Sunday, July 29, 2012

ලක්ෂපති- විනෝදාශ්වාදන සංස්කෘතියේ ලාංකීය පාප්වරයා




ජනප‍්‍රිය කලාවේ පාප්වරයා ලෙස විරුදාවලියට පත් ඇන්ඩි වර්හෝල් ඝාතනය කෙරිණි. ලාංකීය   විනෝදාශ්වාදන සංස්කෘතියේ පාප්වර නිමල් ලක්ෂපති ආරච්චි හදිසි හෘදයාබාධයකින් මරණයට පත්විය.

වර්හෝල්ගේ මරණයට යම් අරුතක් තිබිණි. එහෙත් නිමල්ගේ මරණයට අරුතක් නොවීය. මන්ද තමා විසින් පාවාඩ එලූ සියල්ල පාවිච්චි කර වීසි කරන පාරිභෝගික සංස්කෘතිය ඔහුවද පාවිච්චි කර වීසි කර දමනු ඇතැයි නිමල් නොසිතූ බැවිනි. ඒ වන විට ඔහුගේ පුද්ගල විශ්වය තුළ හැර නිමල්ගේ ජීවිතයටද අන් අරුතක් නොවූ බැවිනි.

සිරස නාලිකාව උච්චස්ථානයෙහි පවතිද්දී මෙන්ම නිර්මාණාත්මකව පුරෝගාමී මෙහෙවරක් ඉටු කරද්දී ඔහු එන්ටර්ටේනින් බිස්නස්, එන්ටර්ටේනින් කල්චර් , එන්ටර්ටේනින් ඉන්ඩස්ටි‍්‍ර වැනි වදන් වැහැරුවේ දයාන් ජයතිලක රෙජිස් ඩෙබ්‍රෙ , පොලිටිකෝ ඞී මිලිටරි යන වදන් උසුරවන ලද ආකාරයේම උජාරුවෙන් හා ගරු ගාම්භීර ගතියෙන් යුතුවය. ප‍්‍රගීත් එක්නැලිගොඩ උත්ප‍්‍රාසාත්මකව සිනාසෙමින් නිතර කීපරිදි පොලිටිකෝ ඞී මිලිටරි අන්තිමේ පොලිටිකෝ ඞී රොබරි බවට පත්ව අවසන් විය. එතැනින් පටන් ගත් ලාංකීය නාගරික සටන්කාමීත්වයේ උපන්ගෙයි මියයාම මොල සෙනෙවිරත්න ඇතුළු පිරිසේ smsයුගයේ ගරිල්ලා ව්‍යාපාරයේ ඉරණම නොදැන කළ අද බාල ක‍්‍රියාකාරිත්වයන් විසින් මුදුන් පත් කොට ලාංකීය තරුණ කැරලිකාරිත්වයේ සිතියම Google Map ඉදිරියේ හකුලා පසෙක දමනු ලැබීය. එතැන් සිට ජාතිවාදී දේශපාලනයේ පාන අල්ලන්නන් බවට ජවිපෙද නැරඹුම්කාමීන් බවට අනෙක් සැවොමද පත් වූහ. දයාන් පේ‍්‍රමදාසට හිතවත්ව කටයුතු කළ සමයේ දිනක් ඔහු පැවසුවේ ලාංකීය ධනේශ්වර සංවර්ධනය පේ‍්‍රමදාස යටතේ ඉතා විකෘති ආකාරයෙන් සිදුවන බවය. එය අපට බලා සිටීමට බැරි තරම් ජුගුප්සාජනක වුව ඒ මිස අන් මගක් මේ මොහොතේ නොමැති වගය. ප‍්‍රගීත් විටෙක සුපුරුදු හිකි හිකි සිනාවෙන් කීවේ ‘මූ නං ප්‍රේමදාස ලගට ගිහින් තියෙන්නෙ ඇත්තටම විප්ලවය කරන්නද කොහෙද මූ දෙන්නෙම දිරවා ගන්න බැරි ලණුනෙ’ කියාය. නිමල් ලක්ෂපතිටද විනෝදාශ්වාදන සංස්කෘතිය ගැන දයාන්ට මෙන් විවිධ කතාන්දර තිබිණි.

නිමල් සිය විද්‍යුත් මාධ්‍ය ජීවිතය පටන් ගත්තේ ගුවන් විදුලි සංස්ථාවෙනි. ගුවන් විදුලියේදී ඔහු විසින් නිෂ්පාදනය කළ වේදිකාව වැඩසටහන නාට්‍ය කලාව අරභයා මෙතෙක් සම්පාදනය කෙරුණු ඉතා නිර්මාණාත්මකම වැඩසටහන විය. නිමල්ගේ කටහඩ ඊට අපූරු මානයක් එක් කළේ තිස්ස අබේසේකරගේ කටහඩ සිනමා ප‍්‍රචාරක දැන්වීම්වලට එක් කළ මානය හෝ සුනිලා අබේසේකරගේ කටහඩ මාස්ටර්ගේ සංගීතයට නව මානයක් එක් කළපරිද්දෙනි. එවන් ශාස්ත‍්‍රීය වැඩ සටහනක් සම්පාදනය කළ නිමල් තිලක් ජයරත්න විසින් ගෙනා ගුවන් විදුලි සංකල්පය කොට්ට උරයක් මෙන් කන පිට හැරවූ ආකාරය පුදුමාකාරය. තිලක් ජයරත්න සහ සුනිල් විජේසිරිවර්ධන ඉහළ සිට පහළට දේවල් සම්පේ‍්‍රෂණය කරන ගුවන් විදුලි මාධ්‍යයක් වෙනුවටපහළ සිට ඉහළටද දේවල් සම්පේ‍්‍රෂනය කෙරෙන ශ‍්‍රාවක කේන්ද්‍රීය ගුවන් විදුලියක් පිළිබද සිහින දුටුවෝය. මහවැලි ප‍්‍රජා ගුවන් විදුලිය , ඌව ප‍්‍රජා ගුවන් විදුලිය  වැනි ව්‍යාපෘති දියත් කෙරුණේ මේ අනුවය. මෙය පැරණි සම්ප‍්‍රදායික බ්‍රෝඞ්කාස්ටින් සංකල්පය වෙනුවට නැරෝකාස්ටින් සංකල්පයක් ක‍්‍රියාවට නැංවීමක් විය. මෙයට අපූරු පීඨිකාවක් බවට FM තාක්ෂණය පත් වීමට හැකියාව තිබිණි. විනෝදාශ්වාදන සංස්කෘතියේ වේරම්භ වාතය පාරිභෝගික ධනවාදයේ කඩ වීදියක් බවට පත් මේ අමුතු ඇටයද ආක‍්‍රමණය කරමින් තිබිණීි. මෙහිදී තිලක් සහ සුනිල් සිහිනෙන්වත්  මේ ළිඳ ළඟ සංගම් එෆ් එම් සංස්කෘතියක් උපකල්පනය කළේ නැත.


මහරාජා ආයතනයේ අලෙවි නියෝජිතයකු ලෙස ඔහු විවිධ නිෂ්පාදන ප‍්‍රවර්ධනය කරන්නට දත කෑවේය. ඒ හරියට දැන් ආතක් පාතක් නැති මුත් ටයි දාගෙන අව්වේ වේලි වේලී වතුර බිබී ගෙන් ගෙට යන මෙන්ම පාර අයිනේ මදුරු නාශක පිති තියාගෙන බැඞ්මින්ටන් කෙලින පාරදිගේහි චන්දරේලා පරිදිමය. අන්තිමේ පීවීසී පයිප්ප සහ උපාංග ප‍්‍රවර්ධනය කිරීමේ කොන්ත‍්‍රාත්තුවකින් නිමල්ගේ බමරය වැල්ලේ කැරකුනේය. නිමල්ගේ පමණක් නොවේ සුදර්ශියේ නාට්‍ය නැතුව වේලි වේලී සිටි බොහෝ දෙනෙකුගේ පින එසේ පීවීසී මුල්ලේ විය. වෙළද භාණ්ඩ ප‍්‍රවර්ධනය උදෙසා රෝඞ් ෂෝ ප‍්‍රචාරණය නිමල් පීවීසී තුළින් කරළියට ගෙනාවේය.

සිරස FM නාලිකාව සදහා පාර කැපෙන්නේ එසේය. නොබෝ කලකින් සිරස ටීවී සමග බලන්නට වැඩසටහනක් නැතිනම් බලන මෙන්ම තෝරා ගත් වැඩසටහනක් බලන තත්වයේ තිබූ එම් ටීවී නාලිකාව මෙන්ම රාජ්‍ය නාලිකා සංස්කෘතිය පසෙක ලමින් නව රූපවාහිනී සංස්කෘතියක් හදුන්වා දෙනු ලැබිණි. ආරම්භයේදී මීට න්‍යායික ආශීර්වාදය සුදර්ශිය හරහා වූ සම්බන්ධීකරණයන් ඔස්සේ නිහාල් , සිරිමල් මෙන්ම දීප්තිගෙන්ද සැපයිණි.

ආන්තීකරණය කළ වේලි වේලී උන් බොහෝ දෙනෙකුන්ගේ නිර්මාණාත්මකභාවයන් ගැබ් කොට ගනිමින් සිරස ගුවන් විදුලිය මෙන්ම රූපවාහිනියද මෙරට මාධ්‍ය සංස්කෘතියේ නවතම පිටුවක් පෙරළීය. සැබැවින්ම නිමල් එහිදී ඓතිහාසික මෙන්ම නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. අදටත් නිමල් කළ දෙයින් එහාට පිම්මක් ගන්නට නොහැකිව සියලූ විද්‍යුත් මාධ්‍ය වමාරා පමණක් නොව පහර පහරා කමින් සිටී. නිමල් විසින් ගෙනා මාධ්‍ය ගෝල බාලයන් බොහෝ නාලිකාවල අධිපතියන්ව සිටිති. සිරස රූපවාහිනියේ අලෙවිකාරකයන් නාලිකා අධිපතියන් මෙන්ම හිමිකරුවන්ව සිටිති.

අනෙකුන්ට පමණක් නොව ඉන් එහා යමක් නිමල්ටද කර ගන්නට බැරිවිය. ජාත්‍යන්තර ධනවාදයේ දස අවතාරයන්ගෙන් එකක් වන විනෝදාශ්වාදන සංස්කෘතිය ඇමරිකානු මෙනු පොජ්ජේ ඉන්දියානු පොටෝකොපියේත් පොටෝ කොපියක්ව ලොප් විණි. එයට ජේ ආර් ජයවර්ධනගේ සිංගප්පූරුවට වූ සන්තෑසියම සිදු විණි.
බි‍්‍රතාන්‍ය මාධ්‍ය විචාරකයකු FM යන්න වර නැගූයේ ෆියුනරල් ඔෆ් මීඩියා යනුවෙනි. ඇමරිකානුවන් රූපවාහිනිය හදුන්වන්නේ මෝඩයාගේ පෙට්ටිය යන අරුතැති BOOB TUBE යන වදනිනි. සිනමා විචාරක රුඩෝල්ප් ආන්හයිම් රූපවාහිනිය වෙළදපලට නිකුත් කරන්නටත් පෙරම එක් අනාවැකියක් පළ කළේය. එනම් ‘ලෝකයම කාමරයක් තුළට එනු ඇත. සිතන සිත්නවතිනු ඇත. ලියන අත් නවතිනු ඇත.’  යනුවෙනි. 
ගුවන්ගත වීමට පෙර ජෝතිපාලගේ මුල් කවරයක් සිනමාපුවත්පතක කවරයට යෙදීමට විරුද්ධව සංස්කාරකවරයා සමග පරසක්වල ගැසූ එක්තරා ඇමතියකු ගුවනින් බසින විට ජෝතිපාල දිවංගතවී තිබිණි. ගුවන්ගතව ආපිට ආඇමති දිවංගත ජෝතිපාලගේ අවමගුල තුළින් කනත්තෙන් සොයාගත් මේ ජනප‍්‍රිය සංස්කෘතිය ඉන්පසු අපගේ කුලකයට රැගෙන ආයේ රොහාන් පෙරේරාය. ඉන් පසුව ඒ මිනී පෙට්ටිය කරට ගත්තේ අප මිත‍්‍ර නිහාල් පීරිස්ය. නිමල් ලක්ෂපති විසින් රට පුරා රැගෙන යන්නේ මේ මිනී පෙට්ටියය.

කුඩා කල සිට ජෝතිපාල , නිහාල් නෙල්සන් පමණක් නොව මිල්ටන්ලා ක්ලැරන්ස්ලාද නයාට අදුකොල මෙන් වූ මා අපේ කුලකයට රොහාන් විසින් රැගෙන ආ මේ මිනී පෙට්ටියට කර නොගැසුවත් එය බහුත්වවාදයට , ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩදීමක් යැයි සිතා නිහඩ වූයෙමි. එහි සමාජ විද්‍යාත්මක පැත්ත සොයන්නට පෙළඹුනෙමි. සාහිත්‍යය කන්නදැයි අසමින් පටන් ගත් බඩ සහ කෑම ප‍්‍රධාන කර ගත් අද දොස්තර පෝලිම්වල ලගින්නන්ගේ මෙන්ම දරුවන්ට වයස හතලිහේ පනහේ මිනිසුන්ට සැදෙන රෝග උරුම කොට දෙන්නන්ගේ ගෑනුන් මිචෙලින් බබාලා මෙන් ටයර් අට්ටි බවට පත්කරන්නන්ගේ මේ කුජීතු සංස්කෘතිය කෑමෙන් පසු තෙල බස්සා ගන්නට සදන ෆැන්ටසි සම්පාදනයක් විය. 

