Sunday, May 13, 2012

අහසත් පොලවත් වෙන්කල නොහැකිය



කිදුරිය මුහුදු පත්ලේ සිට දිය කද දෙබෑ කරගෙන උඩට ඇදෙන්නට වී. තම හිස මිරිච්චමි කරනුව තරම් වු පීඩනය පත්ලේ දමා ආ කලෙක මෙන් කෙමෙන් අවරෝහණය වන හැටි ඇයට දැණින. ඉර දවස පුරා උරා බිබී ලේ වමාරගෙන මුහුදට පැන මෙසේ වෙස් මාරු කර ගන්නා අතර බූවලු වේශයෙන් මතුව පොලෝ තලය හැමදාමත් සැනසිල්ලේ හුස්මක් කටක් ගන්නට හිතාගෙන මෙසේ උඩට මතුවෙයි.

ජලය මෙගා ටොන් දහස් ගණනකුත්, සම්පීඩිත ඒවායින් නොවුවත් වායු මෙගා ටොන් එපමණම ගණනකුත් සිරුර මත .බා දවස පුරා ඔසවාගෙන හිදිමෙන් වු වෙහෙස නිවා ගන්නට එන අතර ඈට හැමදාමත් අසංචේය වු නා නා ප්‍රණින් හමුවෙයි. ඔවුන් හුස්ම ගන්නා විට පිටවන අංගාරිකම්ල බුබුලු නංවා සැමදාමත් ඇගේ දෙකන් පසු කර ඇදී ගියේ චාල්ස් ඩාවින් යන ඕම් කාරයෙකිනි.

එවිට හෝඩි පොතක පිටු පෙරලී ගොස් ක්ෂුද්‍රමය වු හඩක් ඈ දෙසවනට රිංගා ගනී. බොහෝ විට ඒක සෛලිකයෙකු පරීක්ෂා කරන අල්ගේ දොස්තෙරෙකුගේ හඩකි. ඒ " ආ.......... කියන්න, ආ..............., දිව......, දිව දික්කරන්නඃ මුහුදු ගුහාවක් අසල සිටින මන්ත්‍රකාරියකගේ හඩ මුහුදු පත්ලේ වැදී ඒ හාම දෝංකාර දෙයි. "දැන් ඔබ ටිකෙන් ටික අතීතයට යනවා. දැන් ඔබ..............."

සයුරු තලයට මතට වැටී තිබූ සදේ පිළිබිඹුවට මුහුදු පත්ලේ සිට යැවෙන අජටාකාශ විමනක් ගුවන් ගත වීමට ආසන්න බව කියමින් සමුද්‍ර ජීවියකුගේ කටහඩ ඒ මරා ගෙන මොහොතින් නැගෙයි.

10      9      8       7      6      5      4      3      2      1      0

රොකට්ටුව දැල්වී ගුවන් ගත වන හඩ මැකී ගිය සැණින් නැවත ඇසෙන්නේ මායාකාරියගේ කට හඩමය.

"දැන් ඔබ ඉන්නේ අතීතයේ................ දැන් ඔබ................."

එකල්හී සමුදුරු පත්ලෙහි අවකාදනයව තිබූ ස්ථිර එකිනෙක විනිවිද දහසක් පාෂාණභූත ධාතූන් අතරට ඇගේ ඇහි බබුන් කුරුමානම් පෙත්තකට මෙන් මෑනෙයි.

                      ________________________________________


කිදුරියට අගක් මුලක් වටහා ගන්නට නොහුණු පොසිල සාක්කිකරුවාගේ කතාව :

තමාගේ අවසාන හුස්ම පොද පිටවු පසු තම මෘත දේහය අනන්ත අමරීමාන වු අනකාශය හරහා නොනවත්වා චලනය වන සැටි හිරු නිතර නිතර සිහිනෙන් දුටුවේය. තමාගේ අවසන් හුස්ම පොද මහීගේ නිරක්ෂය වෙත වැටෙන අවසන් එළිය පොදද කිවී ගිය පසු සිය දූ පුතුන් මහීගේ සිරුර ගිල ගන්නා ග්ලැසියර තට්ටු යට පොසිලයන් බවට පත් වෙනු ඇතැයි සිතව්වට හෝ බිය විය. එබැවින් හේ සිය දරුවන් රුදුරු වද වේදනාවන්ට ලක් කරන්නට විණ.

මරණීය වේදනාව මග හැර සංචරණය වන හැටි හේ ඇමීබා පැටවුන්ට කියා දුනී. මගහැර යා නොහැකි තරමට මරණිය වේදනාව මිස අන්යමක් නොවු තැන් මවා ප්‍රතිරෝධී ආවරණ ලබා දුනී. කන්නට බොන්නට මුව ලගට නොදී අතීන් තබා ගාත් සතරක්ද උඩින් එල්වා තබා දික් වු බෙල්ලක්ද ලබා දුනි.
පියාගෙන් දරුවන්ට ලැබුණු දරුණු දඩුවම කුසගින්නය. දැඩි නියගයකින් මහීගේ සිරුර ඉරි තැලී ගියේය. ඇගේ නීල සළුව රඹ පැහැ වන තෙක් වියැකී දුපුතුන් ඔහුගේ ඇස් ඉදිරිපිටම සාගින්නෙන් මරුමුවට වන්හ. කුසගින්න බෙදා හදා ගන්නට උනුන් මරා ගත්හ. ඩයිනෝසරයන් සේ තමන්ට ලු බිජු ගිල දමා අඩි පාරක්වත් නොතබාම අතුරුදහන් වී ගියහ. නුවණක්කාර පුත්‍රයා වු තල්මසා මුහුදට රූටා ගති. ගස් උඩින් බිමට බැහැගත් උන් නිතරම සූදූ පොලෙන් ගියේ හිස් අතිනි. මෝඩකම නිසා මුහුදට රූටන්නටවත් ඔවුනට කල්පනාවක් නොවී. ඔවුන් කල එකම නුවණක්කාරකම කකුල් දෙකෙන් සිට ගැනීම පමණි. ගලක් අතට ගැනීම ම පමණි. තල්මස්සු මුහුදට වී දැහැන් ගතව බවුන් වඩද්දී දූදූ පොලේ උන් දූ පුතුන්ගෙන් දිනුවන් තමන් වැදූ මන හා සසගෙහී යෙදී ඇගේ කන්‍යා පටලය සුණු විසුණු කලහ. බිම්මල් කූඩයට තණ පෙත්තන් නිදා වැටෙන, ගැඩවිල් පසින් මිහිතලය හැඩ වැඩ වී තිබු, මීදුමානය කපාගෙන වට අරුණලු පිණි බිදු උරා බොන, සිසිල් ප්‍රණිත පිවිතුරු වාතය ආශාවෙන්ද තෘප්තියෙන්ද යුතුව පෙනහළු තුලට රිංගන උදයක පෙරලුණු පස්කැට ලෙයින් තෙත බරිත වී තිබිණි.

