ප්ලොරසන්ට් පහන දෙකොනෙහි පන ගැහෙමින් තිබිණි. ඒ සීතල එළියේ ඈ විලි
පහරමින් උන්නාය. ගැබ දරා සිටියාටත් වඩා විලි පැහැරූ කාලය
දිගින් වැඩිය. මේ මොහොත වන විට ඈ විලි පහරමින් සඳින් සඳ
ගෙවා හිරු රාශියක් ඉක්මවන්නට ද ළඟය.
කිහිප වතාවක් ඇගේ මේ අරුම පුදුම ගැබ පලා බලන්නට දොස්තරලා කුහුලින් යුතු
වුවත් ඒ හැම විටකම තවත් අරුම පුදුම යමක් සිදුවිය.
ඔන්න නිර්වින්දන බේත අහන්නෙ නැතිව ගියා මුලින්ම. චුට්ටක් එහෙට වුනොත්
සදාතනිකව සියළු වේදනයන්ගෙන් මුදා හරින තරම් බලගතු ඒ බේත දහ ගුණයකටත් වැඩියෙන්
විද්දහම තමයි ඇහැව්වෙ. ඊට පස්සෙ අතට ගන්න කොට ඇස් නිලංකාර වෙන ගානට
දිස්නෙ ගහපු සැත්කටු ඇගෙ නැඹට පහළින් යොමු වෙද්දි මලකඩ වලින් බරිත වෙලා ගියා. තත්පර ගානකට කලින් ජීවානුහරණය කරපු කතුරු අඩු බඩු විදගෙන පනුවො එකා දෙන්නා එළියට ඇවිත් ඒවායේ කෑල්ලක්කත්
ඉතුරු නොවී එහෙමිපිටින්ම පනුකූඩු වෙලා සර සර ගාල බිමට හැළුනා. ඉතින් ඔය විදියට එ වැඩේ අත් ඇරලා දාන්න උනා.
අන්තිමේ රෝහල ඇතුලෙයි, ඒ අවටයි තියන සේරම බන්ධන අඩස්සි නිදහස්
කරන්න වෛද්‍යවරු තීරණේ කළා. ගෙවල්වල දොර ජනෙල් ඇරලා දැම්මා. අල්මාරි, පෙට්ටගම්,
සේප්පුවල පියන් ලාච්චු ඇරලා දැම්මා. කුස්සිවල හට්ටි මුට්ටි ඇරල දැම්මා. බාල්දි වලින් කඹ පොටවල් ලිහල දැම්මා.
සංඝරත්නය වැඩමවා අංගුලිමාලය කිව්වා. කෝලංකාරයො ගෙනල්ල
බඩදරු කෝලම නැටෙව්වා. කෝලම්කාරය සබේ පිරිම්න්ට බඩෙන් ගගහ එලවනකොට
අපේ ආතුරයා හිනාවෙවී අත්පුඩි ගැහැව්වා.