අජිත් තිලකසේන නමැති පේන කියන්නා පාරදිගේ තුළින් ලාංකීය සමාජය ගැන පේන කී පරිදිම ඒ.ඞී.රංජිත් කුමාර සමග කළ විනෝදයයි වින්දනයයි සාකච්ඡාව තුළ මෙම තත්වය ගැනද පේනකියයි.නවලිය සිනමා අතිරේකය සදහා පරාක‍්‍රම සිල්වා සමග සාකච්ඡාවකට මමත් ජායාරූප ශිල්පියා වූ මගේ පාසල් මිතුරු චන්න දේශප‍්‍රියත් 80 දශකයේ දිනෙක ගිය විට පරාක‍්‍රම අවධාරණය කළේ මෙය දැන් රටක් නොව බඩු ගෙනත් විකුණන්නට තබා ඇති කඩයක් පමණක් බවය. පරාක‍්‍රම ඒ කඩ සංස්කෘතිය තුළ මුළු ගැන්නී ගියේය. අජිත්ගේ මෙන්ම පරාක‍්‍රමගේ ප‍්‍රකාශන නූතනවාදය තුළ සිරවී ඇතැයි අපිද පසුව පශ්චාත් නූතනවාදය කටේ ගාගත් පසු කී බව ඇත්තය. එහෙත් සම්භාව්‍ය සංස්කෘතික උරුමයකින් තොරව ආන්තීකරණය කළ ජනප‍්‍රියවාදයට ඇති ඉදිරි ගමනක් නැත. එවැන්නකට හඩක් දීම ඔලූව හැදීමෙන් තොරව, පද්ධතිය වෙනස් කිරීමෙන් තොරව ආන්තීකරණය කළ කවර කණ්ඩායමකට හෝ ඉඩ දීම තුළින් වන විනාශයම කැදවාගෙන එයි. මෙය ආන්තීකරණිත සමාජ කණ්ඩායම්වලින් පැමිණිය වුන් නිසා පාර්ලිමේන්තුවට සිදුවී ඇති අසංස්කෘතිකකරණයමගින් මොනවට පිළිබිඹු වේ. ජනප‍්‍රිය සංස්කෘතිය න්‍යායගතව සෞන්දර්්‍යවේදයක් බවට පත් රටවල ඒ සිදු වූයේ සම්භාව්‍ය සංස්කෘතිය බිද නොවැටෙන තරම් ප‍්‍රබලව නැගී සිටින තත්වයකදීය. 
ස්ත‍්‍රීවාදය ලිංගික නිදහස වැනි අපවිසින් පොළොවට ගෙනෙන්නට පාවාඩ එලූ බොහෝ දේ සම්බන්ධ තත්ත්වය එයයි. ස්ත‍්‍රීවාදයේ හිස්ටීරියානු ස්වභාවය පසෙක වේවා එහි ෙඓතිහාසික උරුමය සහ ජයග‍්‍රහණ සියල්ල ධනවාදී වෙළදපල විසින් කොල්ල කනු ලැබිනි. දීප්ති නිවැරදිව ප‍්‍රවාද ගත කළ ආකාරයට පශ්චාත් ස්ත‍්‍රීවාදී නංගියකු දැන් අප ඉදිරියේ සිටී. වාමාංශිකයකු ඇසුරු කරනවාට වඩා ලිබරල් වුන් ඇසුරු කිරීම සිතට සනීපය. ස්ත‍්‍රීවාදිනියක ඇසුරු කරන විට මෙන් මේ පශ්චාත් නූතන නංගියලා ඇසුරු කරන විට ඇග රිදෙන්නේ නැත. ස්ත‍්‍රීවාදිනියකගෙන් විය හැක්කේ තුවාලයක් සිදු වීම නම් මේ නංගියලාගෙන් අන්තිමට වන්නේ කටු ගොඩක් පමණක් බවට පත්ව ඉතිරි වීමය. අනෙක් අතින් සමලිංගිකත්වය සදහා නිදහස පිලිබද සටන් පාඨයද අද වන විට අපචාරයක් බවට පත්ව ඇති සමලිංගිකත්වයේ වසංගතය හමුවේ කෙතෙක්දුරට වලංගුද ? අලෙවිකරණය සදහා පුරුෂ සමලිංගිකයන් බදවා ගැනීම ස්ත‍්‍රී සේවාදායකයින්ගේ වසගයට පිළිතුරක් ලෙස දුටු අලෙවිකරණ සහ ප‍්‍රචාරණ සමාගම් දිගින් දිගටම පුරුෂ සමලිංගිකයන් බදවා ගත්හ. මෙසේම ස්ත‍්‍රී සමලිංගිකාවියන්ද බදවා ගන්නා ලදී . මෙමගින් ප‍්‍රචාරණ කලාවට පිවිසි සමලිංගික මුද්‍ර‍්‍රාව මේ වන විට මුහුදු හත තරණය කොට මෙහිද කඩා වැදී තිබේ . විවාහ අනුපාතය ටිකෙන් ටික අඩුවේ. නීතිය ඉදිරියේ කෙසේ වුව නංගියලා කතරගම ගොස් මුදු මාරු කොට දෙවියන් ඉදිරියේ සමලිංගික විවාහ සිදු කර ගනිති. ඇතැම් නංගියලා ස්ත‍්‍රීන්ට අයත් ආයතන තම දිවෙන් පාලනය කරති.

ජාත්‍යන්තර ධනවාදයේ තවත් අවතාරයක් වන මානව හිමිකම් , මාධ්‍ය නිදහස , ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය වැනි ගෙදර ගියොත් අඹු නහී මග හිටියොත් තෝ නහී කාරණා නිසා ගෙදරත් නොයා බඩගින්නේ මැරෙන්නට සිතහදා ගන්නට හිතක් පපුවක් ඇත්තන්ට සිදුවේ. කෙසේ හෝ මානවීයත්වය යදම්වලින් නිදහස් කරන සියල්ලක්ම දැලි පිහියෙන් කිරි කෑමක් බවට පත්ව තිබේ. ජනප‍්‍රිය සංස්කෘතියද එසේමය. 
ජනප‍්‍රිය සංස්කෘතිය සදහා ණයට ගන්නට මෙහි තිබුනේ සම්භාව්‍ය පරපුරෙන් උගත් සහ ප‍්‍රගුණ කළ උරුමයය. ඒ උරුමය වෙළදපල හමුවේ බඩගින්න ඉදිරියේ වාෂ්පවී යාමත් සමග දුන්න දුනුගමුවේ වලිප්පු ටෝක් අහවර වෙමින් තිබිණි. ඒ සමග ජනප‍්‍රිය සංස්කෘතිය පැරණි දෙවිවරුන් වෙනුවට පාවිච්චි කර ඉවත දමන තාවකාලික සුරුවම් සහිත හුදු විනෝදාශ්වාදන සංස්කෘතියක් බවට පත් විණි. 
නිමල් මේ තුළ නිර්මාණාත්මක සංකල්ප දියත් කළ බව ඇත්තකි. නයිට් ටයිම් ටීවී මෙන්ම සිරස රූපවාහිනියේ රාත‍්‍රී විකාශන ඇරඹීම පවා ඒ අතර විය. නයිට් ටයිම් ටීවී සදහා මමද පිටපත් රචකයකු ලෙස කටයුතු කළෙමි. පුංචිපැංචි සහ පුංචි පුවත්වැඩසටහනටත් වැඩිහිටියන්ට පමණයි වූ නයිට් ටයිම් ටීවී වැඩ සටහනටත් පිටපත් ලිවීමට මම සතියකට එක් දිනක් නාලිකාවට යාමට යොදාගෙන තිබිණි. දිනක් මා මා මිතුරු සංජය ඈපා සෙනෙවිරත්නත් සමග සිරසට යන විට තවත් බොහෝ දෙනෙකු පිරිවරා  කාර්යාලයේ දොරටුව ඉදිරියේ සිටි නිමල් ‘උඹලා යකෝ ජරාව ලිය ලියා රට ඉවර කරනවා’ යැයි මහ හඩින් පැවසූයේ සැබැවින්ම මිතුරු කමට කරන සරදමක් සේය. ‘ජරාව විකුණන එක රටට පුරුදු කළේ කවුද ඉතින් උඹ මිසක් ?’ මමද ඔහුගේ හඩ පරයා කීවෙමි. නිමල් අපහසුවට පත්වූ නමුත් සිනාසී සිගරට්ටුවක් දික් කළේය. එය ඉබ්බාගෙන් පිහාට්ටක් ලැබීමක් බදු විය.
කෙසේ හෝ නිමල් මිය ගොසිනි. ජේ ආර්ද මිය ගොසිනි . ඔවුන් විසින් වැළලූ හූනියම මේ පොළොවේ තවමත් තිබේ .එය තවත් බොහෝ කලක් එසේම පවතිනු ඇත. සමහර විට එය කිසිදා ගොඩලන්නට බැරි වනු ඇත. නිමල් මෙන්ම ජේආර්ද ජාත්‍යන්තර ධනවාදයේ කට්ටාඩියාටගේ ආවතේව කරන කොට්ටෝරුවන් පමණක් විය . හූනියම් වලලන්නේද ගොඩලන්නේද ඒරොප්පේ කට්ටාඩියන්ට   ඕනෑ විදිහටය.

කෙසේ හෝ මේ විකිණීමේ කලාව තුළ ඒ සියල්ල නිමල්ටවත් සන්නස්ගලටවත් පද්මකුමාරටවත් දමා අත සෝදා ගන්නට කිසිදු පිලාත් කෙනෙකුට බැරිය. මේ තුළ තමන් වෙත ඇගිලි හතරක් යොමු කරගෙන ඔවුනට ඇගිල්ල දිගු කරන උදවිය පුරා වස්තුද සංස්කෘතියද ශාන්ත ජෝන්ගෙ මාලූ කඬේ මෙන් විකුණන සැටි දකින විට සිතෙන්නේ එකකි. කුහුඹු පානි මුදලාලියකු හෝ සක්කරවර්ති මුදලාලියකු වනවාට වඩා ලක්ෂපති කෙනෙකු වීම බෝධිසත්ව ආත්මයක් ලැබීමකි. එකම ගැටලූව ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියා එකට කෑවත් බොක්ක වෙනස් වුන් කෝචොක් දැමීමය. රුවන් ෆර්ඩිනන්ඞ්ස් ගැන ලියන ත‍්‍රිමාන වෙබ් අඩවියේ මිතුරන් දෙදෙනා සහ වලසාගේ කතාවේ නව අනුවාදය මට සිහි වේ. 
අපායට ගොස් වෙරලූත් දුරියනුත් කඩා ගෙන ආ නායකයන් දෙදෙනාගේ කතාව අවසන් වශයෙන් සිහිපත් කරන්නට මට ඉඩ දෙන්න. ඇඞ්වර්ටයිසින් සහ මීඩියා ගොබිලන් සදහා වෙන්වූ අපායට නිමල් මෙන්ම  මාද මරණින් මතු යන්නට ඉඩ තිබේ. මා නම් කවදත් තෝරා ගන්නේ වෙරලූ වගේ පුංචි ඒවාය. කොහොමටත් මට දුරියන් අරහංය. නිමල්ද කෙසේ හෝ වෙරලූ තෝරතැයි මම සිතමි. එහෙත් කුහුඹුවන් දුරියන් තෝරා ගන්නා බව නිසැකය. එවිට වෙරලූවල වේදනාව පසෙක ලා නිමල්ටත් මටත් එකට සිනාසිය හැක.



Thursday, July 19, 2012

හුඹහෙන් ඇදෙන සිතුවිලි






හුඹහින් ඇදුනු මම හුඹහ දෙස ආපිට හැරී බැලීමි . වසර හතලිස් නවයක් පරණ මගේ හැව හුඹස් කටේ රැදී තිබේ . මම ඒ ආරම්මණයට ගෙන එතැන සිට බවුන් වඩන්නට ගතිමි. බඩ ගානා කුර ගානා සියල්ලෝ මට සිනාසෙන්නට වන්හ. කුණ්ඩලිනී ශක්තිය එක්තැන් කර ගන්නට ගිය මට වූයේ හරිම හරි අකරතැබ්බයකි. වලිග කොනට වෙර දී නැගී සිටිනා සද මගේ සිරුර තුන් කුදුව ගියේය. හුඹහින් එළියට එන සද මගේ අද නෙත්වලට ගිනි බිදින්නාක් මෙන් කඩන් පැන්න ඉර දෙවියන්ගේ පිහිටෙන් , දැන් ඊට පිටුපා සිටින මට තුනේ ඉලක්කම මෙන් තුන් කුදුව ගිය මගේ හෙවනැල්ලේ ඡායා මාත‍්‍රය මගේ අන්ධ නෙතු කෙවෙනි අස්සෙන් මගේ දෘෂ්ටි විතානය මත පතිත වනු හදුනා ගත හැකි විණි . 