හෝමෝ සේපියන්ස් සේපියන්ස් යනුවෙන් පසු කලෙක තුමුවම හදුන්වා ගන්නට වු මේ දූ පුතුන් එදා සිට තවමත් සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසා තුමු කුස දරා උන්නා වුද, සිටින්නා වුද මැණීයන් දමග රමණයෙහි යෙදෙමින් ඇගේ කත්‍යා පටලය මොහොතින් මොහොත ඉරා දමමින් සිටී.

සූදූව නැතිවී යාමට පටන් ගත්තේ එදා සිටය. සූදූව නැතිවී යාම විසින්ම ඒ නැතිවී යාම ඇණ හිට සූදූව නැව ඇති කරන්නට යෙදුනේ එදා සිටය. එවන් සෑම විටකම පොරකටු අග්ගිස්වලින් මස් වැදලි එල්ලුනු බව්ද උනුන් කාගෙන යාමෙන් උනුන්ගේ වලිග කැබලි පමණක් පණ අදිමින් දැගලු බැවිද අනතුරුව ගලා ගිය ලේ ගංගාවකින් වැට කොටු ගසාගෙන ගොස් නැවත සූදූව වඩා වේගයෙන්ද පමණික්ද අතුරුදහන් වන්නට වු බැව් ද ඇතැම්හු කියති.

පසු කලෙක මව හා සසගෙහි යෙදී   සිය දෑත් කිළිටි කර ගන්නට අකමැති වුවෝ තල්මසුන්ගේ අඩිපාර දිගේ මුහුදට බඩ ගා ගත්හ. පසු කලෙක දියකිදුරන් සේ පරිනාමය වුයේ ඔවුහුය. ඔවුනට දෑත් සෝදා අත්වැසුම් වලින් වසා තබා ගන්නට හැකි වුයේ එතුවක් රමණයෙහී යෙදී දෑත් කිළිටි කොට ගත් මුතුන් මිත්තන් නිසා යැයිද ඔවුනට එසේ යන්නට සිදු වුයේ අනුන්ගේ රමණය උදෙසාම යැයිද ඔවුන් එසේ ගිය දා සිට රමණයෙහී යෙදෙන්නන්ට ශ්‍රෝණි තෙරපීමේ වඩ වඩාත් ත්ව්ර කරන්නට ද සුක්ෂමාන්විත කරන්නට ද හැකි වී යැයි ද, පොළව පලා මතු වු අට්ටාල උඩ සිට අත් වෙනුවට තිබු මඩු වලිග වලින් තලමින් පොළවේ සිටි වුන් පොළව හා සසගෙහි යෙදවු උනුන් සසගෙහි සිටියවුනුත් අතර මුහුදු පත්ල හරහා දිවෙන දුරකතන කේබල් දිය කිදුරන් සිය වාසස්ථානය කරගෙන සිටින්නේ යැයිද කියවේ.



                                        _____________

රළ තරෙහි අගෑදී වෙරළට පාවී එන කිදුරිය සැමදා ගොඩබිම දෙස නෙත් දල්වා සිටියි. එවිට දවස පුරා අධික වු පීඩනයකින් හෙම්බත්ව හුන්නා වු ඇගේ උඩුකරයහි කෙල සුවහස් ජීව පරමාණූ සැනසිල්ලේ ප්‍රභාසංස්ලේෂණයෙහි යෙදෙයි. ඈ කිසිදු විටක සිය ඉගටිය දියෙන් ඉහළට නොගන්නට පරිස්සම් වී. ඉගෙන් පහළ දියෙන් නිරාවරණය වු කවර හෝ මොහොතක පීඩන අවපාතයකින් පුපුරායාමේ තර්ජනයකට සෑම කින්නර වංශිකයෙකුම මුහුණ පා උන්නේ වී.

කින්නර වංශිකයන් වන තමන් මැරතන් පථයක් උනුන් දිවි ඔට්ටු අල්ලමින් තරග දුවන දුටු දා සිට කිදුරිය ගිලන් වුවාය. දැඩි පීඩන උත්පාතයක් සමග නැගෙන්නා වු පිළී ගදින් ඇගේ ඇතුනු බහන් කැකෑරී කැකෑරී දැඩි ඔක්කාරයක් මතු විණ. ඈ ඉඩ ලද සෑම විටම මව් කිදුරියට හොරා මැරතන් පථයෙන් කට්ටි පැන වෙරළට විත් ගොඩබිම දෙස නෙත් දල්වන්නට වුයේ අනතුරුවය. එසේ සිටින විට ඈට තමා කිදුරියක් බවද තමා සිටින්නේ ගොඩබිමේ නොව මුහුදෙහි බවද අමතකව යයි. ඉගෙන් යට දියෙන් මෑත් කරන්නට යාම ඈට තුමු කිදුරියක් බව සිහිපත් කරන්නට වු නිසා ඈ ඉන්පසු එසේ කරන්නට උත්සහා නොකළාය. තමා කිදුරියක් නොවනා බවද තමා සිටින්නේ ගොඩබිමේ යැයි තුමු සිතාගෙන සිටින බවද ඈට අමතක වුවාය. මව් කිදුරිය අසල නැති විටදී ඈ ‍බොහෝ විට මැරතන් පථයේ අයිනක මුදු හත්තක් හෝ හයිඩ්‍රිල්ලා ගහක් යටට වී අහස දිහා බලාගෙන, නැත්නම් දෑස් පියාගෙන සද විනිවිද වෙරළට ඈ සිතූ පරිදි නම් ගොඩබිමට ආවාය. මව් කිදුරිය අහල පහල සිටිනු දුටු විටදී හෝ කින්නර වංශික ප්‍රවේණි කල්ෂණ උඩ මතු වු විටදී හෝ ඈ මැරතන් පථයට පය ගසා ගත්තත් එය ඔහේ හැල්මේ දිවුමකට වැඩි යමක් නොවී.