මේ සේරම අහවර වුනත් ඈ විලි පහරමින් උන්නා. අන්තිමේ දොස්තරලා
කිව්වා ඇගෙ බඩේ ගෙඩියක් කියල. කියල කට ගන්න කලින් ඇගෙ රහසඟ දෙතොල් විවට
කරගෙන ජල පටලය විනිවිදගෙන කෙහෙ රොදක් පේන්න නොපෙනෙන්න ගත්තා. වදන වාට්ටුව දෙදරන්න ගත්තා. ඈ එල්ලී හුන් විලි රෑන
කඩන් වැටෙන්න ඔන්න මෙන්න කියලා හිතෙන තරං වුනා. ඒ අස්සෙ තමයි ඊළඟ අරුම
පුදුම දේ සිද්ධ වෙන්න ගත්තෙ. විලි රෑන කෙමෙන් දැඩි වෙමින් නොවෙමින්, තත්පරෙන් පංගුවෙන් පංගුව ගෙවෙමින් නොගෙවෙමින්, කියන්න හැකි නොහැකි රූප අරූප කාල අකාල විපිරියාස වෙලා යෝධ අංග ජාතයක් ඉතිරි
වුණා. ඈ අපුලින් අත් අත හැරිය. එත් අත ඇරුනෙ නැති වුනාම අත් ගසා දම්මා. ඒත් දෑඟිලි ඒ වටා අඩස්සි වෙලා තිබුණා. බියෙන් ඈ ඇකිලෙන පැකිලෙන සැණෙහි ඒ අංග ජාතය කෙලවරින්
තවත් දික්වෙමින් සර්පයෙක් වගේ ඉව අල්ලමින් ඇගෙ දෙතොලෙහි දැවටුනා. අම්මගෙන් බිවූ කිරි කළෙඳ
ඉඳන් උගුරෙන් පහළ ගිය හැම දේම ඈට ඔක්කාරෙට ආවා. ඒ අව් අස්සෙ අංග ජාතය
පුරුක් ඇදෙමින් දික්වෙමින් පහළ බැස ඇගෙ පියවුරු තුඩුවල දැවටීගෙන ගොස් දෙකලවා වටා
දරණලා ගත්තා.
විලි රෑනේ එල්ලී හෑල්ලු නොවූ කුසින්ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළ
කඳට අයිති කාරයෙක් හොයන් එන්න. තාර පාර දෙපැත්තෙ යෝධ අංග ජාතයන් මුදුනෙන්
මෝචනය වුණු එළිය දිගේ ඈ ඇවිද්දා. අහසත් පොළවත් රති කෙළියෙ යෙදිල හඳ එළිය
මෝචනය වෙන රෑ සියක් ගෙවමින් ඈ හෙව්වා.
මේ අතරෙ නගරසභාවෙන්, ඒ වෙනකොටත් විලි පහරමින් තිබ්බ ඇගෙ මළ කඳ
කබරයන්ගෙන් ඈත් කළා. ඉළුක් කොලයක් හොයාගන්න බැරි වෙච්ච නිසා ඇගේ බඩ පලා ඈව කුසින් හෑල්ලු කරන්න ඔවුන්ට පුළුවන් වුනේ
නෑ. මුළු මහත් නගරයේම ඉතිහාසය වෙනස් කළ මේ කතාව
මා ලියා අවසන් කරතත් එහි මුල්ම ජේදය ලිවුවෙ කවුරුත් නම් ගම් නොදන්න නගර සභාවෙ කසල
ශෝධකයො දෙන්නෙක්.
එක්තරා රැයක නගරයෙ අස්සක් මුල්ලක් නෑර තිබූ සියළු කොඩි ගස් මුලින් සිඳ දමා
තිබුණා. සිඳ දමා තිබූ තැන් වලින් ලේ වෑහුනා. ආයි හයි කරපු හැම වතාවකම ඒ දේම නැවත නැවතත් සිද්ධ වුණා.
රාත‍්‍රියට සුදු ඇඳගත් ගැහැනියක් තනි මං ආ පිරිමින්ව නවත්වා දරුවකු අතට දී
අතුරුදහන් වුණා. මේ විදියට ලැබිච්ච දරුවෙක් නැති ගෙදරක් හොයා
ගන්න බැරුව ගියා. හැමදාමත් තුන්වෙනි යාමෙට අද්භූත සතෙක්ගෙ
ලතෝනියක් ඇහෙන්න ගත්තා ඔය අතරෙ. ගමෙන් නගරෙට ආපු වයසක උදවිය ගමේ හුරු පුරුදු
සද්දයක් ඇහීමෙන් උද්දාම වුණා. ඒ අයගෙ ලොඹු කටවල්වලට කාලෙකින් පන ඇවිත්
කෙලවරක් නැති කතාන්දර දෙසා බාන්න ගත්තා.
