..............

මම බෙල්ල ගානට  තමා ඇඳුම් ඇන්දෙ........... මම ආසම නෑ. මං කවදාවත් පපුව වැහෙන්න ඇඳල නෑ එයත් එක්ක යාලූ වෙන්න කලින්............... වදයක් තමයි. ඒත් මං එයාට ආදරේ කළා. වෙන පිරිමියෙක් ගැන මට හිතන්නවත් පුලූවන් කමක් තිබ්බෙ නෑ............. කකුල් පේන්න ඇන්දට එයාට මොකුත් නෑ. අත් ලොකුවට, අත් නැතුව, කර ලොකුවට අඳින්න බෑ. . දවසක් ඇඳගෙන ගමනක් යන්න කන්නාඩියෙන් බලද්දි මට හිතුනා මගෙ ඇඳුම හරියට ආදි කාලෙ එංගලන්තෙයි, අද කාලෙ ඇමරිකාවයි එකට තිබ්බ වගේ කියල. බුරියෙන් තමයි දේශ සීමා වෙන් වෙන්නෙ. පුතා ආසයි මං පපුව පේන්න අඳිනවට. තාත්තගෙයි පුතාගෙයි දේශසීමා අරගලය ගෙයි දෙපැත්තක හුම් සද්දයක් නැතුව තිබුන හැම වෙලේම. දෙන්නම ආසා කළ එකම දේ මගෙ බුරිය. වරින් වර හැදෙන බඬේ අමාරුව නොවෙන්න මගෙ ඇඟ ඒ දෙන්නගෙ සීතල යුද්දෙ දරා ගත්තා........... අපි ගේ හැදුවට පස්සෙ අපි අපි දෙන්නට පැති දෙකක් වෙන් කර ගත්තා........... මගෙ පැත්තට එයා එනවනං එයා බෙල් එක ගහනවා. මම එතකොට ඉඟෙන් උඩ ඇඳන් ඉන්න එක මාරු කර ගන්නවා. එයාගෙ පැත්තට යනකොටත් එහෙමයි............  බෙල් එකවදිනකොට මම හැම තැනම තියන බ්‍රෙෂියර් ටික දනි පනි ගගා, දුව දුවා, වැටි වැටී එකතු කරල කබඞ් එකට දානව. එයා ගිය ගමන් මම බ්‍රෙෂියර් ටික ඔක්කොම කබඞ් එකෙන් අරන් කාමරේ පුරාම එල්ලනවා. වීසි කරනවා. පෑන් එකේ පෙති හතරෙ අටයි, දොරේ එකයි........... තොටිල්ලෙ එකයි. මේසෙ දෙකයි. මං දවසක් ගැන්නා. මට බ්‍රෙෂියර් 89 ක් තිබුණා. පරණ ඒවවත් මං විසි කළේ නෑ. මම හුගාක් වෙලාවට කාමරේ උන්නෙ උඩ (ඉඟන්) උපන්න ගමන් තන් දෙක එළියෙ. දෙකයිනෙ අප්ප තිබුනෙ.......... ඉඟෙන්  උඩ බලන්න මම කන්නාඩි හයක් හයි කළා කාමරේ වටේට. නිදා ගත්තහම පේන්න ඇඳට උඩින් සීලිමෙත් එක්ක. තන්වලට සාත්තු කරල වැඩිකමටම මට හමේ ලෙඩක් හැදුනත් එක්ක......... එයාගෙන් සන්තෝශයක් ලැබුනෙ මගෙ ඉඟෙන් පහළ කොටසට විතරයි. ඉඟෙන්  ඉහළ දරා ගන්න බැරි අමාරුවක් මට තිබ්බා. මම ගොරෝසු රෙද්දකින් කොට්ට උරයක් මහල දාගෙන ඒක පපුවට තද කරන් එහෙ මෙහෙ පෙරලූනා. බොරුවට පොරකෑවා. පුතා හම්බ වුනාට පස්සෙ තමයි මගෙ ඇඟට සහනයක් ආවෙ. පුතාට දැන් දාසයයි. මං තාම කිරි දෙනවා. මං හිතන් ඉන්නෙ මං මැරෙනකං කිරි දෙන්න.............
එයා මැරුණෙ එයාට තිබ්බ අසනීපෙන්. ඒක මට කිව්වැහැකි... එයාට මගෙ කකුල් අස්සෙ මූන හංගගෙන නිදාගන්න පුරුද්දක් තිබ්බා............. පුතා පුරුදුවෙලා උන්නෙ මගෙ පපුව මැද්දෙ මූන ඔබාගෙන නිදා ගන්න.... එක්කො මං පුතාට නින්ද ගියාම එයා ලඟට යනවා. එක්කො එයාට නින්ද ගියාම පුතා ලඟට යනවා.............  අපි උන්නෙ එකම ගෙදර පැති දෙකක. හැමදාම අපිට හැඟීම් ඇති වුනේ එකට. ඒ වෙලාවට එක්කො එයා බෙල් එක ගහනව. එක්කො මම එයාගෙ පැත්තට යනව. චූටි දූ හැදුනෙ මුල ඉඳලම එයාගෙ පැත්තෙ. කිරි  ඕනෙ වුනාම කිරි වැරුවට පස්සෙ මං දූව දැක්කෙත් නැතිතරං......