දිනක් වෙරළේ සිට ගොඩබිම දෙස බලාගෙන සිටින විට - සිතින් ගොඩබිමේ සිටින ඇයට පියාඹන මිනිසෙකු හමු විණි. වියලි කොළ ඇතිරිල්ලක් සුළගින් හැකිළි ගියේය. පොළව මත මෙසේ ලියා තිබිණි.

අහා!....... ජිවිතය
මුණ ගස්සවන්නේ නුඹ
හමුවිය යුත්තන්
ආශ්වාද ජනක වු ලෙස ද
කෙතරම් නම්.....!

පියාඹන මිනිසාගේ පපුවෙහි වු ඉස්කුරුප්පු ඇනයක් බුරුල්ව බිම වැටුණු සැණින් හදවත විවර වී එතුලින් සිනමා පටල පන්දුවක් වෙරළේ වු කුඩා ගල් තලයක් මතට වැටී රෝල් වි යන්නට විය. ගසක් දිගේ බඩ ගාන වැලක් සේ ඉන් එළීයට ආ සේයා පටලය උඩට ඇදෙන්නට වී තරුවකින් එළිය කදම්භයක් ගලාවුත් සේයා පටයේ රාමුවක් මතට වැටිණ. තප්පරෙන් විසිහතෙන් පංගුවක විරාමයකින් යුතුව එළිය ගලා එන්නට වුයේ තරුව හරහා වළාකුලක් සරඹ කරන්නට වු හෙයිනි.


ඔහු සිනමා මාධ්‍යයෙන් කල අතීතාවලෝකනයේ සංක්ෂිප්ත සාහිත්‍යමය ඌනනය :

මවගේ කන්‍යා පටලය ඉරා දමමින් සිටි පුතෙකුට දාව මහීගේ දුවක් විසින් ප්‍රසව කරන ලද්දෙකි හේ. ඔවුන්ගේ වාසස්ථානය වුයේ මහ පොළවයි. පිට හරහා වැදෙන මඩු වලිග පහරින් දරා ගන්නට බැරි වු මහීගේ දූ පුතුන්ගෙන් ඇතැමුන් තමන් තල් මස්සු බඩ ගා ගෙන ගිය අඩි පාර දිගේ මුහුදට රූටනවා හීනෙන් දැක්කා. පමණ ඉක්මවා මෙවුන්ද මෙහි යෙදීමෙන් ඇතිවන ඒකාකාරීත්වයත් යාන්ත්‍රිකත්වයත් නිසා අලුත් ඉරියව්වකින් සංසර්ගය පටන් ගන්න ඕන උනත් මඩු වලිග පහර ඔවුනට ඒ ගැන හිතන්නට දුන්නේ නැහැ. (ඒත් කවදා හරි ඒ ගැන හිතවන්නෙත් ඒ පාරම කියලයි ඔහු පසු බිම් කථනයෙදී කිව්වේ.මඩු වලිග කාරයේ ලැගලා හිටි‍ය අට්ටාලෙ පොළව බලාගෙන එතනින් මතුවෙච්ච එකක් නෙමෙයි අහසින් වැටිච්ච එකක් කියලත් කිව්වා)

ඔහු තල්මසුන්ගේ අඩිපාර දිගේ මුහුදට ඉඩගාන අතරේ පොළවෙන් මතු වෙච්ච පතොක් යායක ඔහුව අතරමං වෙලා. පතොක් කටු ඇනිලා උඩ පැන පැන ඉන්න කොට ආපු සුළි සුළගකට අහුවෙලා ඔහුව අහසට විසි වුණා. ආපහු ආපු සුළගකට ඔහුව අජටාකාශෙටම විසිවෙලා. එදා ඉදන් හුගක් කාලයක් ඔහු ඉදලා තියෙන්නේ අජටාකාශෙ පාවී පාවී. ඒ අතරේ ඔහුගේ උරිස් දෙකෙන් ආකේයොප් ටෙරිකාස්ට වගේ පුංචි තටු දෙකක් පරිනාමය වෙලා. ස්පේස් ෂටල් එක ආපහු පොළවට එන ගමනකදී දැකලා ඒකේ දාගෙන තමයි ඔහුව ආපහු පොළවට ගෙනාවේ.

පොළවට ගෙනාවට ඔහුගේ කකුල් පොළවේ වැදුනෙම නෑ. හරියට ආම්ස්ට්‍රෝන් හදට බැස්ස වෙලාවේ වගේ. ඔහු පාරේ ඇවිදින කොට කවුදෝ දවසක් ගලක් ගැහුවම කකුල අල්ලන් උඩ පැන්න විතරමයි ඒ එක්කම ආපු වා සුළියකට අහුවෙලා ඔහුව ගහන් ගියා. සුළගට එහෙට මෙහෙට විසි වෙවි ඉන්න අතරේ තමයි ඔහුගේ අත්තටු දෙක පෘතුවියේ පීඩනයට ප්‍රතිරෝධි වෙනකං පරිනාමේ වුනේ. ඒ සමපාත වීමත් එක්ක ඔහු සුළි සුළගක් මැද්දෙන් වුනත් අනිත් පැත්තට පියාඹගෙන යන්න පුළුවන් තරමට හැඩ ගැහුනා. එත් හිටපු ගමන් මොනා වෙනවද කිවලා හිතා ගන්න බැරි විදිහට ඔහු පුංචි සුළං පාරටත් හැම තැනම ගහන් යනවා. තමන් හිතලා නොකළත් ඒ හැම වාරයක්ම ඔහු දැක්කේ ප්‍රොයිඩ්ට කොඩිය ඉස්සීමක් හැටියට. ඔහු පොළව දැකලා තියෙනවා එකේක කෝණ වලින්.