බට නලා පිඹ පිඹ හිටපු සංගීතකාරයන්ව හමුවෙන්න මෝහිනී ආපු කතාවලින් පත්තර
පිරිලා ගියා. සුදු දුහුල් සළු ඇඳගත්, බටහිර නිල් චිත‍්‍රටියක තරං සුන්දර ගැහැනියක් ඇවිත් ඒ වැයුමට රැඟු බවත්, ඒ රංගනය පරප‍්‍රාප්තියට යද්දි තමාට වයන්න නොහැකි වූ බවත්, එවිට ඈ තමාට පිටුපෑ බවත්, ඇගේ පිට පෙදෙසේ බරු ගැසූ වේ කුහරක් මෙන්
සුඹුළුයෙන් යුතු නොයුතු බවත්, නැත්තං තමන්ව කැඳවාගෙන සොහොන් බිමකට ගොස්
මිනී වලක් හාරා එහි වූ අතුනු බහන් සියොලඟ ඔතාගෙන ආ බවත්, එසේත් නැත්නම් තවමත් පන ගැහෙන ලේ වෑහෙන මිනී මස් රන් බන්දේසියක තබාගෙන වුත්
පිළිගැන්වූ බවත් හැමෝම කිව්වා.
එක රෑක ගාලු මුවදොර මුහුදට මානලා තියෙන කාල තුවක්කු ඒවායෙ බට මුලින්ම සිඳ
දාල තිබ්බා. ඒවායෙන් වෑහිච්ච ලේවලින් මුහුදෙ වතුර රතු
පාට වෙමින් තිබුණා. වෙරළ අයිනෙ මිනී මෝරු පෙම් කෙලියා.
පදමට දාල බස් එක වැරදිච්ච පරණ වෘත්තිය සමිතිකාරයෙක් පාර
දිගේ එමින් හිටිය. පස්සෙන් එක සීරුවට සද්දක් ඇහුණු නිසා ඔහු
හැරිලා බැලුවා. පිදුරු මුට්ටයක් තමන්ට චුට්ටක් එහෑන් වැටිලා
තියනවා ඔහු දැක්කා. පිදුරු මුට්ටෙට ඔලුව ගහන් ඔහේ නින්දක් දාල, ඇහැරුනාම මෙහෙම්ම වැඩට යනවා කියලා හිතල ළඟට යනකොට පිදුරු මුට්ටෙ එහෙට
පෙරලුනා. එතන ඉදලා තමන් ආපු පාර දිගේ පිදුරු ගස්
වැටිලා තියෙනව ඔහු දැක්කා. තිත්ත කුණු හරපයක් කියල ඔහු පිදුරු මුට්ටෙට
පයින් ඇන්නා. එතකොටම අන්නාසි ගෙඩියක් පිටේ ඇතිල්ලෙනවා වගේ
දැනුනා. ඔහු හැරෙන්න හැදුවත් කබැල්ලෑවෙක් වගේ යෝධ සතෙක්ගෙ
අත් පාවල අඩංගුවට ඔහු අසුවුනා. උපන්තේකට බීපු සේරම කකුල් අස්සෙන් වෑස්සෙන්න
ගත්ත.
තමන්ගෙ කකුල් දෙක අස්සෙන් තමාව අල්ලන් ඉන්න මොකාගෙ හරි වල්ගෙ වක ගැහිලා
එල්ලිල තිබුණ. ඒ වක ගැහිච්ච වල්ගෙ දිගෑ බලල ඔහු හිතුවා...
"මූ තලගොයෙක් වෙන්න ඕනෙ. !!!.ම්......ම්! කිලෝ කීයක් ඇද්ද?......... තලගොයෙක්! රුසියාවට චෙච්ච දෙයි
හැටියට ඕක මොකක් ද?....... මූ තලගොයෙක්! ?...... මූ තලගොයෙක්!... බයිට් එකට නං නියමයි. .... තලයගෙ දිව හොඳයි අහල පහල පුංචි උන්ට කන්න දෙන්න."