එයා මැරුණෙ එයාගෙ පුරුදුඅසනීපෙන්මයි. එදා පුතාට නින්ද ගියාම මං පුතාගෙ මූන කොට්ටෙ උඩින්- දෙපැත්තෙන් ගෙඩි දෙකක් තියෙන කොට්ටයක්  මං පුතාට වෙනමම හැදුවා. ඒක ඇඳ යට හංගල තිබ්බෙ- තියල එයා ලඟට ගියා. එයාට මගෙ කකුල් අස්සෙ මූන ඔබාගෙන නින්ද ගියා. මටත්........? මගෙ තන පුඩු කිති කැවෙනව හීනෙන් වගේ දැනිල මට ඇහැරුණා. මට යන්තමට වගේ නොපැහැදිලි සන්තෝශයක් දැනුනා එයාගෙ අසනීපෙ හොඳ වෙලා කියල දැනිල. ඔලූව උස්සල බලනකොට පුතා !............. පුතාට ඇහැරිලා මගෙ ලඟට ඇවිත් !........ පුතා මගෙ බ්ලවුස් එකේ බොත්තං හීන් සීරුවෙ ගලවල මගෙ තනපුඩක් උර උරා............  අනික ඇඟිල්ලෙන් කිති කවනවා. අරයැයිගෙ මූන මගෙ කකුල් අස්සෙ............. ජීවිතේ පළවෙනි වතාවට මගෙ ඉඟෙන් ඉහළයි ඉඟෙන් පහළයි එකපාර සතුටු කර ගන්න වෙලාව ඇවිත් කියල මට හිතුනා !.............. මැරෙනකං මට කවදාවත් ඒ වාසනාව නැහැ කියල මම හිත හදන් උන්නෙ.
ඒත් පාගගෙන හිටපුවා කකුල බුරුල් වෙච්ච ගමන් චිරිස් ගාල එළියට පැන්නා, හරියට ගෙඹි තඩියෙක් වගේ.............. නැත්තං කකුල තදවෙච්ච ගමන් ඇඟිලිකරු අස්සෙ මිරිකෙන ගූ බෙට්ට වගේ........... කකුල තදවුනාද, බුරුල් වුනාද කියල මං දන්නෑ.......... මම එයාගෙ ඔලූවෙ කෙස් අතරෙ ඇඟිලි යැව්වා. එයා ඇහැරුණා. ඇහැරෙනකොටම එයා දැනන් මගෙ හැඟීම් සේරම............. අපි දෙන්නම හැමදාම අපි දෙන්නගෙ හැඟීම් දැනං හිටියා............. එයාගෙ දිව බලූ දිවක් වගේ තොර තෝන්චියක් නැතුව  හති දාන්න ගත්තා.............. නගුල් සිය දාස් ගානකින් කෙළවරක් නැති කුඹුරු යායක් හානවා මම ඒ අතරෙ දැක්කා. අම්බරුවො පේලියක් ඒ ඉහත්තෙ තියන කමතෙ පිදුරු කොල දෙකක් මඩිනවා........... මම යටි පතුල්වලින් එයාගෙ එක තෙරපගෙන පොඩි කරමින් හිටියෙ. මගෙ අත පුතාගෙ ඇඟට යටවෙලා. පුතාගෙ එක උනුවට උනුවෙ තෙතට තෙතේ ගොම් බෙට්ට වගේ මගෙ අතේ වදිද්දි මට වමනෙ යන්න ආවත් මට අත ගන්න විදිහක් තිබුනෙ නෑ. හැමදාම මගෙ සුසුම් කෙඳිරිලි විලාපයක් වෙන තැනදි එයා නැගිටිනවා. මම එතකොට අනිත් පැත්ත හැරෙනවා............. පිට පැත්ත විතරක් ඇරපු ඇඳුමක් මට තිබුණා එයා ලඟට එද්දි. ඒත් මම එදා ඇඳුම මාරු කරල තිබ්බෙ නෑ. එදා මට එහෙම හැඟීමක් තිබ්බෙම නෑ.............. කොහොම වුනත් මගෙ විලාපය සුපුරුදු පරිදි නැගුනත් පුතා නිසා මට හැරෙන්න පුලූවන් කමක් තිබ්බෙ නෑ. එයා මගෙ විලාපෙට ඔලූව ඉස්සුවා. එයා අපි එකට ජීවත් වෙච්ච කාලෙදි මගෙ පපුව දැකපු පළමු වතාව ඒක................ එයා මැරුණෙ එහෙම. ඒක සමහරවිට කවදාහරි වෙන්න තිබ්බ එකක්............... OK ෂැල් අයි ගෝ නව්........... බායි..........!