දුර රූප:
අජටාකාශයේදී අංශක 65 උස් ඇල කෝණයෙන්
අයන් ගෝලයේදී අංශක 90 උස් වු කෝණෙන්

සමීප රූප:
පොළව උඩ පාවී පාවී යද්දී ඇස් මට්ටමේ එකේක කෝණ වලින්

මධ්‍යම රූප:
වෙරළේ ඉදන් එකේක ජාතියෙ ඇස් මට්ටමේ කෝණ වලින්

ස්පේස් ෂටල් එකේදී රේඩියෝ දුරේක්ෂයෙ යුහුමු කාචෙන් තියන සේරම කෝණ වලින් සමීප කර කර දුරස්ථ කර කර.

ඔහු හැම තිස්සෙම හීනෙන් දෙඩෙව්වේ පොළවේ අනිත් පැත්ත පෙරලන්න, කොහෙද ඉන්නවයි කියන මකරෙක් මරන්න, තාප්ප, කම්බි වැටවල් කඩන්න ඕන කිය කියා.

ස්පෙස් ෂටල් එකෙන් බැහැපු වෙලාවෙ කකුල් පොළවෙ ගැවුනේ නැත්තේ කකුල් හා පොලව අතර ධ්‍රැවීය නිකර්ශණය නිසා කියලා ඔහු කිව්වෙ. තමන් ඔළුවෙන් හිට ගත්තොත් ධ්‍රැවීය ආකර්ශණයක් ඇති වුනත් ඔහු කැමති වුනේ නෑ ඔලුවෙන් හිටන් ඉන්න. පොළව අනිත් පැත්ත පෙරලලා හදා ගන්න ආකර්ෂණය මිසක් වෙන එකක් සදාකාලික නැහැ කියලා ඔහු කිව්වා. ඔහු පොළවෙන් අහසට ගිය කාලෙ දූදූව නැතී වේගන ගියත් දැන් දූදූව නැතිවෙන එක අතුරුදහන් වෙලා ආයි දූදූව ඇතිවේගන එන බව ඔහු දැකලා තියෙනවා ස්පේස් ෂටල් එකේදී.

පොර කටු අග්ගිස්වල මස් වැදලි එල්ලෙනවා. එක එකා කා ගෙන එක එකාගේ නැටි කෑලි විතරක් පණ ඇද ඇද දගලනවා.

අහස් වියනට ප්‍රක්ෂේපණය වෙච්ච අතීතාවලෝකනයෙ ඔහු අත් දෙකෙන් මුණ වහං කර ගන්න රූප රාමුවක්. ඒක ඡේදනය වුණේ රතුපාට වර්ණ පෙරණයකින් රූප ගත වෙච්ච ඔහුගේ සිහින ජවනිකාවකට ඒක ස්පේස් ෂටල් එකේ කවුළුවෙන් කැමරාව මානන් හිටිද්දී ගත්ත ඔහුගේ දෘෂ්ඨි කේන්ද්‍රස්ථ දැක්මක්.

ලේ ගංගාවක් ගලාගෙන ගලාගෙන ගලාගෙන ඇවිත් පොළව උඩ තිබිච්ච තාප්ප කඩලා බිදලා දාගෙන, හිටෝලා තිබිච්ච වැට කඩොලු ගලෝගෙන සේරමත් එක්ක වාෂ්ප වෙලා ගිහිල්ලා ඉර රතු පාට වුණා. ඊලග ඉරේ හයිවෙලා තිබිච්ච තාප්ප වැට කඩුලු දිහෑට අභියෝග කරන්න වගේ අත් ගොඩක් අහසට ඉස්සුනා.

සංසර්ගයේම විකිරණ හැටියට කිදුරියත් පියාඹන මිනිසාත් අතර කෙරුණු සංවාද දෙකක් - ඔවුන් කරන ලද අනෙකුත් සංවාද කතුවරයා අතින් සුළගට ගොස් නැති වී මේ අතරටම එක් වී ඇත. (බලධරයා විසින් කලා නොදමන ලද එත් එහි පාලනය හා අනු දැණුම යටතේ කෙරුණු)

කිදුරිය (A) මර්සෝලට මේ වගෙ අට්ටාල උඩ ඉන්න බැහැ.

පියාඹන මිනිසා (B) - මේ වගේ අට්ටාල උඩ ඉන්න බැරි නිසා තමයි උන්නත් උන්නේ නැතිව වාගෙ හින්දා තමයි මර්සෝලා උපදින්නේ

A   - මර්සෝලට කහ ඉරෙන් පාර පනින්න බැහැලු නේද?

B   - ඇෂ්ට්‍රේ වලට අලු දාන්නත් බැහැ.

A   - අම්මා ඉස්සර වගේ මගේ පස්සෙන්මයි හරියට ඩාවීනියානු ගැටිත්ත වගේ

B  - උදුම්බරාවක් නොවුනත් ගර්භාෂෙයි පැලෝපීල නාලෙයි තියාගෙන හැබෑ මර්සෝ කෙනෙක් වෙන්න බැහැ. අඩු ගාණේ මේ වගේ අවජාතක අට්ටාලයක් උඩ බැහැ

A   - මම කවදාවත්ම ඔට්ටු තාන් කරලා නැහැ. හැංගිමුත්තන් කෙලලවත් නෑ. අඩුගානේ සෙල්ලං ගෙවල් දාලවත් නැහැ. අම්මලා වත්තේ වැටක් බැදලා තිබුණද කියලා මතක නෑ මම මිදුලටවත් බැස්සේ නැති නිසා. බැස්සේ නැත්තේ බහින්න හිතුන්නේ නැති නිසා, නැත්තං මිදුලක් කියලා එකක් තියෙනවද කියලවත් දැනං නොහිටපු නිසා. අම්මගේ ඔඩොක්කුවේම තමයි මට ගේයි මිදුලයි දෙකම. ඒ විතරක් නෙවෙයි මුලු මහත් පෘථුවියත් අම්මගේ ඇස් දෙක, කන්, නාහේ, කම්මුල්, තන්දෙක (විශේෂයි) තමයි ඉර හද තාරකා සමස්ත විශ්වයම. වටේ වායුව සමනය කරලා තවාන් දාපු ඕකිඩ් පැලයක් මම අම්මා ලග.