ඔහු තලයව පිටේ තියාගෙන හති දදා වුනත් සන්තෝසෙන් සිංදුවක් කිය කිය කඩතොල්ලන්
චෙච්ච කියත් දැති රටාවකට පාර පුර ගෙදර ගියා. මගදි තලයගෙ නැට්ට
දණිස් දෙකේ වැදෙන හින්දා ඔහු පාත් වෙලා බැලුව. එතකොට නැට්ට කොළ පාට
වෙලා තිබුණා.
තැබෑරුංකාරය අත්තන දාල කියල යටි හිතින් බැන බැන ආපහු ගමන පටන් ගත්තා. මගදි තමන්ගෙ දැං කිසිම වැඩක් පලක් ගන්නෙ නැති අවයවේ වටේ
මොකක් ද පැටලෙනවා දැනිලා ඔහු පහත් වෙලා බැලුවා. එතකොට ඔහු දැක්කෙ
තලයගෙ නැට්ට රතුම රතුපාට වෙලා ඒකෙන් තමන්ගෙ අංග ජාතෙ වටේ ගැටයක් වැටීගෙන යනව. ඔහුට තමන්ගෙ මධුසමය මතක් වෙන්න වගේ ආවත් එතකොටම පිටේ
තිබ්බ ග‍්‍රහණයත් බරත් නිදහස් වුණා. ඊට පස්සෙ වෙච්ච කිසි දෙයක් ඔහුට මතක නෑ. පාන්දර බිරිඳ දොර අරිද්දි අතේ ගුලි කරගත්තු අංග ජාතයක් එක්ක ඔහු දොරකඩ වැටිලා හිට්යා.
බිරිඳ "තුහ් නොදකින්" කියලා ළමයි නැගිටල එන්න කලින් අංග ජාතෙ කෝටු කෑලි දෙකකින් ඇදල අරන් බලු
පොව්වා ළඟට තල්ලු කළා. ඌ ඒක බස ගාල ගිලල දාල අතෘප්තියෙන් දොරකඩ
දිහෑ බැලුවෙ හප හපා ඉන්න මස් කට්ටක් ලැබේදෝ කියලා.
වෙනදට නිතර දකින්න නැති එකේක මෝස්තරේ කටුස්සො කොල්ලො කුරුට්ටන්ගෙ සෙල්ලමක්
වෙන තරං වසංගතයක් වුනා. කොල්ලො උන්ගෙ නැට්ටෙන් අල්ලල කරකවල උඩ විසි
කළා. මේ සෙල්ලමෙන් පරෙයියන්ට යන එන අතක් නැති
වුණා. කටුස්සන් මරා දැමීමට විරුද්ධව වයසක උදවිය
කොච්චර දේවල් කිව්වත් ඇන්ටෙනා උඩ රැස්වීම් තිය තිය හිටපු කටුස්සන්ව බිම වට්ටවලා
ගල්වලින් තලා දාන එක රස්සා නැතුව හිටි තරුණයන්ගෙ රස්සාවක් වුණා. ඒත් හැම ලේ පැල්ලමකටම හත් දෙනා ගානෙ, උන්ගෙ ලේ පැල්ලම්වලට තව හත්දෙනා හත්දෙනා ගානේ කටුස්සො උපන්නා. උන්ගෙන් ඇන්ටෙනා වැහිල ගිහින් රූපවාහීනී විකාශන අපැහැදිලි
වුණා. මුරකාවලට වැට්ච්ච පොලිස් භටයෙක් ඒ භයංකාර
සද්දෙ ආ අතට වෙඩි තිබ්බා. පහුවෙන්දා හොයන් ගියාම ඒ අහ කටුස්සෙක්
මැරිලා උන්නා.
මපට් කණ්ඩායම් නා නා ප‍්‍රකාර කටුස්සන්ගෙ මපට් හදාගෙන වීදිවල සංදර්ශන
පැවැත්තුවා. වයසක උදවිය කියන මිත්‍යා කතන්දර මේවායින්
නිරුපනය වුණා.