මිනී එම්බාම් කරන්නකු මිතුරකුට කී කතාව
                ඊයෙ මිනිහෙක් ගෙනාව බං එම්බාම් කරන්න කවුද මහත්තයෙක්ගෙ............ මාර වැඬේනෙ..... අරක නෑනේ!......... අරක. අරක. ! මං දැක්කමයි...... මයිල් වකාරෙට........... තිබුනත් පේන්නැති ගානට. මං එහෙ මෙහෙ කරල බැලූවා........... මොකුත්ම නෑ............  තිබ්බ පාටක්කත් නෑ. ගෑනු එකක්කත් නෑ බං. මං බැලූවා. මොන ......පොන්න පාටක්වත් නෑ......... හුජ්ජ නං නොකර ඉන්න බැරුවෑ . මොකද  ඕක නැත්තං. ඒ යකා කසාදත් බැඳලනෙ............ මාර වැලේ අප්පා!....... එළකිරි ! නිකං ගැටයක් වගේ... පෙට්ටිය කැඩිලත් නැතිව ඇතිනෙ ඉතිං.... ෂඃ !.............. ගෑණි කොහොමද උන්නද මංදා  ඕක නැති එකෙක් එක්ක........ පිටින් කන්නැති !..... අපරාදෙ. අපි ඉන්න තිබුනෙ !............

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ සිංහල බෞද්ධ පොදු ජනතාවගේ හෙවත් අසල්වැසියන්ගේ නිගමන

01. ඕකි වේසි !... හොඳ කරන්න බැරි කුණු ලෙඩක්ලූ හැදිල තියෙන්නෙ. අනේ ............. අහිංසක මිනිහ! .... ගෑණිගෙ වේසකමට මිනිහ මැරුණා !..............
02.  ඕකී වේසි ! මොකක්දෝ වසක් දීලලූ කාලයක් තිස්සේ ටික ටික ........... හොයන්න බැරි වෙන්න මරන්න.
03. ඕකි වේසි !
04. වේසි!
05. පට්ට වේසි !
06. වේ ..............!
07.වේසි !
08. වේස බැල්ලි !
09. නොදකින් වේසි !
10.  ඕක ගොනා !
11. වේසි !
12. වේසි !
13. වේස බැල්ලි !
14. වේසියො !
15. වේසි ! හූනියං කරල මරා ගත්තා.
16. ඒක මහ වේෂ්ෂිබං.........  මාත් උස්සලා තියනවා.
17. දොස්තරලා කියන්නෙ මානසික ප‍්‍රශ්නයක් කියලලූ. දන්නවද ?........  ඒ ගෑණි නොටෝරියස් කේස් එකක්ලූ........ හරි වල් මෙයා !...... ඉතින් ඒ ගැන හිතල හිතලලූ ඒක හැදිල තියෙන්නෙ. හරියට බොනවලූ හිතේ අමාරුවට.
18. අපිත් ගෑණු වෙලා අපටත් ලැජ්ජයි මෙයා. මිනිස්සු අපි ගැනත් හිතන්නෙ ඔහොමනෙ මෙයා........ වල් ගෑණු.......... වේ............ සියො !
19.  ඕක ගොනා බං !  ඕකි චිත‍්‍රපටිවලත් ඇට් කරල තියනවා.  ඕකි වේසි !
20.ඔය මිනිහ කිසි රස්සාවක් කළා කියලෑ ඉතිං .ගෑණි වේස කමට බහින්න ඇති. වේසියො !
21. මිනිහම විකුණන්න ඇති. වේසියො !
23. මාර වැලේ නේ ? !.......... වේසිලූ ...... මළ ගෙවල් පැත්තෙ යමුද ?
23.‍ෙ+ව+ ි +ස+  ි
24. ‍ෙ+ව+ ් +ස+  ි
25. පුතා මේ මොකක්ද? ..... කොම්බුව.......... අල්වයන්න......... සියන්න.......... වේසි !
26. බුදු හාමුදුරුවන්ගෙකාලෙත් ඔහොම ගෑණු හිටියා. බුදු හාමුදුරුවො දවසක් තමන්ගෙ ගඳ කිලියට ආරාධනා කරල බණ කීවලූ. ඊට පස්සෙ පැවිදි වුණා. පැවිදි වෙලා වේසියන්ට බණ කිව්වලූ !
27. උපාසකම්මා... දානෙ ඉවර වෙලා හැන්දෑවක ආවාසෙ පැත්තෙ ආවනං !.... පන්සලේ ගොම ගාන්න නං නෑ, සිමින්ති දාලනෙ තියෙන්නෙ. නෑ ඉතිං මට පුලූවන් අම්බපාලි කතා වස්තුව කියල දෙන්න !
28. වෙසඟන
19. වෛශ්‍යාව
30. ගණිකාව
31. සතා
32. නගර ශෝභිනී
33. කාගෙත් සුන්දරී
34. දාර ගොනා
35.Prostitute
37.Prost
38.Street Walker
39. වීදි සරන ලඳ
39. වේස බඩුව
40. කෝම්බෙ
41. ( )