ඒ හාම තුන යන සංකල්පයද මගේ චිත්ත සන්තානයෙහි පිළිසිදියේය. 
තුන අපූරු ඉලක්කමකි . මන්ද යත් සියල්ල ඇරඹෙන්නේ පවතින්නේ මෙන්ම වැනසෙන්නේ තුනෙනි . දැන් මනුස් ආත්මය ලද පසුව මා හදුනා ගෙන ඇති පරිදි ශිව , විෂ්ණු ඊශ්වර සේමය . ඒ ගැන සිතන්නට ගනිත්ම මහා ගාලගෝට්ටියක් ඇසෙන්නට වන. කුර ගානා බඩ ගානා සතුන් සක්වල ඒක ගර්ජනා කරන්නා වූ වාදයක පැටලී හුන්හ. ඒ මදිවාට අහල දොල පාරේ හුන් මසුන්ද ඊට පැටලී සිටියහ. කිරලෙක් ද , කපුටෙක්ද , කොහෙක්ද ආදි කොට තටු ගානා ඈයෝද ඊට පැටලෙන්නට ආහ. තුන් වලාමේ තුන් ඉලව්වේ කියා කොහේදෝ නිදා ගෙන සිටි බස්සෙක්ද ඊට හූමිටි තිබ්බේය . 
කන් දී බැලූ කොට ඒ ගොල්ලෝ කතා කළේද තුනක් ගැනය . 
ඒ තුනට ඒ ගොල්ලෝ කීවේ තිස් තුන් කෝටියක් නම්ය . මුලින්ම ඒ ගොල්ලෝ රණ්ඩු කළේ මේ තිස්තුන් කෝටිය තුනකට බස්සා ගන්නටය . අන්තිමේ හුඹහ ඉස්සරහට වී ඒ වචන තුන මගේ චර්ම පටහ පටලයට දැනෙන තෙක් බලා උන්නෙමි . තාත්තලා තුන් දෙනෙක් ගැන ඒ ගොල්ලෝ කතා කරන බව මට තේරුම් ගියේය. 
මම කැලේ අස්සට හක්කලංවී යන විට දැවැන්ත නාග රාජයෙක් මට මුලිච්චි විය . තමා අනන්ත නාග රාජයා බව කී ඔහු  මට කාල සර්ප යෝගය ලබා ඇති බව කීය. 
මම ඒ දැවැන්ත නාග රාජයාට ඉඩදී අන් අතකට ඇදුනෙමි . සම කීරි ගස්වන හඩකින් දැපනෙ වැටී ගිය මම අන්තිමේ අහිකුණ්ඨිකයකු යැයි මා බොහෝ කලකට පසුව සංකල්පීයව දැන හදුනා ගත් කෙනෙකු විසින් පෙට්ටියක දමා ගෙන බොහෝ කලකට පසුව මා එසේම හදුනා ගත් නගරයට ගෙනාවේය . මා මිනිසකු බවට පත් කළ තාපස උන්නාංසේද මට මුන ගැහෙන්නේ මේ මණ්ඩියේදීය . අහිකුණ්ඨිකයා මා නටවනු බලා සිටි තාපසයා කහපාට දිලිසෙන යකඩ පෙති මොනවාදෝ දී මාව ඉල්ලා ගත්තේය . ඊළගට මාව බිමින් තබා මොනවාදෝ හෙමිහිට කියන්නට විය . 
මා මීට පෙර ආත්ම දෙකක් ඇඹල පෝතකයකුව සිටි බවත් ඒ අතරතුරද ඇඹල ආත්මම පැතූ ඇඹල බිජු ලෙසම හුන් බවත් , එහෙත් ඊට පෙර මා මනුෂ්‍යයකුව හුන් බවත් හේ කීය . ඒ මනුෂ්‍යයාගේ වග කෙසේද යත් ලේඛක නමින් හැදින්වූ බඩ රස්සාවක් කොට දිවි රැක ගත් වගත් , එහෙත් ඒ රස්සාවට සාප කරමින් ඉන් නිපැයූ පොත් නමැති දෑටද සාප කරමින් සිටි හෙයින් මිය පරලොව ගොස් ඒ පොත් අතරෙහිම ඇඹලයකුව ඉපිද පැනි හැලිවලට ලොබ බැදි බවත් උන් වහන්සේ කීය . ඒ අතර පැනි හැලිය සිදී ගොස් මා එතනින් ගිය වැලහින්නකගේ පයට ඇඹලයකුසේ පොඩි පට්ටම්ව ගොස් සර්පයකුව උපන් බවත් තමාට හමු වූයේ එකල්හි බවත් විස්තර කළේය . ඇඹල ආත්ම දෙකට පෙර මිනිසකුව සිටියදීද අනෙක් මිනිසුන් මා සර්පයකු ලෙස හදුන්වා ඇතැයිද තාපසයා තවදු කීය . 
යළි මා මනුෂ්‍යාත්මභාවයකට පැමිණ වූයේ ඒ තාපසයා විසිනි . අනන්ත නාග රාජයා අසල මා තබා මගේ කුදු බවද මේ ලොවෙහි කුදු බවද පෙන්වූයේ එතුමාය . ඒ සමගම මා පුනරුත්පත්තිය ලදුව අනන්ත නාග රාජයා පුරුක් දෙකක් බඩගාද්දී කරදඩු උස්ව ගියෙමි . 
මේ ආත්මයේ මා ජීවිකාව පෙර ආත්මයක සදිසිවම ලේඛනය බව එසැණින් පසක් කළෙමි . 
එහෙත් නව උත්පත්තියකට වෙනස්ව මෙය ඇඹල ආත්ම දෙකකට සහ ඇඹල බිජු ආත්ම දෙකකට පෙර ගෙවූ මිනිස් ආත්මයම විය . ඒ සංසාර පුරුදු සියල්ල මට නිරායාසයෙන්ම පිහිටි වැනිය . මිනිසුන්ද මා පිළිගත්තේ මා ඊට පෙර පටන් ලේඛකයකු සේය . මා ලියන ලද පොත් ගැනත් ඔවුන් කතා කළෝය . එහෙත් ඔවුන් වැඩිපුර කතා කළේ මා නොලියන ලද පොත් ගැනය . 


ඉතින් දැන් පෙර ආත්ම ගැන , පෙර ආත්මවල කරුම ගැන අමතක කොට ඔන්න ඔහේ ලේඛකයෙක් හැටියටම මැරෙනාතුරු ඉන්නවා යැයි මට නිකමට සිතුණි . ඉතින් එහෙම සිතා ලේඛකයකු හැටියට පිරිය යුතු වතාවත් පුරන්නටද පටන් ගතිමි . පොත් කඩ ගානේ ඇවිද ගියෙමි . පත්තර ගානේ ඇවිද ගියෙමි . ප‍්‍රකාශකයන් ගානේ ඇවිද ගියෙමි. විචාරකයන්ගේ දේශන අහන්නටද ගියෙමි . සම්මාන උළෙලවල් ගානේ ඇවිද්දෙමි . ඉස්කෝලවල විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශ අස්සේ බඩ ගෑවෙමි . 
අවසානයේ වටහා ගතිමි . 
සියල්ල පවතින්නේ තුන නිසාය .
සියල්ල පවතින්නේ තුන හැටියටය. 
සියල්ල අහවර වන්නේද තුන හැටියටය.
ඉතින් මා දන්නා එකම දෙය වන පොත් වලටද ඒ පොදුය . 
අපේ රටේ පොත් වර්ග තුනකි . මා ගුහාවෙන් එළියට එන විට ඇසුණු ගාල ගෝට්ටියෙන් අහුලා ගත් වචන තුන ඊට අලවන්නට මට සිතුණි . එසේ ඇලවූ විට පොත් වර්ගද තුනකි . 
සංකේතීය පොත් .
පරිකල්පනීය පොත් 
යථා පොත් 


සංකේතීය පොත් අර ගාලගෝට්ටියේදී කියවුණු තාත්තලාගෙන් කෙනෙකු වන සංකේතීය තාත්තා වැනිය . ඒවා රජුන්ගේ පිළි ගැනීමට ලක් වේ . පඩුරු පාක්කුඩම් ලබයි . ඒවා අනෙක් අතට රජුන්වද පිළි ගනී. තක්සලාවල ඉගැන්වේ . ඒ නිසා හැමෝම ඒ පොත් ගැන දනී . රජා මෙන්ම සිහසුනින් බැස ගිය පසු කිසිවකු ඒ පොත් මතක් නොකරයි . 
පරිකල්පනීය පොත් අම්මෙකු වාගේය . ඒවා නීති නොදමයි . ඒවා පිළි ගැනෙන්නේ අම්මා මෙන් තාත්තා නැති තැනය . නැති විටය . එහෙත් ජීවිතයේ හැලහැප්පීම්වලින් අපව ආරක්ෂා කරන්නේ අප සිත් පිරිමදින්නේ මේවාය . 
යථා පොත් අරින් යථා  තාත්තා වැනිය . නීති කඩමින් නීති දමයි . කකුලූවා මෙන් පැත්තටම යමින් පැටවුන්ට කෙළින් යන්නට කියයි. ඉස්කෝලයක් පලාතට මේවා වැද්ද ගන්නේ නැත. එහෙත් ඉස්කෝලවල ඩෙස් උඩ නොව යටින් හැමදාම කියෙව්වොත් කියවන්නේ මේවාය .
කුණ්ඩලිනී ශක්තිය ඒකරාශී කර ගන්නට ගොස් තුන් කුදුව ගිය කොන්ද මට සිහිවේ . හුඹහෙන් එළියට එන විට ඇසුණු ගාලගෝට්ටිය මට සිහිවේ . කොහොම වුනත් තුන ඉතාමත්ම වැදගත් වේ .





Sunday, May 13, 2012

අහසත් පොලවත් වෙන්කල නොහැකිය



කිදුරිය මුහුදු පත්ලේ සිට දිය කද දෙබෑ කරගෙන උඩට ඇදෙන්නට වී. තම හිස මිරිච්චමි කරනුව තරම් වු පීඩනය පත්ලේ දමා ආ කලෙක මෙන් කෙමෙන් අවරෝහණය වන හැටි ඇයට දැණින. ඉර දවස පුරා උරා බිබී ලේ වමාරගෙන මුහුදට පැන මෙසේ වෙස් මාරු කර ගන්නා අතර බූවලු වේශයෙන් මතුව පොලෝ තලය හැමදාමත් සැනසිල්ලේ හුස්මක් කටක් ගන්නට හිතාගෙන මෙසේ උඩට මතුවෙයි.

ජලය මෙගා ටොන් දහස් ගණනකුත්, සම්පීඩිත ඒවායින් නොවුවත් වායු මෙගා ටොන් එපමණම ගණනකුත් සිරුර මත .බා දවස පුරා ඔසවාගෙන හිදිමෙන් වු වෙහෙස නිවා ගන්නට එන අතර ඈට හැමදාමත් අසංචේය වු නා නා ප්‍රණින් හමුවෙයි. ඔවුන් හුස්ම ගන්නා විට පිටවන අංගාරිකම්ල බුබුලු නංවා සැමදාමත් ඇගේ දෙකන් පසු කර ඇදී ගියේ චාල්ස් ඩාවින් යන ඕම් කාරයෙකිනි.

එවිට හෝඩි පොතක පිටු පෙරලී ගොස් ක්ෂුද්‍රමය වු හඩක් ඈ දෙසවනට රිංගා ගනී. බොහෝ විට ඒක සෛලිකයෙකු පරීක්ෂා කරන අල්ගේ දොස්තෙරෙකුගේ හඩකි. ඒ " ආ.......... කියන්න, ආ..............., දිව......, දිව දික්කරන්නඃ මුහුදු ගුහාවක් අසල සිටින මන්ත්‍රකාරියකගේ හඩ මුහුදු පත්ලේ වැදී ඒ හාම දෝංකාර දෙයි. "දැන් ඔබ ටිකෙන් ටික අතීතයට යනවා. දැන් ඔබ..............."

සයුරු තලයට මතට වැටී තිබූ සදේ පිළිබිඹුවට මුහුදු පත්ලේ සිට යැවෙන අජටාකාශ විමනක් ගුවන් ගත වීමට ආසන්න බව කියමින් සමුද්‍ර ජීවියකුගේ කටහඩ ඒ මරා ගෙන මොහොතින් නැගෙයි.

10      9      8       7      6      5      4      3      2      1      0

රොකට්ටුව දැල්වී ගුවන් ගත වන හඩ මැකී ගිය සැණින් නැවත ඇසෙන්නේ මායාකාරියගේ කට හඩමය.

"දැන් ඔබ ඉන්නේ අතීතයේ................ දැන් ඔබ................."

එකල්හී සමුදුරු පත්ලෙහි අවකාදනයව තිබූ ස්ථිර එකිනෙක විනිවිද දහසක් පාෂාණභූත ධාතූන් අතරට ඇගේ ඇහි බබුන් කුරුමානම් පෙත්තකට මෙන් මෑනෙයි.

                      ________________________________________


කිදුරියට අගක් මුලක් වටහා ගන්නට නොහුණු පොසිල සාක්කිකරුවාගේ කතාව :

තමාගේ අවසාන හුස්ම පොද පිටවු පසු තම මෘත දේහය අනන්ත අමරීමාන වු අනකාශය හරහා නොනවත්වා චලනය වන සැටි හිරු නිතර නිතර සිහිනෙන් දුටුවේය. තමාගේ අවසන් හුස්ම පොද මහීගේ නිරක්ෂය වෙත වැටෙන අවසන් එළිය පොදද කිවී ගිය පසු සිය දූ පුතුන් මහීගේ සිරුර ගිල ගන්නා ග්ලැසියර තට්ටු යට පොසිලයන් බවට පත් වෙනු ඇතැයි සිතව්වට හෝ බිය විය. එබැවින් හේ සිය දරුවන් රුදුරු වද වේදනාවන්ට ලක් කරන්නට විණ.

මරණීය වේදනාව මග හැර සංචරණය වන හැටි හේ ඇමීබා පැටවුන්ට කියා දුනී. මගහැර යා නොහැකි තරමට මරණිය වේදනාව මිස අන්යමක් නොවු තැන් මවා ප්‍රතිරෝධී ආවරණ ලබා දුනී. කන්නට බොන්නට මුව ලගට නොදී අතීන් තබා ගාත් සතරක්ද උඩින් එල්වා තබා දික් වු බෙල්ලක්ද ලබා දුනි.
පියාගෙන් දරුවන්ට ලැබුණු දරුණු දඩුවම කුසගින්නය. දැඩි නියගයකින් මහීගේ සිරුර ඉරි තැලී ගියේය. ඇගේ නීල සළුව රඹ පැහැ වන තෙක් වියැකී දුපුතුන් ඔහුගේ ඇස් ඉදිරිපිටම සාගින්නෙන් මරුමුවට වන්හ. කුසගින්න බෙදා හදා ගන්නට උනුන් මරා ගත්හ. ඩයිනෝසරයන් සේ තමන්ට ලු බිජු ගිල දමා අඩි පාරක්වත් නොතබාම අතුරුදහන් වී ගියහ. නුවණක්කාර පුත්‍රයා වු තල්මසා මුහුදට රූටා ගති. ගස් උඩින් බිමට බැහැගත් උන් නිතරම සූදූ පොලෙන් ගියේ හිස් අතිනි. මෝඩකම නිසා මුහුදට රූටන්නටවත් ඔවුනට කල්පනාවක් නොවී. ඔවුන් කල එකම නුවණක්කාරකම කකුල් දෙකෙන් සිට ගැනීම පමණි. ගලක් අතට ගැනීම ම පමණි. තල්මස්සු මුහුදට වී දැහැන් ගතව බවුන් වඩද්දී දූදූ පොලේ උන් දූ පුතුන්ගෙන් දිනුවන් තමන් වැදූ මන හා සසගෙහී යෙදී ඇගේ කන්‍යා පටලය සුණු විසුණු කලහ. බිම්මල් කූඩයට තණ පෙත්තන් නිදා වැටෙන, ගැඩවිල් පසින් මිහිතලය හැඩ වැඩ වී තිබු, මීදුමානය කපාගෙන වට අරුණලු පිණි බිදු උරා බොන, සිසිල් ප්‍රණිත පිවිතුරු වාතය ආශාවෙන්ද තෘප්තියෙන්ද යුතුව පෙනහළු තුලට රිංගන උදයක පෙරලුණු පස්කැට ලෙයින් තෙත බරිත වී තිබිණි.