කෙල්ලන් වලලන්
කොල්ලන් ගොඩගන්
කියන සලාද සිංදුව කොච්චර ජනප‍්‍රිය වුනාද කිව්වොත් කටුස්සන්ගෙ නැට්ටෙන්
කරකවල උඩ අරින කොල්ලො එවලෙට කිව්වෙත් ඒක.
සෙල්ලං බත් උය උය ඉන්නකොට දිව දික්කලැයි කියලා අක්කෙක් මලයගෙ දිව කඩා දාල. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්. දිවෙන් ලේ බේරෙනව.දොස්තර ජංගිය පාත්කරල බැලුවා. කොලුවගෙ නම නොකියන තැන
මොකුත්ම නෑ. කෙල්ලව මග්ගොනට යවන්න තිරණේ වුණා. ගෙනියන්න හදද්දි කෙල්ල මල්ලි ළඟට ඇවිත් ගවුම උස්සල පාල හූ
හූ කිව්වා. කෙල්ලගෙ නම නොකියන තැන ජුන්ඩෙක් ඉන්නවා
කොලුව දැක්කා එතකොට.
නගරෙ උන්නු පිරිමි අපි හැමෝටම මහ නරක දසාවක් ලැබුවා. ගබ්සාවෙන් පස්සෙ මාස කිහිපයක ලිංගික තහංචියක් තියන නිසා
අන්තිම මොහොතෙ සතුටක් ලබාදීම යුතුකමක් හැටියට කළ දොස්තරලාගෙන් , පෝලිමේ ඉන්න ලෙඩුන්ගෙ නොම්මර කියෝන එක විනෝදයක් කරගත්ත ගෑනු වාට්ටුවල
පුහුණුවට වැට්ච්ච වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන්, ඇඟලුම් කම්හල් ළගින් හැන්දෑවට ජුන්ඩො එළියෙ
දාන් එහෙට මෙහෙට යනවුන්ගෙන්, මිනී එම්බාම් කරන්නන්ගෙන් පටන්ගත්ත මේ නම
නොකියන එක අතුරුදහන් විම තොටිල්ලෙ ඉන්න පොඩි එකාගෙන් අහවර වේවි කියල අපිට හිතුන.
රබර් මිශ‍්‍රිත පුරුෂ ලිංග නිෂ්පාදනයට මේ අතරෙ සමාගමක් ඉදිරිපත් වුණා. කම්කරුවන්ට වඩා සමාගමට මෝස්තර නිර්මාණ ශිල්පියෝ අවශ්‍ය
වුණා වෙනස් වෙනස් රුචිකත්වයන් සපුරන්න. නගර ශෝභිනීන්ට බඩවියත
රැක ගන්න විදියක් නැතුව ගිහින් ඔවුන් හිඟමනට බැස්සා. වයසක මහල්ලොත් කිසිම
වැඩක් නැති වුණත් තමන්ගෙ ජුන්ඩො පරිස්සම් කරගන්න උත්සාහ කළේ තමන්ගෙ ජිවිතේ අතීත
සැමරුම් සේරම ජුන්ඩගෙ සටහන් වෙලා වගේ.