- මිදුල වටේම වැටක් බැන්දේ නැති වුනාට අම්මා ඔයාගේ මස්තිස්කේ බාහිකේට ඇතුලෙන් වැටක් බැදලා තිබිලා. වැට හිරකාරගේ වටේ ගැහුවත් ඇතුලේ ගැහුවත් දෙකම එකයි. අතුලේ ගැහුවම හයිය වැඩියි. දම්වැල් වලින් බැදලා නොතිබ්බට මුදෝපු කිරෙන් (තන කිරෙන්) ඊටත් වඩා ඊටත් ඊටත් ඊටත් වඩා හයියට බැදලා තිබිලා.

A   - අම්මා හෙලුවැල්ල හු.... හු..... කියන හින්දා මම කක්කිකරද්දිවත් ජංගිය ගැලෙව්වේ නැහැ.

B   - ඔයා ටීක් ගහන්නවත් රැලට වැටුන් නැති හින්දා තමයි හෝමෝසාපියන්ස්ලා ගලදී ඔයාගේ කකුල් පැටලෙන්නේ. දිවේ කෙන්ඩා පෙරලෙන්නෙත්. උභයවේගී චර්යා. (ඔයාට නැහැ අග්‍රේෂයන්ට වගේ රැල වැසි ඉව) ඔයාගෙ මොලේ වයර් මාරු වෙලා, පැටලිලා, නියුරස්තීනියාවට වගේ. සාපියන්ස්ලා ලගදී ඔයා හිනා වෙනකොටත් පෙන්නේ විරිත්තනවා වගේ. අඩනකොට හිනා වෙනවා වගේ. ඔයා මානව දයාවෙන් කුටීර හතරම පුරෝගෙන බැලුම් හෙලද්දී පේන්නේ බුම්මනවා වගේ වයර් මාරු වෙලා බාහිකේ. ඔයා ඇතුලෙන් වෙනස් වෙනවා, පිට පිට වගේමයි. සාන්ධාරයේ ප්‍රතික්‍රියා බාහිර ස්වරූපයෙන් ප්‍රක්ෂේපනය වෙන්නේ නැහැ. නිර්චර්යා ප්‍රතිදාන ආකෘතිය හා අන්තර්ගතය අතර විසංවාදයක්.

A   - මගේ කදුළු කාටවත් තිබහට බොන්න පුවවන්ද? සුසුම් වලට ඇගේ දාඩියවත් නිවෙනවද? හෝමෝසාපියන්ලා කියනවා මගේ මුන කිරිගරුඩලු. කරණිකා කෝෂිකා ආග්නේයලු. මට ග්ලසිරින් දාලා පුරුද්දක් නැහැ ඇස් වලට.

B   - වෙස් මුනු නැතිව මොකුත්ම බැහැ. ග්ලිසරීන් නැතිව මොකුත්ම බැහැ. වෙස්මුනු හැබෑ මැනු වගේ හබෑ මුනු වෙස් මුනු වගේ
ඔයාට පිළි ගද දැනෙන්නයි ඔක්කාරයට එන්නයි පටන් ගත්තේ මැරතන් දුවනවා දැක්ක දවසේ උනාට එකේ රෝග බිජේ පුංචි කාලේම ඔයාගේ ලේ වලට රිංගලා. නැත්නම් කවදාවත් ඔයාට ඔයා ඉන්නේ මැරතන් දුව දුවා කියලවත් දකින්න හම්බවෙන්නේ නෑ.

A   - ඔයා මගේ අයියා වෙන්න. මට නංගි කියන්න කවුරුත් නැති නිසා.

B   - හා............... ඔයා මගේ නංගි වෙන්න, මට ෂර්ට් හෝදල දෙන්න කවුරුත් නැති නිසා. මට කොන්ඩ කරල් දෙකෙන් ඇදලා පිටට ගහලා දුවන්න කවුරුත් නැති නිසා.

A   - හා

B   - හා
A   - හා.... හා.... හා.......

B   - හා................. හා....................... හා......................

A - හා............................. හා........................ හා........................... හා.....................

B   - හෝමෝන් වෑහිච්ච වෙලාවට මේ මෑණියෝය මේ නැගිණියෝය කියලා වෙනසක් නැති වුනාට කමක් නැත්නං හා.