හෝමෝ සේපියන්ස් සේපියන්ස් යනුවෙන් පසු කලෙක තුමුවම හදුන්වා ගන්නට වු මේ දූ පුතුන් එදා සිට තවමත් සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසා තුමු කුස දරා උන්නා වුද, සිටින්නා වුද මැණීයන් දමග රමණයෙහි යෙදෙමින් ඇගේ කත්‍යා පටලය මොහොතින් මොහොත ඉරා දමමින් සිටී.

සූදූව නැතිවී යාමට පටන් ගත්තේ එදා සිටය. සූදූව නැතිවී යාම විසින්ම ඒ නැතිවී යාම ඇණ හිට සූදූව නැව ඇති කරන්නට යෙදුනේ එදා සිටය. එවන් සෑම විටකම පොරකටු අග්ගිස්වලින් මස් වැදලි එල්ලුනු බව්ද උනුන් කාගෙන යාමෙන් උනුන්ගේ වලිග කැබලි පමණක් පණ අදිමින් දැගලු බැවිද අනතුරුව ගලා ගිය ලේ ගංගාවකින් වැට කොටු ගසාගෙන ගොස් නැවත සූදූව වඩා වේගයෙන්ද පමණික්ද අතුරුදහන් වන්නට වු බැව් ද ඇතැම්හු කියති.

පසු කලෙක මව හා සසගෙහි යෙදී   සිය දෑත් කිළිටි කර ගන්නට අකමැති වුවෝ තල්මසුන්ගේ අඩිපාර දිගේ මුහුදට බඩ ගා ගත්හ. පසු කලෙක දියකිදුරන් සේ පරිනාමය වුයේ ඔවුහුය. ඔවුනට දෑත් සෝදා අත්වැසුම් වලින් වසා තබා ගන්නට හැකි වුයේ එතුවක් රමණයෙහී යෙදී දෑත් කිළිටි කොට ගත් මුතුන් මිත්තන් නිසා යැයිද ඔවුනට එසේ යන්නට සිදු වුයේ අනුන්ගේ රමණය උදෙසාම යැයිද ඔවුන් එසේ ගිය දා සිට රමණයෙහී යෙදෙන්නන්ට ශ්‍රෝණි තෙරපීමේ වඩ වඩාත් ත්ව්ර කරන්නට ද සුක්ෂමාන්විත කරන්නට ද හැකි වී යැයි ද, පොළව පලා මතු වු අට්ටාල උඩ සිට අත් වෙනුවට තිබු මඩු වලිග වලින් තලමින් පොළවේ සිටි වුන් පොළව හා සසගෙහි යෙදවු උනුන් සසගෙහි සිටියවුනුත් අතර මුහුදු පත්ල හරහා දිවෙන දුරකතන කේබල් දිය කිදුරන් සිය වාසස්ථානය කරගෙන සිටින්නේ යැයිද කියවේ.



                                        _____________

රළ තරෙහි අගෑදී වෙරළට පාවී එන කිදුරිය සැමදා ගොඩබිම දෙස නෙත් දල්වා සිටියි. එවිට දවස පුරා අධික වු පීඩනයකින් හෙම්බත්ව හුන්නා වු ඇගේ උඩුකරයහි කෙල සුවහස් ජීව පරමාණූ සැනසිල්ලේ ප්‍රභාසංස්ලේෂණයෙහි යෙදෙයි. ඈ කිසිදු විටක සිය ඉගටිය දියෙන් ඉහළට නොගන්නට පරිස්සම් වී. ඉගෙන් පහළ දියෙන් නිරාවරණය වු කවර හෝ මොහොතක පීඩන අවපාතයකින් පුපුරායාමේ තර්ජනයකට සෑම කින්නර වංශිකයෙකුම මුහුණ පා උන්නේ වී.

කින්නර වංශිකයන් වන තමන් මැරතන් පථයක් උනුන් දිවි ඔට්ටු අල්ලමින් තරග දුවන දුටු දා සිට කිදුරිය ගිලන් වුවාය. දැඩි පීඩන උත්පාතයක් සමග නැගෙන්නා වු පිළී ගදින් ඇගේ ඇතුනු බහන් කැකෑරී කැකෑරී දැඩි ඔක්කාරයක් මතු විණ. ඈ ඉඩ ලද සෑම විටම මව් කිදුරියට හොරා මැරතන් පථයෙන් කට්ටි පැන වෙරළට විත් ගොඩබිම දෙස නෙත් දල්වන්නට වුයේ අනතුරුවය. එසේ සිටින විට ඈට තමා කිදුරියක් බවද තමා සිටින්නේ ගොඩබිමේ නොව මුහුදෙහි බවද අමතකව යයි. ඉගෙන් යට දියෙන් මෑත් කරන්නට යාම ඈට තුමු කිදුරියක් බව සිහිපත් කරන්නට වු නිසා ඈ ඉන්පසු එසේ කරන්නට උත්සහා නොකළාය. තමා කිදුරියක් නොවනා බවද තමා සිටින්නේ ගොඩබිමේ යැයි තුමු සිතාගෙන සිටින බවද ඈට අමතක වුවාය. මව් කිදුරිය අසල නැති විටදී ඈ ‍බොහෝ විට මැරතන් පථයේ අයිනක මුදු හත්තක් හෝ හයිඩ්‍රිල්ලා ගහක් යටට වී අහස දිහා බලාගෙන, නැත්නම් දෑස් පියාගෙන සද විනිවිද වෙරළට ඈ සිතූ පරිදි නම් ගොඩබිමට ආවාය. මව් කිදුරිය අහල පහල සිටිනු දුටු විටදී හෝ කින්නර වංශික ප්‍රවේණි කල්ෂණ උඩ මතු වු විටදී හෝ ඈ මැරතන් පථයට පය ගසා ගත්තත් එය ඔහේ හැල්මේ දිවුමකට වැඩි යමක් නොවී.

දිනක් වෙරළේ සිට ගොඩබිම දෙස බලාගෙන සිටින විට - සිතින් ගොඩබිමේ සිටින ඇයට පියාඹන මිනිසෙකු හමු විණි. වියලි කොළ ඇතිරිල්ලක් සුළගින් හැකිළි ගියේය. පොළව මත මෙසේ ලියා තිබිණි.

අහා!....... ජිවිතය
මුණ ගස්සවන්නේ නුඹ
හමුවිය යුත්තන්
ආශ්වාද ජනක වු ලෙස ද
කෙතරම් නම්.....!

පියාඹන මිනිසාගේ පපුවෙහි වු ඉස්කුරුප්පු ඇනයක් බුරුල්ව බිම වැටුණු සැණින් හදවත විවර වී එතුලින් සිනමා පටල පන්දුවක් වෙරළේ වු කුඩා ගල් තලයක් මතට වැටී රෝල් වි යන්නට විය. ගසක් දිගේ බඩ ගාන වැලක් සේ ඉන් එළීයට ආ සේයා පටලය උඩට ඇදෙන්නට වී තරුවකින් එළිය කදම්භයක් ගලාවුත් සේයා පටයේ රාමුවක් මතට වැටිණ. තප්පරෙන් විසිහතෙන් පංගුවක විරාමයකින් යුතුව එළිය ගලා එන්නට වුයේ තරුව හරහා වළාකුලක් සරඹ කරන්නට වු හෙයිනි.


ඔහු සිනමා මාධ්‍යයෙන් කල අතීතාවලෝකනයේ සංක්ෂිප්ත සාහිත්‍යමය ඌනනය :

මවගේ කන්‍යා පටලය ඉරා දමමින් සිටි පුතෙකුට දාව මහීගේ දුවක් විසින් ප්‍රසව කරන ලද්දෙකි හේ. ඔවුන්ගේ වාසස්ථානය වුයේ මහ පොළවයි. පිට හරහා වැදෙන මඩු වලිග පහරින් දරා ගන්නට බැරි වු මහීගේ දූ පුතුන්ගෙන් ඇතැමුන් තමන් තල් මස්සු බඩ ගා ගෙන ගිය අඩි පාර දිගේ මුහුදට රූටනවා හීනෙන් දැක්කා. පමණ ඉක්මවා මෙවුන්ද මෙහි යෙදීමෙන් ඇතිවන ඒකාකාරීත්වයත් යාන්ත්‍රිකත්වයත් නිසා අලුත් ඉරියව්වකින් සංසර්ගය පටන් ගන්න ඕන උනත් මඩු වලිග පහර ඔවුනට ඒ ගැන හිතන්නට දුන්නේ නැහැ. (ඒත් කවදා හරි ඒ ගැන හිතවන්නෙත් ඒ පාරම කියලයි ඔහු පසු බිම් කථනයෙදී කිව්වේ.මඩු වලිග කාරයේ ලැගලා හිටි‍ය අට්ටාලෙ පොළව බලාගෙන එතනින් මතුවෙච්ච එකක් නෙමෙයි අහසින් වැටිච්ච එකක් කියලත් කිව්වා)

ඔහු තල්මසුන්ගේ අඩිපාර දිගේ මුහුදට ඉඩගාන අතරේ පොළවෙන් මතු වෙච්ච පතොක් යායක ඔහුව අතරමං වෙලා. පතොක් කටු ඇනිලා උඩ පැන පැන ඉන්න කොට ආපු සුළි සුළගකට අහුවෙලා ඔහුව අහසට විසි වුණා. ආපහු ආපු සුළගකට ඔහුව අජටාකාශෙටම විසිවෙලා. එදා ඉදන් හුගක් කාලයක් ඔහු ඉදලා තියෙන්නේ අජටාකාශෙ පාවී පාවී. ඒ අතරේ ඔහුගේ උරිස් දෙකෙන් ආකේයොප් ටෙරිකාස්ට වගේ පුංචි තටු දෙකක් පරිනාමය වෙලා. ස්පේස් ෂටල් එක ආපහු පොළවට එන ගමනකදී දැකලා ඒකේ දාගෙන තමයි ඔහුව ආපහු පොළවට ගෙනාවේ.

පොළවට ගෙනාවට ඔහුගේ කකුල් පොළවේ වැදුනෙම නෑ. හරියට ආම්ස්ට්‍රෝන් හදට බැස්ස වෙලාවේ වගේ. ඔහු පාරේ ඇවිදින කොට කවුදෝ දවසක් ගලක් ගැහුවම කකුල අල්ලන් උඩ පැන්න විතරමයි ඒ එක්කම ආපු වා සුළියකට අහුවෙලා ඔහුව ගහන් ගියා. සුළගට එහෙට මෙහෙට විසි වෙවි ඉන්න අතරේ තමයි ඔහුගේ අත්තටු දෙක පෘතුවියේ පීඩනයට ප්‍රතිරෝධි වෙනකං පරිනාමේ වුනේ. ඒ සමපාත වීමත් එක්ක ඔහු සුළි සුළගක් මැද්දෙන් වුනත් අනිත් පැත්තට පියාඹගෙන යන්න පුළුවන් තරමට හැඩ ගැහුනා. එත් හිටපු ගමන් මොනා වෙනවද කිවලා හිතා ගන්න බැරි විදිහට ඔහු පුංචි සුළං පාරටත් හැම තැනම ගහන් යනවා. තමන් හිතලා නොකළත් ඒ හැම වාරයක්ම ඔහු දැක්කේ ප්‍රොයිඩ්ට කොඩිය ඉස්සීමක් හැටියට. ඔහු පොළව දැකලා තියෙනවා එකේක කෝණ වලින්.

දුර රූප:
අජටාකාශයේදී අංශක 65 උස් ඇල කෝණයෙන්
අයන් ගෝලයේදී අංශක 90 උස් වු කෝණෙන්

සමීප රූප:
පොළව උඩ පාවී පාවී යද්දී ඇස් මට්ටමේ එකේක කෝණ වලින්

මධ්‍යම රූප:
වෙරළේ ඉදන් එකේක ජාතියෙ ඇස් මට්ටමේ කෝණ වලින්

ස්පේස් ෂටල් එකේදී රේඩියෝ දුරේක්ෂයෙ යුහුමු කාචෙන් තියන සේරම කෝණ වලින් සමීප කර කර දුරස්ථ කර කර.

ඔහු හැම තිස්සෙම හීනෙන් දෙඩෙව්වේ පොළවේ අනිත් පැත්ත පෙරලන්න, කොහෙද ඉන්නවයි කියන මකරෙක් මරන්න, තාප්ප, කම්බි වැටවල් කඩන්න ඕන කිය කියා.

ස්පෙස් ෂටල් එකෙන් බැහැපු වෙලාවෙ කකුල් පොළවෙ ගැවුනේ නැත්තේ කකුල් හා පොලව අතර ධ්‍රැවීය නිකර්ශණය නිසා කියලා ඔහු කිව්වෙ. තමන් ඔළුවෙන් හිට ගත්තොත් ධ්‍රැවීය ආකර්ශණයක් ඇති වුනත් ඔහු කැමති වුනේ නෑ ඔලුවෙන් හිටන් ඉන්න. පොළව අනිත් පැත්ත පෙරලලා හදා ගන්න ආකර්ෂණය මිසක් වෙන එකක් සදාකාලික නැහැ කියලා ඔහු කිව්වා. ඔහු පොළවෙන් අහසට ගිය කාලෙ දූදූව නැතී වේගන ගියත් දැන් දූදූව නැතිවෙන එක අතුරුදහන් වෙලා ආයි දූදූව ඇතිවේගන එන බව ඔහු දැකලා තියෙනවා ස්පේස් ෂටල් එකේදී.

පොර කටු අග්ගිස්වල මස් වැදලි එල්ලෙනවා. එක එකා කා ගෙන එක එකාගේ නැටි කෑලි විතරක් පණ ඇද ඇද දගලනවා.

අහස් වියනට ප්‍රක්ෂේපණය වෙච්ච අතීතාවලෝකනයෙ ඔහු අත් දෙකෙන් මුණ වහං කර ගන්න රූප රාමුවක්. ඒක ඡේදනය වුණේ රතුපාට වර්ණ පෙරණයකින් රූප ගත වෙච්ච ඔහුගේ සිහින ජවනිකාවකට ඒක ස්පේස් ෂටල් එකේ කවුළුවෙන් කැමරාව මානන් හිටිද්දී ගත්ත ඔහුගේ දෘෂ්ඨි කේන්ද්‍රස්ථ දැක්මක්.