මියගිය තැනැත්තාගේ කුඩා දියණිය හා මව අතර ඇතිවූ සංවාදයක්
- මමා... තාත්ති එන්නැද්ද මමා ?
- නෑ දූ !  තාත්ති ආයි එන්නෑ.
-මං තාත්තිත් එක්ක තරහයි ............ අපි වෙන තාත්තියෙක් ගේමු !.............
-ඒ තාත්ති ඇර වෙන තාත්තිලා නෑ දූ !

ආගමික කටයුතු සිදු කළ මහා නායක හිමියන් දේශනා කළ නූතන ජාතක කතාව
                හැම දෙයක්ම සිදු වෙන්නෙ පූර්වයෙහි කළ කර්ම විපාක අනුව බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඌරු වැද්දාගේ කතාව මේ පින්වතුන් දන්නවා........... මා සිතන පරිදි මිය ගිය මේ උපාසක මහතා මින් පෙර ආත්මයෙහි දලඹු අත් බවක සිටයි මනුෂ්‍ය ආත්මයක් ලබා ඇත්තේ (අවමංගල සභාවේ නොසන්සුන් බව). බුදුන් වහන්සේත් එසේ වෙනත් තිරිසන් ආත්මවල ඉපදිලා තියෙනවා............  ගැහැණියක් තම කිරි දරුවාද රැගෙන ගමනක් යන අතර මිය ගිය උපාසක මහතා වාසය කල ගසයට ගිමන් පිණිස නැවතී දරුවාට කිරි දෙන විට උපාසක මහතා (දලඹුවා) දරුවා මතට වැටී ඒ විසෙන් දරුවා මිය ගොස් තිබෙනවා........... ඒ පාප කර්මය තමයි මේ ආත්මයේ අපේ මේ උපාසක මහතාට පඩිසන් දුන්නේ............. ඉතින් දැන් අපට කිරීමට ඇත්තේ මොහු ලබන ආත්මයේ වත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී වඩාත් හොඳ ආත්මයක ඉපදෙන ලෙස සිතාගෙන මහා සංඝයා විෂයෙහි දාන මානාදියෙන් කටයුතු කොට ඒ පින් පෙත් මියගිය උපාසක මහතාට අනුමෝදන් කිරීමයි........... සාදු කියන්න........ දැන් අනිච්චාවත සංඛාරා ගාථාව කියන්න.

පුවත්පතකින්
අසාත්මිකතාව පිළිබඳව අප නොදන්නා කරුණු රැසක් මින් හෙළිදරව් කර ගැනීමට හැකි වෙතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

අටලොස් වියේදී සසුන් ගතවූ තෙරනමකගේ උදානයකින්
පිය හා පුතු වූ අප දෙදෙනා
මගේම මව් වූ එක ගැහැණියහට
සමාන පතියන් වීමු.
ඒ බැව් සිහිවී හිරිකිතයෙන්
පැවිදිව සසුනෙහි බවුන් වඩමි දැන් !

මියගිය තැනැත්තාගේ මරණීය සිතුවිල්ල
අනේ දෙයියනේ ඊලඟ ආත්මෙවත් මට මෙහෙම ලෙඩක් නැතිව, මේ ආත්මෙටත් එක්ක ඇති පදං තන් බලන්න ලැබුනොත් .............!

ගන්ධබ්බ ආත්මය සිය වෘතයේ සයවැනි දිනදී සිතූ සිතුවිලි
තව එක දවසයි මගෙ පුනර්භවයට..... තාම බැරි වුනානෙ දීපයයි, දේශයයි නිනව් කර ගන්න.
කාලය - මවගේ පියවුරු උඩුබැලියන්ව පිම්බී තෙරපෙන කාලය
කුලය - මධ්‍ය පයෝධර කුලය.
මව - අනලස්ව, හොඳින් තන් දෙක නඩත්තු කරන මවක්.
එකම ආත්මෙදි ඇයි දීප දෙකකයි, දේශ දෙකකයි ඉපදෙන්න බැරි ? .......... මං අහන්නෙ ඇයි ?...............

1996.06.30.