A   - ඔයා කැමතිද එහෙනම් මාව නංගි කර ගන්න

B   - හා............. ආසයි. මං ආසයි. මම ආසාවෙන් උන්නෙ ඔයා වගේ චුටික්කියෙක් තරං නංගියෙක්ට. මට ඒ දොල දුක ඇතිවුණේ ඉස්සර අපිත් එක්ක එකට නාට්‍යක උන්න චුටික්කියෙක් වගේ නංගියෙක් දැකලා. ඒ නංගිත් මගේ නංගි වුනා. අදටත්. මං ආසයි සිනී බෝල කන්න. ඔට්ටුතාං කරන්න. නංගි විතරක් නෙමේ ලිංගික විපර්යාසයක් නොවනතාක් ඔයාට මගෙ ඔක්කොමල්ලා වෙන්න පුලුවන්. ඔයා මගේ නංගි වෙන්න. අක්කා වෙන්න. ගෑණු දරුවනන් වෙන්න. ඔයා මගේ බිරිද වෙන්න. අම්මා වෙන්න. අම්මා වෙන්න කලින් ප්‍රොයිඩ්ව මතක නැති කරන්න. හැබැයි ආච්චි වෙන්න නම් එපා. අනේ කීයටවත් එපා. රැලි ගැහුණාම තන් වලින් වැඩක් නැහැ.
ඊටත් මට නාකී පේන්න බෑ. ලෙඩ්ඩු. මට හිතෙනවා බෙල්ල මිරිකන්න කහින කොට. ෂ්......... ෂ්........ මානව දයාවට ඇහුනද දන්නෑ...... ඇහුනට මොකෝ......  ඩොස්ටොවුස්කි කියල තියෙන්නේ එහෙනම් මානව සංහතියටම මානව දයාව දක්වන්න පුලුවන්ය, එත් එක මානවයෙක් එක්ක එක රැයක් එක කාමරේ නිදා ගන්න බැහැ කියලා. (මානවිකාවෝ එක්ක පුලුවන් ඇති) තව.............තව.................තව........................ ඔයා මගේ දූ වෙන්න...... ආ මගේ දු ඩිංග. දු ආසද තාත්ති සැවුල් කොට අතුල්ලනවට මුනෙ. කිති.... කිති............ කිති............................ කිති........................... කෑවයි........ බංඩිය පිරුනයි......... ජෝ බීවයි..... හු....... හු....... හෙලු බැල්ලී හු................ හු................. ආහා කෝ මේ ජංගිය ඇදගන්න. අහා.... ප්‍රොයිඩ් ආවොත් මේ පාර ඉලෙක්ට්‍රා සංකිර්ණෙ සොයා ගන්නේ අපි අතරෙන්. ජංගිය ඇදගන්න අම්මා ඉදියි ප්‍රොයිඩිට සාක්කියට ආ.............. අම්මත් ඔයානෙ. ඒ හින්දා කමක් නෑ. ප්‍රොයිඩ්ට යන එන මං නෑ. හූ........ හු................. අම්මත් ඔයා දූ ත් ඔයා............... තව..... තව.................. තව................ ඔයා මගේ මිනිබිරී වෙන්න. එත් මට බෑ සීයා වෙන්න. මට බෑ නාකී වෙන්න. බෑ කිව්වොත් බෑ....... මං කැමති නෑ.... නාකින්ට..... හැක්...... හුහ්..... හුහ්...... ලොඹු කටින් හැහ්.... හැහ්.... හැහ්..... මට බෑ නාකී වෙන්න. එත් ඔයා මගේ මිනිබිරී වෙන්න. මම සීයා වෙන්න කලින් මාව සානුකම්පිත ඝාතනේට යටත් කරන්න. අපි පටන් ගමු ගංකාවෙන්. කෞවුර් වගේ........ මී මිනිබිරී වුනාට වැඩක් නෑ එතකොට මම පස් නෙමේ ගිනි වතුරෙ වෛද්‍ය විද්‍යාලෙ.

මම උපන්නේ ගර්භාෂයකින් මිසක් අම්මෙක්ගෙන් නෙමේ නිසා ඒ කියන්නේ තාත්තා සංසර්ගේ යෙදිලා තියෙන්නේ යෝනියක් එක්ක මිසක් ගෑණියෙක් එක්ක නෙමේ නිසා මම තාම අම්මව හොයනවා. හොයද්දී හොයද්දී මට හම්බවුණේ ඔයා ලග ඉදලා. ඔයා අම්ම වෙනව බලන්න ආස හිතුනම මම සිගරට් පැකට් එකක්ම ගන්නවා. පැයකට එක ගානේ එක එක අරන් බිව්වට ඔයා අම්මා වෙන්නෑ. ඒ වුනාට පැකට් එකක් අරං විනාඩියට දෙක ගානේ බොනකොට ඔයා අම්මා වෙනවා.ඔයා සපත්නිරෝෂයෙන් දැවී දැවී මගෙ මගේ ආදර නිකොටින්ව තොල් දෙකෙන් උදුරලා විසි කරනවා. ඊට පස්සේ ඔයයි මායි දෙන්නම පොරකනවා. මම අහුලන්න, ඔයා පාගන්න. ඔයා එක්කෝ පැකට් එක පිටින්ම උදුරන් බෑග් එදේ දා ගන්නවා. මට නිකොටින් වල අවශ්‍යතාවයක් කොහෙත්ම නොතිබුණත් මම කිටියා පුරු පුරු ගගා ඇගේ ඇතිල්ලෙනවා වගේ, පොඩි එකෙක් තනේ ඉල්ල ඉල්ල අඩනවා වගේ ඇගිරී ගාද්දී ඔයා අම්මා වෙලා මල්කූර කෝට්ටක් අරන් මගේ තට්ටමට ගහනවා. රිදෙන්න නෙමෙයි. ආදරේට (අම්මා උනත් තට්ටමට ගහන එක ලිංගිකව අර්ථ නිරූපණය කරතෑකි) ඈගිරි ගෑවිල්ල නැවැත්තුවාට පස්සේ ඔයා දුක හිතිලා සලාකා ක්‍රමයට එකක්, එකම එක, එකම එක අම්ලකර සිලින්ඩරයක් දෙනවා. එක කටකින් බොන්න පුළුවන් එකක් වුනාට මම තව තව ඉල්ලනවා. සාක්කුව හිල් වෙලා වැට අස්සෙන් අත දාන්න බැරි වුනාම මම ඔයාව හම්බවෙන්න එනවා ෂර්ට් එක උඩින දාගෙන, පපුවේ බොත්තමත් ඇරගෙන, කොන්ඩේ පීරලා ඉවර වෙලා පස්සේ ආයි අවුල් කරගෙන. ඔන්න ඔයා අම්මා වෙනවා.

"ෂර්ට් එක යට කරන්න. මප්ලර් එක වගේ උඩ බොත්තමත් දාන්න. කොන්ඩේ පීරන්න."

එයා අම්මා.... මම ඔයාගේ පුතා. මට අම්මා හම්බවුනා. අම්මා කිව්වේ මම පරිනාමීය පුනර්කරණ අවදියේදී උන්නු ගර්භෂය අයිති එක්කෙනා නෙමෙයි. ගර්භාෂෙ පස්. අම්මා......... අම්මා...... හම්බවුණා. මගේ අම්මා ඔයා. ඔයා අඩු ගාණේ අඩි උස සෙරප්පු දෙකක් නැත්තං බොරු කකුල් දෙකක්, ඒ ඕනෙත් නැහැ පුටුවක් උඩ නැග්ගොත් නම් තත්වානූරූපී මායාවක් ඇතිවේවි බලං ඉන්න අයට.