ලේ ගංගාවක් ගලාගෙන ගලාගෙන ගලාගෙන ඇවිත් පොළව උඩ තිබිච්ච තාප්ප කඩලා බිදලා දාගෙන, හිටෝලා තිබිච්ච වැට කඩොලු ගලෝගෙන සේරමත් එක්ක වාෂ්ප වෙලා ගිහිල්ලා ඉර රතු පාට වුණා. ඊලග ඉරේ හයිවෙලා තිබිච්ච තාප්ප වැට කඩුලු දිහෑට අභියෝග කරන්න වගේ අත් ගොඩක් අහසට ඉස්සුනා.

සංසර්ගයේම විකිරණ හැටියට කිදුරියත් පියාඹන මිනිසාත් අතර කෙරුණු සංවාද දෙකක් - ඔවුන් කරන ලද අනෙකුත් සංවාද කතුවරයා අතින් සුළගට ගොස් නැති වී මේ අතරටම එක් වී ඇත. (බලධරයා විසින් කලා නොදමන ලද එත් එහි පාලනය හා අනු දැණුම යටතේ කෙරුණු)

කිදුරිය (A) මර්සෝලට මේ වගෙ අට්ටාල උඩ ඉන්න බැහැ.

පියාඹන මිනිසා (B) - මේ වගේ අට්ටාල උඩ ඉන්න බැරි නිසා තමයි උන්නත් උන්නේ නැතිව වාගෙ හින්දා තමයි මර්සෝලා උපදින්නේ

A   - මර්සෝලට කහ ඉරෙන් පාර පනින්න බැහැලු නේද?

B   - ඇෂ්ට්‍රේ වලට අලු දාන්නත් බැහැ.

A   - අම්මා ඉස්සර වගේ මගේ පස්සෙන්මයි හරියට ඩාවීනියානු ගැටිත්ත වගේ

B  - උදුම්බරාවක් නොවුනත් ගර්භාෂෙයි පැලෝපීල නාලෙයි තියාගෙන හැබෑ මර්සෝ කෙනෙක් වෙන්න බැහැ. අඩු ගාණේ මේ වගේ අවජාතක අට්ටාලයක් උඩ බැහැ

A   - මම කවදාවත්ම ඔට්ටු තාන් කරලා නැහැ. හැංගිමුත්තන් කෙලලවත් නෑ. අඩුගානේ සෙල්ලං ගෙවල් දාලවත් නැහැ. අම්මලා වත්තේ වැටක් බැදලා තිබුණද කියලා මතක නෑ මම මිදුලටවත් බැස්සේ නැති නිසා. බැස්සේ නැත්තේ බහින්න හිතුන්නේ නැති නිසා, නැත්තං මිදුලක් කියලා එකක් තියෙනවද කියලවත් දැනං නොහිටපු නිසා. අම්මගේ ඔඩොක්කුවේම තමයි මට ගේයි මිදුලයි දෙකම. ඒ විතරක් නෙවෙයි මුලු මහත් පෘථුවියත් අම්මගේ ඇස් දෙක, කන්, නාහේ, කම්මුල්, තන්දෙක (විශේෂයි) තමයි ඉර හද තාරකා සමස්ත විශ්වයම. වටේ වායුව සමනය කරලා තවාන් දාපු ඕකිඩ් පැලයක් මම අම්මා ලග.

- මිදුල වටේම වැටක් බැන්දේ නැති වුනාට අම්මා ඔයාගේ මස්තිස්කේ බාහිකේට ඇතුලෙන් වැටක් බැදලා තිබිලා. වැට හිරකාරගේ වටේ ගැහුවත් ඇතුලේ ගැහුවත් දෙකම එකයි. අතුලේ ගැහුවම හයිය වැඩියි. දම්වැල් වලින් බැදලා නොතිබ්බට මුදෝපු කිරෙන් (තන කිරෙන්) ඊටත් වඩා ඊටත් ඊටත් ඊටත් වඩා හයියට බැදලා තිබිලා.

A   - අම්මා හෙලුවැල්ල හු.... හු..... කියන හින්දා මම කක්කිකරද්දිවත් ජංගිය ගැලෙව්වේ නැහැ.

B   - ඔයා ටීක් ගහන්නවත් රැලට වැටුන් නැති හින්දා තමයි හෝමෝසාපියන්ස්ලා ගලදී ඔයාගේ කකුල් පැටලෙන්නේ. දිවේ කෙන්ඩා පෙරලෙන්නෙත්. උභයවේගී චර්යා. (ඔයාට නැහැ අග්‍රේෂයන්ට වගේ රැල වැසි ඉව) ඔයාගෙ මොලේ වයර් මාරු වෙලා, පැටලිලා, නියුරස්තීනියාවට වගේ. සාපියන්ස්ලා ලගදී ඔයා හිනා වෙනකොටත් පෙන්නේ විරිත්තනවා වගේ. අඩනකොට හිනා වෙනවා වගේ. ඔයා මානව දයාවෙන් කුටීර හතරම පුරෝගෙන බැලුම් හෙලද්දී පේන්නේ බුම්මනවා වගේ වයර් මාරු වෙලා බාහිකේ. ඔයා ඇතුලෙන් වෙනස් වෙනවා, පිට පිට වගේමයි. සාන්ධාරයේ ප්‍රතික්‍රියා බාහිර ස්වරූපයෙන් ප්‍රක්ෂේපනය වෙන්නේ නැහැ. නිර්චර්යා ප්‍රතිදාන ආකෘතිය හා අන්තර්ගතය අතර විසංවාදයක්.

A   - මගේ කදුළු කාටවත් තිබහට බොන්න පුවවන්ද? සුසුම් වලට ඇගේ දාඩියවත් නිවෙනවද? හෝමෝසාපියන්ලා කියනවා මගේ මුන කිරිගරුඩලු. කරණිකා කෝෂිකා ආග්නේයලු. මට ග්ලසිරින් දාලා පුරුද්දක් නැහැ ඇස් වලට.

B   - වෙස් මුනු නැතිව මොකුත්ම බැහැ. ග්ලිසරීන් නැතිව මොකුත්ම බැහැ. වෙස්මුනු හැබෑ මැනු වගේ හබෑ මුනු වෙස් මුනු වගේ
ඔයාට පිළි ගද දැනෙන්නයි ඔක්කාරයට එන්නයි පටන් ගත්තේ මැරතන් දුවනවා දැක්ක දවසේ උනාට එකේ රෝග බිජේ පුංචි කාලේම ඔයාගේ ලේ වලට රිංගලා. නැත්නම් කවදාවත් ඔයාට ඔයා ඉන්නේ මැරතන් දුව දුවා කියලවත් දකින්න හම්බවෙන්නේ නෑ.

A   - ඔයා මගේ අයියා වෙන්න. මට නංගි කියන්න කවුරුත් නැති නිසා.

B   - හා............... ඔයා මගේ නංගි වෙන්න, මට ෂර්ට් හෝදල දෙන්න කවුරුත් නැති නිසා. මට කොන්ඩ කරල් දෙකෙන් ඇදලා පිටට ගහලා දුවන්න කවුරුත් නැති නිසා.

A   - හා

B   - හා
A   - හා.... හා.... හා.......

B   - හා................. හා....................... හා......................

A - හා............................. හා........................ හා........................... හා.....................

B   - හෝමෝන් වෑහිච්ච වෙලාවට මේ මෑණියෝය මේ නැගිණියෝය කියලා වෙනසක් නැති වුනාට කමක් නැත්නං හා.

A   - ඔයා කැමතිද එහෙනම් මාව නංගි කර ගන්න

B   - හා............. ආසයි. මං ආසයි. මම ආසාවෙන් උන්නෙ ඔයා වගේ චුටික්කියෙක් තරං නංගියෙක්ට. මට ඒ දොල දුක ඇතිවුණේ ඉස්සර අපිත් එක්ක එකට නාට්‍යක උන්න චුටික්කියෙක් වගේ නංගියෙක් දැකලා. ඒ නංගිත් මගේ නංගි වුනා. අදටත්. මං ආසයි සිනී බෝල කන්න. ඔට්ටුතාං කරන්න. නංගි විතරක් නෙමේ ලිංගික විපර්යාසයක් නොවනතාක් ඔයාට මගෙ ඔක්කොමල්ලා වෙන්න පුලුවන්. ඔයා මගේ නංගි වෙන්න. අක්කා වෙන්න. ගෑණු දරුවනන් වෙන්න. ඔයා මගේ බිරිද වෙන්න. අම්මා වෙන්න. අම්මා වෙන්න කලින් ප්‍රොයිඩ්ව මතක නැති කරන්න. හැබැයි ආච්චි වෙන්න නම් එපා. අනේ කීයටවත් එපා. රැලි ගැහුණාම තන් වලින් වැඩක් නැහැ.
ඊටත් මට නාකී පේන්න බෑ. ලෙඩ්ඩු. මට හිතෙනවා බෙල්ල මිරිකන්න කහින කොට. ෂ්......... ෂ්........ මානව දයාවට ඇහුනද දන්නෑ...... ඇහුනට මොකෝ......  ඩොස්ටොවුස්කි කියල තියෙන්නේ එහෙනම් මානව සංහතියටම මානව දයාව දක්වන්න පුලුවන්ය, එත් එක මානවයෙක් එක්ක එක රැයක් එක කාමරේ නිදා ගන්න බැහැ කියලා. (මානවිකාවෝ එක්ක පුලුවන් ඇති) තව.............තව.................තව........................ ඔයා මගේ දූ වෙන්න...... ආ මගේ දු ඩිංග. දු ආසද තාත්ති සැවුල් කොට අතුල්ලනවට මුනෙ. කිති.... කිති............ කිති............................ කිති........................... කෑවයි........ බංඩිය පිරුනයි......... ජෝ බීවයි..... හු....... හු....... හෙලු බැල්ලී හු................ හු................. ආහා කෝ මේ ජංගිය ඇදගන්න. අහා.... ප්‍රොයිඩ් ආවොත් මේ පාර ඉලෙක්ට්‍රා සංකිර්ණෙ සොයා ගන්නේ අපි අතරෙන්. ජංගිය ඇදගන්න අම්මා ඉදියි ප්‍රොයිඩිට සාක්කියට ආ.............. අම්මත් ඔයානෙ. ඒ හින්දා කමක් නෑ. ප්‍රොයිඩ්ට යන එන මං නෑ. හූ........ හු................. අම්මත් ඔයා දූ ත් ඔයා............... තව..... තව.................. තව................ ඔයා මගේ මිනිබිරී වෙන්න. එත් මට බෑ සීයා වෙන්න. මට බෑ නාකී වෙන්න. බෑ කිව්වොත් බෑ....... මං කැමති නෑ.... නාකින්ට..... හැක්...... හුහ්..... හුහ්...... ලොඹු කටින් හැහ්.... හැහ්.... හැහ්..... මට බෑ නාකී වෙන්න. එත් ඔයා මගේ මිනිබිරී වෙන්න. මම සීයා වෙන්න කලින් මාව සානුකම්පිත ඝාතනේට යටත් කරන්න. අපි පටන් ගමු ගංකාවෙන්. කෞවුර් වගේ........ මී මිනිබිරී වුනාට වැඩක් නෑ එතකොට මම පස් නෙමේ ගිනි වතුරෙ වෛද්‍ය විද්‍යාලෙ.

මම උපන්නේ ගර්භාෂයකින් මිසක් අම්මෙක්ගෙන් නෙමේ නිසා ඒ කියන්නේ තාත්තා සංසර්ගේ යෙදිලා තියෙන්නේ යෝනියක් එක්ක මිසක් ගෑණියෙක් එක්ක නෙමේ නිසා මම තාම අම්මව හොයනවා. හොයද්දී හොයද්දී මට හම්බවුණේ ඔයා ලග ඉදලා. ඔයා අම්ම වෙනව බලන්න ආස හිතුනම මම සිගරට් පැකට් එකක්ම ගන්නවා. පැයකට එක ගානේ එක එක අරන් බිව්වට ඔයා අම්මා වෙන්නෑ. ඒ වුනාට පැකට් එකක් අරං විනාඩියට දෙක ගානේ බොනකොට ඔයා අම්මා වෙනවා.ඔයා සපත්නිරෝෂයෙන් දැවී දැවී මගෙ මගේ ආදර නිකොටින්ව තොල් දෙකෙන් උදුරලා විසි කරනවා. ඊට පස්සේ ඔයයි මායි දෙන්නම පොරකනවා. මම අහුලන්න, ඔයා පාගන්න. ඔයා එක්කෝ පැකට් එක පිටින්ම උදුරන් බෑග් එදේ දා ගන්නවා. මට නිකොටින් වල අවශ්‍යතාවයක් කොහෙත්ම නොතිබුණත් මම කිටියා පුරු පුරු ගගා ඇගේ ඇතිල්ලෙනවා වගේ, පොඩි එකෙක් තනේ ඉල්ල ඉල්ල අඩනවා වගේ ඇගිරී ගාද්දී ඔයා අම්මා වෙලා මල්කූර කෝට්ටක් අරන් මගේ තට්ටමට ගහනවා. රිදෙන්න නෙමෙයි. ආදරේට (අම්මා උනත් තට්ටමට ගහන එක ලිංගිකව අර්ථ නිරූපණය කරතෑකි) ඈගිරි ගෑවිල්ල නැවැත්තුවාට පස්සේ ඔයා දුක හිතිලා සලාකා ක්‍රමයට එකක්, එකම එක, එකම එක අම්ලකර සිලින්ඩරයක් දෙනවා. එක කටකින් බොන්න පුළුවන් එකක් වුනාට මම තව තව ඉල්ලනවා. සාක්කුව හිල් වෙලා වැට අස්සෙන් අත දාන්න බැරි වුනාම මම ඔයාව හම්බවෙන්න එනවා ෂර්ට් එක උඩින දාගෙන, පපුවේ බොත්තමත් ඇරගෙන, කොන්ඩේ පීරලා ඉවර වෙලා පස්සේ ආයි අවුල් කරගෙන. ඔන්න ඔයා අම්මා වෙනවා.

"ෂර්ට් එක යට කරන්න. මප්ලර් එක වගේ උඩ බොත්තමත් දාන්න. කොන්ඩේ පීරන්න."