අපේ ගෑණු අපිට හෑන්දෑවේ එළියට බහින්නවත් දුන්නෙ නෑ. සාලෙ කාමරේ තියා කක්කුස්සියෙවත්
තනියෙන් ඉන්න දුන්නේ නෑ. මං ගැන කිව්වොත් මං ගෙදර ආපු ගමන් ගෑණි මගේ
කලිසම පාත්කරලා ජුන්ඩ තියනවද බලල තමයි හුස්ම පාතට දැම්මෙ. මේ වෙනකොට හැමෝම
බෝදිලියා , බෝදිලිමා කිය කියා තොරක් නැති නම් ගම් කිව්වා. ජිවිතේට ඉලපතක් දැකලවත් නැති මගෙ ගෑණි ඉලපතක් හදල
පරිස්සමට තියලා තිබ්බා. ඒත් කවදාවත් ඒකෙන් අතූගෑවෙනං නෑ . දවසක් මට ඒකෙ හොරේ අහුවුනා. වෙනදට කොණ්ඩෙ හැඩ කර කර සැපට වාඩි වෙලා චූ කරපු එකී
පිළිකන්නට ගිහින් ඉලපත බිමින් තියල, ගවුම කරට අරන් බිම වාඩි වුණා. චූ බේරි බේරි ඉලපත අරන් දොර මුල්ලෙන් තිබ්බා. පාන්දර ජාමෙට බෝදිලිමා ඇඩුවා. ඈ ගිහින් ඉලපත අරන් ආයි එකට චූ කරල, දෙතුන් විඩේට දාපු මැහුං ටික පේන්න රෙද්ද කඩලා එතෙන්ට ටෝච් එකකුත් ගහන් එක
අතකින් , තෝරතෝංචියක් නැතුව මොනවද කියන් ගියා. මං ළඟට කිට්ටු වුණා. පුක, තනේ , බිජ්ජ කියලවත් කියා ගන්න බැරුව හිටපු උපාසකී මෙන්න මංවත්
නොදන්න , කුණුහරුපයි කියල ඒ ගොල්ලො කියන ඒව තොරක් නැතුව කියෝන
කියෝන ගියා. ඊට පස්සේ ඉලපත දොර මුල්ලෙ හේත්තු කරල දොර
වහමින් කිව්වා!!!.
"උන්දෑ දිව්වා දිවිල්ලක් ආයි පළාතෙ එන එකක්
නෑ"
දවසක් ගෑණි මගෙන් ඇහුවා මං බෝදිලිමව බලන්න ආසද කියල. මං පැන්න ගමන් ඔව් කිව්වා. ඉතින් එයා බුලත් කොළ
ටිකකුයි පොල් තෙල් පානකුයි කණ්ඩියක් උඩින් තිබ්බා. බලන් ඉඳල බලන් ඉඳල
කළුවරේ, පොල් තෙල් පානෙ එළියෙන් අපි දැක්කා බඩදරුවන් ගෑණියෙක්
හෙලුවැල්ලෙන්, කෙඳිරිගාගෙන, බඩගාගෙන එනව. දාඩියෙන් තෙතබරි වෙලා
තිබ්බ තරමට පොල්තෙල් පාන නූනත් අහසෙ තරු නූනත් ඈව දකින්න තිබ්බා. ඇගෙ කොන්ඩෙ හැඩ ගෙතිල මූනට වැටිල. ඒ හැඩපලුවලින් මූන පුරා හෙවනැලි කඩා හැලෙමින් , පද්දා වැටෙමින් තිබුණා. ඈ බුලත් කොළයක් අරන් ඒකෙ පොල්තෙල් තවරාන
දැල්ලට අල්ලලා රත් කළා. එහෙම කර කර ඈ බඩ තවා ගන්න වුණා. මම කිව්වා අපි ඈට උදව්වෙමුයි කියල. ගෑණි අර ඉලපත අරන් මගෙ මූනෙ අතුල්ලල පිටට දෙකක් ගැහැව්වා. එදායින් මෙදායින් මං අපේ ගෑණිත් එක්ක බෝදිලියා ගැන
වචනයක්කත් කතා කරන්න ගියේ නෑ.
සත්වවේදීන් මේ අරුම පුදුම අවතාර සතා පිළිබඳ එකේක මත පල කළා. අපට මහා රාත‍්‍රියට ඇසෙන මේ හඩ
උකුසු පවුලේ සතෙකුගේ බව ඔවුන් කිව්වා. මේ මිත්‍යාවන් නිසා
කටුස්සන් වඳවිමේ තර්ජනයට මුහුණ පානු ඇතැයි ඔවුන් සඳහන් කළා. ගුවන් විදුලි නිවේදකයකු ඇසූ හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු
දෙමින් එම කණ්ඩායමේ නායකයා කීවේ දැනට මිනිසෙකු ග‍්‍රහණය කර ගත හැකි තරම් විශාල
කටුසු වර්ග ජීවත් නොවන බවයි. ඔවුන් කියන දෙවල් කවුරුත් ගණන් ගත්තෙ නෑ. හැමෝම ඇහුන්කන් දුන්නෙ මෙච්චර කල් මායිං නොකරපු වයසක
උදවියගෙ දැනමුතුකම්වලට. බෝදිලිමා පිටේ එල්ලුනොත් කමිසය ගලවා දැමිය
යුතු බව මාත් තදින්ම සිතට ගත්තා ඔවුන් කිව්වහම.