- නෑ..නෑ..නෑ.. ඔයාට පුළුවන් කණ්නාඩිය ලගට ගිහින් තනියෙන් පුරුදු වෙන්න. ඔයාට නංගි වෙන්න පුළුවන්. ඔයා මගේ ෂර්ට් හෝදලා දෙන්න. ආ..... මෙන්න මේ කලිසමේ බොත්තමක් කැඩිලා හෙට එනකොට අල්ලන් එන්න.

A   - එපා එපා ගලවන්න එපා. වාඩි වෙන්න පිටි පස්සේ අයට පෙන්නේ නැහැ. පිස්සු නැතිව ඉන්න. ඔයා ගෙදර යන්නේ ආකිමිඩීස් වගේද එතකොට.

- ඔයාට මතක නෑ. ආකිමිඩීස් ගියේ හෙළුවෙන්. මතක නැද්ද යුරේකා කිය කියා. මම ජුන්ඩා වැහෙන් ඇදලා. ආකිමිඩීස් ගියේ හරි දිව්වේ හරි පයින්. මම යන්නෙත් නැහැ. දුවන්නෙත් නැහැ. හිටන් ඉන්නවා එක පයින්. නැත්නම් එකයි කාලෙන්. බස් එක යනවා ෆෝඩ්ගේ කාර් එක වගේ. තිවංක පිළිමේ වගේ.

A   - ඒ වුනාට එපා. අම්මා හිතයි ආදම්ට දැනටමත් මගේ දු ඩිංග ලොන්ඩරියක් වෙලාද කියලා

- ආ මගේ නංගි පොඩ්ඩ. මගේ දොල දුක. කොන්ඩේ පෝනි බදින්න එපා. එක ලිංගික ආරාධනාවක්.  කරල් දෙකට තනි කරලට එපා. එකත් ලිංගික සංඥාවක් කියලා කවුරුහරි හොයා ගන්න බැරි නෑ. ආ.... මගේ නංගි පොඩ්ඩ අයියට හායි එකක් දෙන්න. ග්ර්ර්ර්ර්..................... ග්‍රෝව්.................. ග්ර්.....................ර්ර්ර්ර....................ග්........ රෝ.............ව්..................... ග්................ දැන් මං මගේ නංගි පොඩ්ඩට හායි එකක් .................... ග්ර්.......... ර්ර් .......... ග්රෝ.................... ව්ව්ව් .............. ග්රෝ........... නෑ...... නෑ ....................................... මගේ න්ංගි පොඩ්.............................. විකුව් නෑ. හායි එකක් 10............. 9.................... 8..................... 7......................6............... 5...................... 4..................... 3........................... 2........................1 ........................0 ම්ගෙ දොල දුක්ක ආරක්ෂක පටිත් .ද කර ගන්න. ඔයා ගුරුත්වාකර්ඔණයෙන් මිදෙන්න, සද්හටම අජටාකාශෙ පාවී පාවී ඉන්න කැමතිද කියලවත් අහන්නැතුව සේවෙට ගිනි තිබ්බ එකට - තිබ්බා නෙමෙයි අත ඉබේටම ගියා....... අපි දැන් පැයට සැතපුම් 250000 ක ප්‍රවේගෙකට මුහුණ දෙන්නයි යන්නේ.

A ත් B අතර එකම නිහාරිකාවක් බවට පත් වෙලා. අනත්ත අප්‍රමාණ අජඨාකාශ හරහා නිරපේක්ෂි ලෙස චලනය වුණෘ. අයින්ස්ටයින් සාපේඛ්ෂවාදය හොයාගෙන තිබුණු නිසා A ත් B ත් දෙදෙනාම එකම පොදියට වැටුණා ඇද උඩට. වැටිලා රෝල් වෙලා රෝල් වෙලා ගියා A යි  Bයි දෙදෙනාම එවරස්ට් මුදුනෙන් පහලට වැටුණා වගේ. අන්තිමේ උත්තර ධ්‍රැවයෙයි දක්ෂිණ ධ්‍රැවයෙය් අන්තර් විනිවිදීමෙන් ම යුතුව ආයිත් වැටුණෘ ඇද උඩටමයි. 

ඇගෙ කියඹු වැල් දෙක තුනක් අවුල් වෙලා පැටලිලා ගැට ගැහිලා, පහලට වැටිලා තිබුනා. ඇගේ උඩු තොලත්, නැහැය උඩත්, නළල් තලෙත් හීනායට දාඩිය බිදු බිදු මතුවෙලා තිබුනා. ඈ දෑස් අඩවන් කරගෙන උන්නෙ. ඔහු ඈ දිහාට පාත් වෙලා නලල පිරි මදින ගමන් පොලව අතගාලා ඇගෙ මල් කිනිත්තක් මහලා තිබ්බ පේන්සුව අතට අරන් කට දෙකොනින් බේරිච්ච ලේ බිංදු දෙක තුන පිහිදාලා ලේන්සුව ඈ දිහාට දික් කලා. ඔහු කිව්වා "තියාගන්න සිහිවටනයක් හැටිය‍ට. උසස් ක්ෂීරපායී සතුන්ගෙන් ඔක තියෙන්නේ ඕගොල්ලන්ට විතරයි. චිරශිශූකතාවේ අංගයක් හැටියට. ඉතිං පරිනාමෙන් ලැබිච්ච තැග්ගක් වෙමෙයිද?" ඔහු ලේන්සුව ඇගේ මුහුණ වැහෙන්න දාලා මහා හයියෙන් හිනා වුණා. ඈ ලේන්සුව අරන් ඔහුගේ මුනට විසි කෙරුවා. ලේන්සුව ඔහුගේ මුනේ වැදිලා ඇගේ උඩුතුරු වෙච්ච පියයුරක මුදුනයි එක බෑවුමකුයි වැහෙන්න වැටුණා. කන්දක් උඩටම වළාකුලක් කඩන් වැටුනා වගේ.