එයා අම්මා.... මම ඔයාගේ පුතා. මට අම්මා හම්බවුනා. අම්මා කිව්වේ මම පරිනාමීය පුනර්කරණ අවදියේදී උන්නු ගර්භෂය අයිති එක්කෙනා නෙමෙයි. ගර්භාෂෙ පස්. අම්මා......... අම්මා...... හම්බවුණා. මගේ අම්මා ඔයා. ඔයා අඩු ගාණේ අඩි උස සෙරප්පු දෙකක් නැත්තං බොරු කකුල් දෙකක්, ඒ ඕනෙත් නැහැ පුටුවක් උඩ නැග්ගොත් නම් තත්වානූරූපී මායාවක් ඇතිවේවි බලං ඉන්න අයට.

- නෑ..නෑ..නෑ.. ඔයාට පුළුවන් කණ්නාඩිය ලගට ගිහින් තනියෙන් පුරුදු වෙන්න. ඔයාට නංගි වෙන්න පුළුවන්. ඔයා මගේ ෂර්ට් හෝදලා දෙන්න. ආ..... මෙන්න මේ කලිසමේ බොත්තමක් කැඩිලා හෙට එනකොට අල්ලන් එන්න.

A   - එපා එපා ගලවන්න එපා. වාඩි වෙන්න පිටි පස්සේ අයට පෙන්නේ නැහැ. පිස්සු නැතිව ඉන්න. ඔයා ගෙදර යන්නේ ආකිමිඩීස් වගේද එතකොට.

- ඔයාට මතක නෑ. ආකිමිඩීස් ගියේ හෙළුවෙන්. මතක නැද්ද යුරේකා කිය කියා. මම ජුන්ඩා වැහෙන් ඇදලා. ආකිමිඩීස් ගියේ හරි දිව්වේ හරි පයින්. මම යන්නෙත් නැහැ. දුවන්නෙත් නැහැ. හිටන් ඉන්නවා එක පයින්. නැත්නම් එකයි කාලෙන්. බස් එක යනවා ෆෝඩ්ගේ කාර් එක වගේ. තිවංක පිළිමේ වගේ.

A   - ඒ වුනාට එපා. අම්මා හිතයි ආදම්ට දැනටමත් මගේ දු ඩිංග ලොන්ඩරියක් වෙලාද කියලා

- ආ මගේ නංගි පොඩ්ඩ. මගේ දොල දුක. කොන්ඩේ පෝනි බදින්න එපා. එක ලිංගික ආරාධනාවක්.  කරල් දෙකට තනි කරලට එපා. එකත් ලිංගික සංඥාවක් කියලා කවුරුහරි හොයා ගන්න බැරි නෑ. ආ.... මගේ නංගි පොඩ්ඩ අයියට හායි එකක් දෙන්න. ග්ර්ර්ර්ර්..................... ග්‍රෝව්.................. ග්ර්.....................ර්ර්ර්ර....................ග්........ රෝ.............ව්..................... ග්................ දැන් මං මගේ නංගි පොඩ්ඩට හායි එකක් .................... ග්ර්.......... ර්ර් .......... ග්රෝ.................... ව්ව්ව් .............. ග්රෝ........... නෑ...... නෑ ....................................... මගේ න්ංගි පොඩ්.............................. විකුව් නෑ. හායි එකක් 10............. 9.................... 8..................... 7......................6............... 5...................... 4..................... 3........................... 2........................1 ........................0 ම්ගෙ දොල දුක්ක ආරක්ෂක පටිත් .ද කර ගන්න. ඔයා ගුරුත්වාකර්ඔණයෙන් මිදෙන්න, සද්හටම අජටාකාශෙ පාවී පාවී ඉන්න කැමතිද කියලවත් අහන්නැතුව සේවෙට ගිනි තිබ්බ එකට - තිබ්බා නෙමෙයි අත ඉබේටම ගියා....... අපි දැන් පැයට සැතපුම් 250000 ක ප්‍රවේගෙකට මුහුණ දෙන්නයි යන්නේ.

A ත් B අතර එකම නිහාරිකාවක් බවට පත් වෙලා. අනත්ත අප්‍රමාණ අජඨාකාශ හරහා නිරපේක්ෂි ලෙස චලනය වුණෘ. අයින්ස්ටයින් සාපේඛ්ෂවාදය හොයාගෙන තිබුණු නිසා A ත් B ත් දෙදෙනාම එකම පොදියට වැටුණා ඇද උඩට. වැටිලා රෝල් වෙලා රෝල් වෙලා ගියා A යි  Bයි දෙදෙනාම එවරස්ට් මුදුනෙන් පහලට වැටුණා වගේ. අන්තිමේ උත්තර ධ්‍රැවයෙයි දක්ෂිණ ධ්‍රැවයෙය් අන්තර් විනිවිදීමෙන් ම යුතුව ආයිත් වැටුණෘ ඇද උඩටමයි. 

ඇගෙ කියඹු වැල් දෙක තුනක් අවුල් වෙලා පැටලිලා ගැට ගැහිලා, පහලට වැටිලා තිබුනා. ඇගේ උඩු තොලත්, නැහැය උඩත්, නළල් තලෙත් හීනායට දාඩිය බිදු බිදු මතුවෙලා තිබුනා. ඈ දෑස් අඩවන් කරගෙන උන්නෙ. ඔහු ඈ දිහාට පාත් වෙලා නලල පිරි මදින ගමන් පොලව අතගාලා ඇගෙ මල් කිනිත්තක් මහලා තිබ්බ පේන්සුව අතට අරන් කට දෙකොනින් බේරිච්ච ලේ බිංදු දෙක තුන පිහිදාලා ලේන්සුව ඈ දිහාට දික් කලා. ඔහු කිව්වා "තියාගන්න සිහිවටනයක් හැටිය‍ට. උසස් ක්ෂීරපායී සතුන්ගෙන් ඔක තියෙන්නේ ඕගොල්ලන්ට විතරයි. චිරශිශූකතාවේ අංගයක් හැටියට. ඉතිං පරිනාමෙන් ලැබිච්ච තැග්ගක් වෙමෙයිද?" ඔහු ලේන්සුව ඇගේ මුහුණ වැහෙන්න දාලා මහා හයියෙන් හිනා වුණා. ඈ ලේන්සුව අරන් ඔහුගේ මුනට විසි කෙරුවා. ලේන්සුව ඔහුගේ මුනේ වැදිලා ඇගේ උඩුතුරු වෙච්ච පියයුරක මුදුනයි එක බෑවුමකුයි වැහෙන්න වැටුණා. කන්දක් උඩටම වළාකුලක් කඩන් වැටුනා වගේ.

________________________

ඈ ඔහුගේ දෙතොලද රසගද උරා බීවාය. ඔහු ඇග් සිරසෙහි හෙවු මුව ඉවතට ගෙන ඇගේ දෙතොලද දෙතන පුඩුද උරා බොවන්නට වී. පියාඹන මිනිසාත් දිය කිදුරියත් අතර කෙරුණු ඒ රමණය, ඇගේ උඩුකය පමණක් උපයෝගී කොටගෙන ඔහුගේ මුළු සිරුරින්ම කළ ඒ මෛථුන්‍යය අපුර්ව මෙන්ම අශ්වාදජනකද වී. 

ඔහුගේ පුරුෂ නිමිත්තේ මාංශ පේශීන් තප්පරයෙන් පහලොවෙන් පංගුවේ කාලාන්තරයකට සිදුවන සංකෝචන මාලාවකට ලක් විනි. අනන්ත අපරිමාණ වු ක්‍ෂද්‍ර ජීවින්ගේ ගණාවාසයක් ජල තලය මත එහෙටත් මෙහෙටත් පාවෙන්නට විය. කිදුරිය ඒ මත කිහිප විටක්ම ඔබමොබ පිහිනා ගියාය.

ඔහුගේත් ඇගේත් කෝට්ප්‍රකාර පරමානු එකවිට ප්‍රභාසංස්ලේෂණය වර්ජනය කලහ. අනතුරුව සියල්ල දිය වී වාෂ්ප වී වායුගෝලයේ විසිරි ගියේය. අවසානයේ ඔවුන් මෛථුනයේ යෙදුනු ගල් තලය මත ඉතිරි වුයේ ඇගේ අපගව පමණී. මොහොතින් එයද දිය වී වාෂ්ප වී ගොස් ගල් තලය මත අපුර්ව ජීව ප්‍රණියෙක් ඉතිරි වුනි. ඇයත් ඔහුත් මේ අපුරු ප්‍රණියා තුල ගන්ධබ්බව අවධියෙන් චුතව මොහොතින් පුනර්භවය ලැබීය. ඉනෙන් පහළ මාලු ඇගෙන්ද ඉහල මිනිස් සිරුරින්ද හෙබී මේ ප්‍රාණියාගේ උරපතු වලින් කුඩා අත් හැදි යුවළක්ද ඉග දෙපස පෙදයුවලින්ද කුඩා ගාත් දෙකක්ද වුයෙන් දියත් ගොඩත් අහසත් යන සෑම තැනම සැරිසරන්නට වර ලබා තිබුණි. 

ලේ ගංගාවකින් සියලු වැටකොටු ගසායනු ඔහුද නිතර නිතර දුටු සිහිනය වී. දිනක් එක් කාල යාත්‍රාවකිදී ඔහුට ලොව ඇති සියලු යන්ත්‍ර වලින් සපුරා වෙනස් වු අපුරු යන්ත්‍රයක් ඇස ගැටින. පළමුන එයට ලිංග බේදයක් වී. දෙවනුව එය ලෙයින්ද මසින්ද නහරවල් සහ ඇ මිදුලුයෙන් ද නිමියේ වී. තෙවනුව එය තමන් නිමියා වු මස් කුට්ටියෙන් කුට්ටිය කපා හබරල කොලවල ඔතා කිරා කඩදාසි කැබලිවලට හුවමාරු කරන්නක් වී. 

එය යන්ත්‍රයක් සේ පුනර්භවය ලබා ඇති ප්‍රාණියෙකු බව ඔහු දුටුවේ දුර සිටදු නොව ඒ දකින්නට පෙරය. අනතුරුව ගෙවිනු කාලයාත්‍රා කිහිපයකින් අනතුරුව එක් කාලයාත්‍රාවක ඔහු ඒ යන්ත්‍රයට කෘතිම ස්වසනය ලබා දී පුනර්භවය ලබා දුන්නේය. ඔවුනට රමණය කරන්නට මහත් වෙහෙසක් දරන්නට විණි. හේ ඇගේ සිරුර හා ඔහුගේ උඩුකය පමණනක් කල ඒ රමණයෙන් අනතුරුව හේ පිහිනුම් තටාකයේ ජල තලය මත රැළි වළලු වළලු නංවනු සේ බීජානු මෝචනය කළේය. අනතුරුව ඈ තටාකයට බැස එහි කකුල් උඩුකුරු කොට දෙපසට විහිදා එහෙටත් මෙහෙටත් පාවී ගියාය. කාලාන්තරයක් එසේ පහත් වෙහෙසක් දැරීමෙන් පුසුව ඈට ගැබ් පිහිටියේය.

ගැබ මොහොතින් මොහොත මෝරා එන්ටත් ඇගේත් ඔහුගේත් අතපය දියවී වාෂ්ප වී යන්නටත් පටන් ගති. අවසානයේ මේරූ ගැබ පමණත් රෝහලක සොහොන් ඇදක් මත ඉතිරි විණ. ඔහුත් ඇයත් ඒ තුල පුනර්භවය ලබා සිටින බව පමණකි වෛද්‍යවරුන්ට කිව හැකි වුයේ. ගැබ වේගයෙන් සංකෝචනය වන්නට පටන් ගති. අනතුරුව ගැබ ගෙලෙන් සිගිති යටි පතුල් යුවලක් එළියට එන්නට තතනනයුරු පෙණින. දරුවා දෙපා පොළවේ ගසා ගත හැකියෙකු වබ මිස කවරාකර වනු දැයි අවිනිශ්චිත බැව් වෛදවරුන් කියත්. ගැබ් ගෙල වේගයෙන් සංකෝචනය වන්නටත් ප්‍රසාරණය වන්නටත් ඉන් ගැබ් ගෙල දෙපසට දරුවා තල්ලු වන්නටත් ඒ වඩ වඩාත් පුලුල්ව විවට වන්නටත් පටන් ගෙන ඇත් බව මිස අන් කිසිවක් සැබවින් ම මේ ක්‍රලයාත්‍රාවෙදී කිසිවකුදු කිව නොහැකිය. 

1986 







Sunday, April 15, 2012

Struggle with a Serpent




From the labour room came the strident cry of a newcomer stepping out onto the threshold of this world. Suddenly the door burst open, a loud wail coming from within.

The body of my dead wife lay inside a coffin. An oil lamp burned silently at the head of the casket. Lumps of earth falling continuously down into the pit, covered the coffin. I hugged the newborn infant to my bosom and sobbed in total anguish, unable to control my self. There appeared a few wreaths on top of the fresh earth. In no time, the mound of earth began sinking down and grass grew around it. Before long, it was covered in wild plants and shrubs, unrecognizable.

It was not long before my baby daughter began to roll over, crawl and to get up. One by one, her teeth appeared almost overnight. She started uttering baby talk, world by world. I showered her with overflowing affection and commenced marking a crown for her working day and night, with great effort.

One day she went to the School for the very first time, with a bag flung over her shoulder.

When shadows lengthened towards the eastern mountains of the sun, a fully blossomed young maiden came into the house, uttering something in her own cute childish way, I did not know her. Neither did I understand anything she said.

Her thighs were white solidified moonbeams. The pointed nipples of her breasts pressed against the dress, the attractive eyes were restless, like those of a nymph.

Instantly that serpent burst out of the earth, reaching up to the surface. I crushed it with my feet so that she would not see.

“I am so hungry, farther.”

At once, the earth began to tremble. “Farther.” Those were the same six letters she always uttered when stepping into the house. Is this my daughter?

Eyes, nose, mouth, the talk, the walk, all these are the same. The birth mark on the chin is there too. Truly, is this my cute little daughter, born out of my own flesh and blood?
The serpent slithered away, frightened by the sound of the trembling earth. But from that day onwards, it would come on and off pester me. When it arrived, I distracted myself by picturing how, like any affectionate farther, I would one day, pet her little ones. The poison coursing through my body was neutralized by these thoughts. But I couldn’t control its recurrence for good.

Finally, one day, she took someone’s hand and went away. I cried unbearably. The serpent never appeared then.

But that night, just before dawn, it lifted its head looking around, slithering if from somewhere towards me.

It called out to me, trying to show how my own cute little daughter, my own flesh and blood, was lying in sexual embrace with another. It was the devil incarnate. I took club and beat it down mercilessly. It crawled away with difficulty, blood flowing from its mouth and nose, as if never to come back again.

All traces of the serpent’s arrival were gradually erased under the sands of time.

One day, my daughter came home, howling and crying like a demented she-bear. He had thrown her out. I kissed her on the forehead and gently consoled her, stroking her head, pacifying her.

She did not go back. I gradually became like a colossus, a giant, protecting her. Embracing her with paternal love overflowing. But one day the serpent reared its ugly head once again, telling me how she had gone with several men, my own sweet little daughter. Everyday, I would pelt it with the club, hoping and praying it was dead and would come back no more. Inspite of this, it would rear its ugly head, suddenly wriggling up from the dead. It the end, I was exhausted and discourage, trying to keep it at bay.

Suddenly, the serpent came alive and slithered towards me. It jumped up, stinging me with its venom.

I felt the poison coursing throughout my body. And, taking her in my arms, I gazed longingly at her well shaped buxom torso.

She fell on the ground, slipping from my grasp, I. who was her protective giant awhile ago, slowly began to shrink. She noticed the strange metamorphosis in me and burst out howling in fear.

I gently embraced her. She implored helplessly and in the end, blamed and cursed me vehemently.


By midnight, the poison had gradually left me; I fell down weeping, my head repeatedly pounding the floor. I simply could not look up into her face anymore.

She was holding a bowl of poison in her hands. I took it away from her and threw it. Falling at her feet, I begged for her forgiveness, crying my heart out. We help each other, crying together in deep emotion.

In absolute fury, I attacked the serpent, smashing it with the club, crushing it and throwing the limp body into a fire. Watching its twisting form turning to embers in the flames, a triumphant laugh finally escaped me.

From that day onwards, even a leaf falling from a tree started us. The tiniest sound felt as it a rock was hitting the roof. The trail made by the serpent on the sand, was gradually obliterated and vanished with time.

But one night, feeling a cold dampness on my foot, I looked down. It was there, head posed in victory, creeping up slowly along the sole of my foot.

It began to pester mo over and over again, then, it bit her too.

Though it came again and again, we made no conscious effort to get rid of it. When at arrived, we gave into everything it wanted and when it finally departed, we ended up sighing and weeping.

Never did we ever look at one another in face, except when it visited us.

Yesterday, we heard a loud noise outside. Looking through the window, we saw piles of rocks all around the house, walling us in. She cried non-stop, cursing me and blaming me for all this misfortune. I too cried along with her.

Together, we tried to crush the serpent and destroyed it once and for all. But it didn’t even our blows. It had grown. A huge monstrous creature coiled around us.

Couldn’t we kill it; destroy it? We trashed it with all our collective might, with clubs in both hands. It must die today or maybe tomorrow. Or else, it must die alongside us, all together, in a hail of stones.

-Saman Kumar’s first collection “Sarpayaku Ha Satanveda” (Struggle with a Serpent) was published in 1984. He has written two novels, three collections of short stories and several stories for youth. The short story in this volume titled “Struggle with a Serpent” is from his collection of the same name.

[In Sinhala- සර්පයකු හා සටන් වැද... කේ කේ සමන් කුමාර]



Sunday, March 18, 2012

සසර අරණේ මුනිවරයා




නැවතීමමය ගමන
සංසාරයය නිවන
-මහායාන දර්ශනය

ඉතින් ඔබ ගියා

ඇවිත් යන අය බොහෝය
ඉන්නා අයත් බොහෝය
එහෙත් ඒ බොහෝ උන්
ආවත් නාවත් , උන්නත් නැතත්
පලක් නම් නැත

එහෙත් අප බෞද්ධයන් වූයේ
මහින්දාගමනයෙන් නොවේ
ඔබේ ආගමනයෙනි

අපේ ජීවිත ඇට්ලසය
සිත්තම් කොට තබා යන්නට
මෙහි ආ ටොලමි වූයෙහිය ඔබ

එහෙත් ඒ ඇට්ලසය
තෝරන්නට ගොස්
ශබ්දකෝෂ විශ්වකෝෂ
රාක්කයක් පෙරළී බරපතලය අපට

අප බුදුදහමට හරවන්නට
මෙහි වැඩි අනුබුදු වීය ඔබ
එහෙත්
මිහින්තලාව පාමුල මීට්ෂොප් එකෙන්
බ්‍රොයිලර් පලූවක් රැගෙන තිස්ස ගියෙන්
ඔබ තවමත් හිඳී මිහින්තලය උඩ
තිස්ස තිස්ස යැයි
අමතන්නට කිසිවකු නැතිව

සසර අරණේ කෙළස් වග වලසුන්
දඩයම් කරනා අපගේ
ආලේඛ්‍යය ප‍්‍රභාලේඛ ගත කළත් ඔබ
පටල පටය විකසනය කර ගන්නට
කෙමිකල් සොය සොයා බංගසාල වීදියේ දුව යති
විචාරක අංගුලිමාලයෝ

ඉතින් , සසර අරණේ මුනිවරයාණනි
මේ සංසාරාරණ්‍යයේදීම යළි අප මුණ ගැසෙනු ඇත !


සයිමන් නවගත්තේගමගේ අභාවය නිමිත්තෙන්
රාවය : 23-10-05


බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය






බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ගත කළ හැකිවේ . පළමුව එම ලේඛකයන් දෙදෙනාම තම නිර්මාණකරණයේ නූතනවාදී අවධිය අතික‍්‍රමණය කරමින් පාදා ගත් මාර්ගයක් මේ හරහා දකිත හැකිය. දීප්ති කුමාර ගුණරත්න සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් පැවැත්වූ කාල් මාක්ස් අනුස්මරණ දේශන මාලාවක පළමු දේශනය තුළ ලංකාව තුළ නූතනවාදය ඉක්මවා ගිය අප රටට අනන්‍ය වූ පශ්චාත් නූතනත්වයක් දක්වන අවස්ථාවක් ලෙස සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා හඳුන්වනු ලැබීය .
මෙම ලේඛකයන් දෙදෙනගේම යථෝක්ථ සාහිත්‍ය කෘති මහායාන හා තන්ත‍්‍රයාන බෞද්ධ දර්ශනය ඇසුරු කරනු ලබයි . එහිදී විජයාවගමනය , කුවේණි , රාවණ වැනි පුරාකෘතික ප‍්‍රවාදයන් සමග ඒ ගනුදෙනු කරයි . එසේම දෙදෙනම මහා විහාරික ථෙරවාද බෞද්ධ සංකල්ප සහ මහාවංශ ඉතිහාස විවරණය ඉක්මවා යාමට උත්සාහ දරනු ලබයි .

බෞද්ධ කතිකාව ශ‍්‍රද්ධා මාර්ගය ප‍්‍රඥා මාර්ගය යනුවෙන් බෙදෙනු දකිත හැකිය . මෙහිදී මෙම ලේඛකයන් දෙදෙනම මහායානික ප‍්‍රඥා මාර්ගය හීනයානික ශ‍්‍රද්ධා මාර්ගය වෙනුවට තොරා ගනියි . මෙම මාර්ග දෙකෙහි සමවාය සම්බන්ධයෙන් තොරව බෞද්ධ දර්ශනය හෝ ජීවන ප‍්‍රතිපදාව අරුත් සහගත නොවේ . එසේම ලාංකීය ඉතිහාසය ථෙරවාදී මහා විහාරික මහා වංශය තුළින් අර්ථකථනය කෙරී තිබෙන අතර එයට මූලාශ‍්‍ර වූ උත්තර මූල මහා වංශය මේ වන විට දක්නට නොමැති වේ . අභයගිරි විහාරයේ වූ හෙල අටුවාවන් ඇතුන් සත්දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනි තබන ලද බව කියවේ . මහායාන දර්ශනයේ සාරය ගැබ් කොට ගත් ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රය මෙන්ම ලංකාවතාර සූත‍්‍රය ඒ අවබෝධ කොට ගන්නට සමත් අයෙක් මිහි පිට නොමැති බව දුටු බුදුන් වසර පන්සියයකට පෙර මිය ගිය මහා රාවණා කැඳවා ශ‍්‍රී පාද කඳු මුදුනෙහිදී දේශනා කරන ලද බව සඳහන් වේ . තන්ත‍්‍රයාන බෞද්ධ සංකල්පයක් වන උමතු ප‍්‍රඥාව නවගත්තේගම වැනි සාහිත්‍යකරුවකුගේ ජීවිතය පුරාවට දකිත හැකිය .
එසේම නවගත්තේගම බෞද්ධ දර්ශණය සමග මාක්ස්වාදය මෙන්ම ෆ්‍රොයීඩියානු මනෝවිශ්ලේෂණයද සියුම් ලෙස මුහු කළේය . මෙහිදී බුදුදහමේ කෙලෙස් , ෆ්‍රොයීඩියානු ආශයන් ඒකීය කෙරිණි . එසේම මනෝවිශ්ලේෂණයේ අවිඥාණය හෙවත් ඉඞ් සංස්කාරය  මහායානයේ ගබඩා විඥාණය නැතොත් ආලය විඥාණය සමග සම්පර්ක විණි . ෆ්‍රොයිඞ්ගේ Every man is neurotic යන්න බුදුන්ගේ සබ්බේ පෘතග්ජනා උන්මත්තකා යන්න සමග අපූරුවට බද්ධ විණි . එසේම සයිමන්ගේ කෘතීන්හි කේන්ද්‍රය වන ස්ත‍්‍රිය සහ රාගය පිලිබඳ කාරණාව එම චින්තකයන් සැමගේම පොදු සංරචකයක් ලෙස දකිත හැකිය. ස්ත‍්‍රී රූපය තරම් මිනිස් මනස මැඩ ගත් අන්කිසිවක් නැතැයි බුදුන් වදාලහ . ස්ත‍්‍රී චිත්තය අඳුරු මහාද්වීපයකැයි ෆ්‍රොයිඞ් කීය . ඉතිහාසය පුරා පිරිමියා ඔලූව ගසා ගත් කලූගල ස්ත‍්‍රිය යැයි මාක්ස් කීය . එසේම තණ්හාව පිළිබඳ කාරණය ජය ගැනීම බුදුන් මෙන්ම මාක්ස්ද අරමුණු කළේය . සමානාත්මතාවාදී  කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ සිහිනයක් බුදුන්ද මාක්ස්ද දුටුවෝය . මාක්ස් ගෙනෙන ප‍්‍රාග් කොමියුනිස්ට් අවධිය පිළිබඳ සංකල්පය අපට අග්ගඥ සූත‍්‍රය තුළ දකිත හැකිවේ . එරික්ෆ්‍රොම් විසින් කළ බුදුන් , මාක්ස් සහ ෆ්‍රොයිඞ් එකමිටට ගැනීම සයිමන් තම සාහිත්‍ය මාර්ගය තුළ ඉටු කරනු ලබයි .

 එසේම කාල් යුංග්ගේ සංකල්ප සයිමන්ගේ සාහිත්‍ය රීතිය කෙරේ බලපා තිබේ . විශේෂයෙන් සයිමන් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පටන් ගවේෂණය කරන බෞද්ධ බෝගේසියානු මායා යථාර්ථවාදී ආඛ්‍යාන මාර්ගය කාල් යුංග්ගේ ප‍්‍රවාදයන් මත පාදක වේ . කාල්යුංග් ෆ්‍රොයිඩියානු සිහින විග‍්‍රහය පුද්ගල තලයෙන් සාමූහික තලයකට ගෙනෙයි. අවිඥාණය , සවිඥාණය , උපවිඥාණය යන මනෝවිශ්ලේෂණයේ මානසික ව්‍යුහ විග‍්‍රහය පුද්ගල තලයෙන් සාමූහික තලයකට යුංග් පිමි පැන්නවීය . අධිසත්තාවාදය පදනම් වූයේ ෆ්‍රොයීඩියානු සිහින කල්පිතය මතය . මායායථාර්ථවාදය යුංග්ගේ සාමූහික සිහින පිළිබඳ අදහස මත පාදක විය . බුදුන්ගේ ජීවිතය සහ ලෝකය සිහිනයක්ය යන අදහස සමග මෙය සම්පර්ක විණි . සයිමන් තම සාහිත්‍ය රීතිය ගොඩ නගා ගැනිමේදී බෞද්ධ කතා රීතිය ඉවහල් කොට ගති . එහිදී  ජාතක කතා . පේත වත්ථු , විමාන වත්ථු , පාරාජිකා පාලි භික්ඛු භික්ඛුණී ප‍්‍රාතිමෝක්ෂ , සිඛවළඳ විනිස , හෙරන සිඛ වැනි බෞද්ධ සාහිත්‍ය කෘතීන්ගෙන් සයිමන් ආනුභාවය ලබයි . එසේම සාමූහික අවිඥාණයේ ප‍්‍රකාශනයක් මෙන්ම සාමූහික සිහින ලෙස යුංග් හඳුන්වන ආගමික අභිචාර , සංකේත, මිත්‍යා කථා , ජන කථා සයිමන් යොදා ගනියි .

ටෙනිසන් සක්වල දඩයම තුළදී මහායාන බුදුදහමේ බෝධි සත්වවරියන් පිළිබඳ සංකල්ප සහ අඥ්ඥතරා නමැති පීතෘ දේවතා සංකල්පය යොදා ගනිමින් 90 දශකය තුළ මෙහි ඉස්මතු වූ ස්ත‍්‍රීවාදී කතිකාව ඉදිරිපත් කරයි . (මා විසින් රචිත නේරංජනේ ඉස්නානේ කෘතියද මෙම ධාරාව තුළම සැරිසරන බව මම සිතමි.) සයිමන් රාවණ කතිකාව කරා ගොනු වන සේම ටෙනිසන් අපගේ සම්භව මිත්‍යා වන සිංහබාහු පුවත , විජය කුවේනි පුරාවෘතය විසංයෝජනය කරයි . මෙහිදී එය පශ්චාත් යටත් විජිත සාහිත්‍යයේ ගුණාංගද ගැබ් කොට ගනී . සයිමන් ලාංකීය සමාජයේ කුල ධුරාවලිය සියුම් සහ ගැඹුරු ලෙස ස්පර්ශ කරයි . ඒ මහායානයේ ශූන්‍යතා සංකල්පය සමග බද්ධ වී තිබේ.