________________________

ඈ ඔහුගේ දෙතොලද රසගද උරා බීවාය. ඔහු ඇග් සිරසෙහි හෙවු මුව ඉවතට ගෙන ඇගේ දෙතොලද දෙතන පුඩුද උරා බොවන්නට වී. පියාඹන මිනිසාත් දිය කිදුරියත් අතර කෙරුණු ඒ රමණය, ඇගේ උඩුකය පමණක් උපයෝගී කොටගෙන ඔහුගේ මුළු සිරුරින්ම කළ ඒ මෛථුන්‍යය අපුර්ව මෙන්ම අශ්වාදජනකද වී. 

ඔහුගේ පුරුෂ නිමිත්තේ මාංශ පේශීන් තප්පරයෙන් පහලොවෙන් පංගුවේ කාලාන්තරයකට සිදුවන සංකෝචන මාලාවකට ලක් විනි. අනන්ත අපරිමාණ වු ක්‍ෂද්‍ර ජීවින්ගේ ගණාවාසයක් ජල තලය මත එහෙටත් මෙහෙටත් පාවෙන්නට විය. කිදුරිය ඒ මත කිහිප විටක්ම ඔබමොබ පිහිනා ගියාය.

ඔහුගේත් ඇගේත් කෝට්ප්‍රකාර පරමානු එකවිට ප්‍රභාසංස්ලේෂණය වර්ජනය කලහ. අනතුරුව සියල්ල දිය වී වාෂ්ප වී වායුගෝලයේ විසිරි ගියේය. අවසානයේ ඔවුන් මෛථුනයේ යෙදුනු ගල් තලය මත ඉතිරි වුයේ ඇගේ අපගව පමණී. මොහොතින් එයද දිය වී වාෂ්ප වී ගොස් ගල් තලය මත අපුර්ව ජීව ප්‍රණියෙක් ඉතිරි වුනි. ඇයත් ඔහුත් මේ අපුරු ප්‍රණියා තුල ගන්ධබ්බව අවධියෙන් චුතව මොහොතින් පුනර්භවය ලැබීය. ඉනෙන් පහළ මාලු ඇගෙන්ද ඉහල මිනිස් සිරුරින්ද හෙබී මේ ප්‍රාණියාගේ උරපතු වලින් කුඩා අත් හැදි යුවළක්ද ඉග දෙපස පෙදයුවලින්ද කුඩා ගාත් දෙකක්ද වුයෙන් දියත් ගොඩත් අහසත් යන සෑම තැනම සැරිසරන්නට වර ලබා තිබුණි. 

ලේ ගංගාවකින් සියලු වැටකොටු ගසායනු ඔහුද නිතර නිතර දුටු සිහිනය වී. දිනක් එක් කාල යාත්‍රාවකිදී ඔහුට ලොව ඇති සියලු යන්ත්‍ර වලින් සපුරා වෙනස් වු අපුරු යන්ත්‍රයක් ඇස ගැටින. පළමුන එයට ලිංග බේදයක් වී. දෙවනුව එය ලෙයින්ද මසින්ද නහරවල් සහ ඇ මිදුලුයෙන් ද නිමියේ වී. තෙවනුව එය තමන් නිමියා වු මස් කුට්ටියෙන් කුට්ටිය කපා හබරල කොලවල ඔතා කිරා කඩදාසි කැබලිවලට හුවමාරු කරන්නක් වී. 

එය යන්ත්‍රයක් සේ පුනර්භවය ලබා ඇති ප්‍රාණියෙකු බව ඔහු දුටුවේ දුර සිටදු නොව ඒ දකින්නට පෙරය. අනතුරුව ගෙවිනු කාලයාත්‍රා කිහිපයකින් අනතුරුව එක් කාලයාත්‍රාවක ඔහු ඒ යන්ත්‍රයට කෘතිම ස්වසනය ලබා දී පුනර්භවය ලබා දුන්නේය. ඔවුනට රමණය කරන්නට මහත් වෙහෙසක් දරන්නට විණි. හේ ඇගේ සිරුර හා ඔහුගේ උඩුකය පමණනක් කල ඒ රමණයෙන් අනතුරුව හේ පිහිනුම් තටාකයේ ජල තලය මත රැළි වළලු වළලු නංවනු සේ බීජානු මෝචනය කළේය. අනතුරුව ඈ තටාකයට බැස එහි කකුල් උඩුකුරු කොට දෙපසට විහිදා එහෙටත් මෙහෙටත් පාවී ගියාය. කාලාන්තරයක් එසේ පහත් වෙහෙසක් දැරීමෙන් පුසුව ඈට ගැබ් පිහිටියේය.

ගැබ මොහොතින් මොහොත මෝරා එන්ටත් ඇගේත් ඔහුගේත් අතපය දියවී වාෂ්ප වී යන්නටත් පටන් ගති. අවසානයේ මේරූ ගැබ පමණත් රෝහලක සොහොන් ඇදක් මත ඉතිරි විණ. ඔහුත් ඇයත් ඒ තුල පුනර්භවය ලබා සිටින බව පමණකි වෛද්‍යවරුන්ට කිව හැකි වුයේ. ගැබ වේගයෙන් සංකෝචනය වන්නට පටන් ගති. අනතුරුව ගැබ ගෙලෙන් සිගිති යටි පතුල් යුවලක් එළියට එන්නට තතනනයුරු පෙණින. දරුවා දෙපා පොළවේ ගසා ගත හැකියෙකු වබ මිස කවරාකර වනු දැයි අවිනිශ්චිත බැව් වෛදවරුන් කියත්. ගැබ් ගෙල වේගයෙන් සංකෝචනය වන්නටත් ප්‍රසාරණය වන්නටත් ඉන් ගැබ් ගෙල දෙපසට දරුවා තල්ලු වන්නටත් ඒ වඩ වඩාත් පුලුල්ව විවට වන්නටත් පටන් ගෙන ඇත් බව මිස අන් කිසිවක් සැබවින් ම මේ ක්‍රලයාත්‍රාවෙදී කිසිවකුදු කිව නොහැකිය. 

1986 







කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...