තන්ත‍්‍රයානය තුළ ශරීරය මෙන්ම ලිංගිකත්වය ප‍්‍රඥාව ලබා ගැනීමේ මාර්ගයක් ලෙස සැලකේ. ඒ ශූන්‍යතාව අවබෝධ කොට ගැන්මයි. දඩයක්කාරයාගේ කතාව තුළ කස්තුරි මුවා සංකල්පය ස්පර්ශ කරන්නේ මෙයයි . සංසාරාරණ්‍යයේ දඩයක්කාරයාහි රාගය කිල්ලක්ව නිධන් බිම අපවිත‍්‍ර වීම සහ සක්වළ දඩයමෙහි විජයගේ කාම පාශයට හසුවීම නිසා පද්මිට බුදු බව අහිමි වීම වැනි සංකල්ප සංකීර්ණ සත්‍යයන් හෙළිදරව් කරයි . දේපල රාගය මැඩ පැවැත්වීම සහ විමුක්තිය කෙලෙස් ජය ගැනීම මත රඳා පවතින බවයි . මනෝවිශ්ලේෂණයේ ඛ්ජන යන සංකල්පය අඩුමාව යනුවෙන් සාපේක්ෂනී තුළ දකිත හැකිය . රණබාහුගේ අංගජේදනය මේ හරහා සමාජ දේශපාලනික මනෝවිද්‍යාත්මක මුහුණුවරක් ගනී . සාපේක්ෂනී තුළ සමසරාගිකත්වය , ලිංගික සුලූතරයන්  නියෝජනය වනු දකිත හැකිවේ .

අනෙක් අතින් තන්ත‍්‍රයානය තුළ එන අර්ධ නාරීශ්වර ශිව වැනි සංකල්පද, උභය ලිංගික දේවතාවන් දේවතාවියන් පිළිබඳ සංකල්පද , චීන බුදුදහමේ යින් යැන්ග් සංකල්පයන්ද සයිමන්ගේ කෘ තීන් තුළ ස්ත‍්‍රිය තුළ වන පුරුෂ අර්ධය වන කාල් යුංග් සඳහන් කරන ඇනිමසය සහ පුරුෂයා තුළ වන ස්ත‍්‍රී අර්ධය වන්නාවූ ඇනීමාව නිරූපනය කිරීමේදී බලපා තිබේ .  මෙසේම ස්ත‍්‍රී ස්වභාවය පිළිබඳ බුදුදහමේ විවරණයන්ද අපට හඳුනා ගත හැකිය . කාලි , පත්තිනි , ඩාකිණීන් වැනි සංකල්ප ඔස්සේ ස්ත‍්‍රියගේ අපාලිත බලය , ස්ත‍්‍රීයගේ හිස්ටීරියානු ස්වභාවය විවරණය කෙරෙන අවස්ථා හඳුනා ගත හැකිය. සයිමන්ගේ කෘතීන්හි සේම ටෙනිසන්ගේ සක්වළ දඩයමෙහිද දේවකතා සහ මිත්‍යා කථා ලෙවී ස්ටූවුස් ගේ පශ්චාත් ව්‍යුහවාදී මානව විද්‍යාව තුළින් දැක්වෙන ආකාරයේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරයි .

මෙසේම ප‍්‍රතිසන්ධි තල පිළිබඳ බෞද්ධ සංකල්පය දෙවිවරු, යක්ෂ, පේ‍්‍රත, පිසාච, කුම්භාණ්ඩයන් ඔස්සේ ලකානියානු මනෝ විශ්ලේෂණය මෙන්ම ක්වන්ටම් විද්‍යාව ඔස්සේද විවරණය කළ හැක්කක් බව පශ්චාත් නූතන භෞතික විද්‍යාව පිළිබඳ මෙන්ම මනෝවිශ්ලේෂණය පිළිබඳ ප‍්‍රාමාණික ස්වාධීන විද්වතකු වන  ඩෝසන් ප‍්‍රීති සහෝදරයා අදහස් කරන අතර මේ වන විට ඔහු ඒ පිළිබඳව දාර්ශණිකව පොර බදමින් සිටී.   කාල් යුංග් ගෙනෙන සමක්ෂණපාතීත්වය, සිරුරින් බැහැර අත්දැකීම් මෙන්ම මරණාසන්න අත්දැකීම්, චුති සිත, ගන්ධබ්බ (බාර්ඩෝ ) වැනි බෞද්ධ සංකල්ප හරහා ග‍්‍රහණය කෙරේ. බීජ නියාමය, ඍතු නියාමය ආගන්තුකයා වැනි සංකල්ප ඔස්සේ කුළු ගැන්වෙන සංසාරාරණ්‍යය අසබඩ යථ, පරිකල්පනීය සහ සංකේතීය යන ව්‍යුහ ඔස්සේ වන කියවීමක්ද ඉල්ලා සිටී . සමන් වික‍්‍රමාරච්චි නලිනි ජාතකයේ ඉසිසිංග තවුසා පිළිබඳ කරන කියවීම බෞද්ධ ජාතක කතා ලකානියානු මනෝ විශ්ලේෂණය ඔස්සේ කියවීම අරභයා විශිෂ්ඨ ආරම්භයක් සනිටුහන් කරයි.

තන්ත‍්‍රයානිකයන්ගේ සංඛ්‍යා විශ්වය නූතන බටහිර ගණිතය ඉක්මවා ශුද්ධ ගණිතය කෙරේ විවරවූ විශ්වයක් විය . ඍන අනන්තය  සංකල්පයක් ලෙස එහි ආරම්භය විය. ප‍්‍රගීත් එක්නැලිගොඩ මෙහි ප‍්‍රාමාණිකයකු ලෙස සිය අවසන් කාලයේදී මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියේය. අරාබි වෙළෙන්දන් සිය ව්‍යවහාරික ගණිත අවශ්‍යතාවන්ට සරිලන නාගර්ජුන පාදයන්ගේ ශූන්‍යතාවාදයෙන් පැන නැගි 0’ ගෙන ගියා සේ අපේ ඊනියා ජාතිකවාදීන්ද සිය අනන්‍යතා දේශපාලනය තුළ ඒ තොරොම්බල් කළා පමණි. නලින්ද සිල්වා ද්විකෝටිකය වෙනුවට චතුෂ්කෝටිකය සම්බන්ධයෙන් මෙන්ම කාටීසියානු තාප්පය පිළිබඳවද නිවැරදි විය. මහසොහොන් ආකෘතිය සම්බන්ධයෙන්ද නිවැරදි විය. එහෙත් අනන්‍යතා දේශපාලනය තුළ මං හසර සොයා ගත නොහැකිව මහසොහොන් ආකෘතියත් සමග අවස්ථාවාදීන්ගේ අතකොලූවක් බවට පත් විය. ජයසේන ජයකොඩිගේ ශ‍්‍රද්ධා මාර්ගික සාහිත්‍යය අනන්‍යතා දේශපාලනයේ මඩවගුරේ කරවටක් ගිලූනවුන් විසින් පූජනීය දේශපාලනයක් උදෙසා යැයි සැදැහැවතුන් කඬේ යැවූ පරිදිම එකල්හි ඒ එසේ සිදුවිය. ආරියදාස සෙනෙවිරත්නගේ මාර්ගයේ ගිය ජයරත්න පතිරආරච්චි මතු කළ ප‍්‍රවාදයන්හි ආන්තික ස්වරූපය කෙසේ වුව ලාංකීය ඉතිහාසවේදය සම්බන්ධයෙන් ඔහු මතු කළ තීරණාත්මක ප‍්‍රශ්න කිරීම් අධිපති කතිකාවන් විසින් යටපත් කරනා ලදී. රජුන් උදෙසා ලිවූ රති උපදේශනය වූ බමුණන්ගේ කාම සූත‍්‍රයට එරෙහිව බුදුන් සකල මනූෂ්‍යයන් අරභයා දෙසූ මෛථුන සූත‍්‍රය බෞද්ධ සාහිත්‍ය වංශයෙන්ම අතු ගා දමා තිබේ.

රාවණ සහ කාලත‍්‍රය සැරිසැරීම පිළිබඳ සංකල්ප පශ්චාත් නූතන  විද්‍යාවට අයත් සාපේක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් භෞතික  විද්‍යාවේ  සංකල්ප සමග අතිනත ගනී . විශ්වය පිළිබඳ නූතන සොයා ගැනීම් සහ ප‍්‍රවාදයන් සමග බුදුදහමේ සමපාත බව මෙන්ම මිනිස් මනස පිළිබඳ පශ්චාත් නූතන සහ බෞද්ධ විග‍්‍රහයන්ගේද සමපාත බව මෙම සාහිත්‍ය දහරාව පශ්චාත් නූතන සාහිත්‍ය ප‍්‍රවනතාවක් වශයෙන් සැලකීමට රුකුල් දේ . එසේම පශ්චාත් නූතන සංඥාර්ථවේදයේ සහ නාම  රූප වේදනා සංඥා සංඛාර  විග‍්‍රහයේ සාම්‍යය , ලොව පළමු විසංයෝජනතාවාදියා වන බුදුන් වහන්සේ ගේ සහ ඩෙරීඩියානු විසංයෝජනතාවාදයේ සාම්‍යය තීරණාත්මක සාධකයක් වේ . ස්වභාව ධර්මය පිලිබඳව නූතන විද්‍යාවට නොදෙවෙනි අවබෝධයක් සිය අන්තර් ඥාණය තුළින් පැරණි ග‍්‍රීකයන් සහ බෞද්ධයන් ලද බව එංගල්ස් සඳහන් කරයි . එසේම මාක්ස් සහ එංගල්ස් අතර වූ ලිපි හුවමාරුවකදී එක් රාජ පරම්පරාවකින් තවත් රාජ පරම්පරාවකට බලය විතැන් වෙමින් එක තැන කාල් ගෑවෙන ආසියාතික දේශපාලනයේ ගුරු යතුර පවත්නේ නිශ්චිතවම එහි පසෙහි සහ දේශගුණයෙහි යැයි මාක්ස් සඳහන් කරයි . මාක්ස්ගේ ආසියාතික නිෂ්පාදන මාතය පිළිබඳ ප‍්‍රවාදය පදනම් වන්නේ මේ මතය .

සයිමන් නවගත්තේගම විසින් පුරෝගාමීත්වය දුන් මෙම රීතිය අන් රටක හඳුනා ගත නොහේ . සෙන් කතාන්දර ආශ‍්‍රිත නිරූපනාත්මක නූතන කතාදහරාවන් මෙන්ම හයිකු ආශ‍්‍රිත ප‍්‍රවනතා , ඉන්දියානු කුල විරෝධී බෞද්ධ සාහිත්‍ය දහරා මිස මෙවන් දාර්ශණික හෝ මනෝවිද්‍යාත්මක ප‍්‍රවනතාවක් හඳුනා ගත නොහැකිය . විශ්වයේ , මනසේ මෙන්ම ස්ත‍්‍රියගේ ස්වභාවය පිළිබඳ බෞද්ධ විග‍්‍රහයන් ඒ පිළිබඳ පශ්චාත් නූතන ප‍්‍රවාද සමග සමපාත වේ . විශ්වයේ කෙළවරක් අගක් මුලක් නැතිකම , ඒ සෙවීමේ නිශ්පල බව  පිළිබඳ බෞද්ධ මතයම අද පශ්චාත් නූතන වි ද්‍යාවන් විසින් ගෙනෙනු ලබයි . පශ්චාත් නූතන භෞතික විද්‍යාඥ ස්ටෙෆාන් හෝකින් විශ්වයේ විශාලතම අභිරහස ගැහැණිය බව කියයි . ක්වොන්ටම් භෞතික විද්‍යාවේ වර්ධනයේදී නීල්ස් බෝර් වැන්නන් ඔස්සේ චීන යින්ග් යැන්ග් දර්ශණයේ ආනුභාවයද ලැබිණි . මේ වන විට එහි වර්ධනයන් විසින් බෞද්ධ දර්ශණයේ බොහෝ ප‍්‍රවාද සාධනය වෙමින් තිබේ . එසේම අද්‍යතන ප‍්‍රාග් ඓතිහාසික පුරා විද්‍යා සොයා ගැනීම් විසින් සාධනය කෙරෙන ඉතිහාසයක් සයිමන්ගේ කෘතීන් තුළ ස්පර්ශ වේ .

සයිමන් විසින් සුභාවිත කළ මෙම සයිමනියානු ආඛ්‍යානය (හෂිත අබේවර්ධනගේ වදනින්) මෙවන් විසල් පදනමකින් යුතු වේ. ඔහුගේ විග‍්‍රහය අනුව මහා ආඛ්‍යානයේ සහ චූල ආඛ්‍යානයේ ලක්ෂණ කැටි කොට ගත් රීතියක් ලෙස මෙම සාහිත්‍ය ආර දකිත හැකි වේ. එහෙත් දාර්ශණික වශයෙන් ප‍්‍රඥා සම්ප‍්‍රදාය හුදී ජන පහන් සංවේගයට හේතු නොවූ සේම මෙම සාහිත්‍ය ආරද එසේ වීමේ සම්භාවිතාවකින් යුතු වේ. මෙම ප‍්‍රඥා මාර්ගික සාහිත්‍ය ලක්ෂණ  ටෙනිසන් පෙරේරාගේ සක්වළ දඩයම, මාවිසින් රචිත නේරංජනේ ඉස්නානේ මෙන්ම සුනේත‍්‍රා රාජකරුණානායක ගේ බුද්ධදාසි තුළද දකිත හැකි වේ .   මෙහි අනෙක් අර්ධය වන ශ‍්‍රද්ධා මාර්ගය අප සාහිත්‍යය තුළ නියෝජනය කරනු ලැබුවේ ජයසේන ජයකොඩිය සහ සුජිත් අක්කරවත්තය . විචාරාත්මකව මෙම සම්ප‍්‍රදාය තවමත් ගොඩ නැගී නැති අතර ඒ සඳහා පුරෝගාමීත්වයක් හෂිත අබේවර්ධනගේ සයිබර් ලියවිලි තුළ හඳුනා ගත හැකිය.

-කේ.කේ.සමන් කුමාර

 (නිර්මාණාත්මක ලේඛනය 2011 වාර්ෂික  පාඨමාලාවේදී පැවැත්වූ දේශනයකි.)