මේ අතරෙ බෝදිලිමාගෙ කතන්දරෙන් චිත‍්‍රපට කීපයක් පෝලිමට එක්වුණා. මල්වතුවල චිත‍්‍රපටි කරපු කට්ටිය ත‍්‍රාසජනක චිත‍්‍රපට
කරන්න අද්භූත දර්ශනතල හොය හොයා ඇවිද්දා. එයින් දැනට ප‍්‍රදර්ශනය
වුණේ එක් චිත‍්‍රපටයක් වුනත් එය සියලුම ආදායම් වර්තා බිඳ හෙලුවා. කොටින්ම මේ ලියන මාත් බෝදිලිමට රඟපාන නිළියගෙ හෙලුවැල්ල
බලාගන්නම හය හත් වතාවක්ම ඒ චිත‍්‍රපටිය බැලුවා. මේ චිත‍්‍රපටිවලට
දක්ෂකම් පෑවෙ ගමෙන් නගරෙට ආපු අධ්‍යක්ෂක ගොල්ලො.
අර ප‍්‍රදර්ශනය වෙච්ච චිත‍්‍රපටිය පටන් ගත්තෙ උනහපුලුවෙක්- වවුලෙක් වගේ සතෙක් මහ රෑක ගහක එල්ලිල ඉන්න රූප රාමුවකින්. උගෙ දිව අර දිවෙන් කූඹි දඩයං කරන සතාගෙ තරං දිගයි. ඒ දිවෙන් කෙල වැක්කෙරෙනව. ඒ කෙල නිල් පාට පෙන
කැටිති වගේ බිමට වැටෙනව. එතකොට එතනින් දුමක් නැගිල ඒ කෙල රතුපාට වෙනව. ඒ ලේ පැල්ලමෙන් කටුස්සො හත්දෙනෙක් උපදිනවා. ඒත් චිත‍්‍රපටියෙ හුඟක් සිදුවීම් වගේම ඒකත් කතාවට කිසිම
සම්බන්ධයක් නෑ. කතාව තියෙන්නෙ කොහෙද ගම් පළාතක බෝදිලිමා ගැන
කියන එකක්. චිත‍්‍රපටිය තහනම් කරන්න කියලා කෑ ගහපු
උදවිය ජනකතාව විකෘති කළා කියල කිව්වට මං නං ඒකට කැමතියි.
ඔන්න දේවාලයක් දාගෙන කපු ගෑනු කෙනෙක් ඉන්නව. ගෑණි හරි ලස්සනයි. දවසක් ගෑණි දෙව් පිළිමෙ ඉස්සරහට ගිහින් තිරේ ඇරල පූජාසනේ
උඩ නැඟලා ඇඳුං ගලෝල බිමට දානව. මේ අතරෙ පිළිමෙ සලුත් එකින් එක ගලවන් හැලෙනව. පිළිමෙට පන එනව. ඉතින් දෙන්න පූජාසනේ
උඩ සංසර්ගයේ යෙදෙනවා. එදා ඉඳන් හැමදාම හැමවෙලේම මේ ගෑණි දෙවියන්
එක්ක සංසර්ගයේ යෙදෙනව.
අන්තිමේ මිනිස්සුන්ගෙ පූජාවලට වෙලා නැති නිසා දේවාලෙත් වහලා දානව. ගෑණි බඩදරුවන් වෙනව. බඩදරුවන් වෙලා ටික
දවසකින් දෙවියො අතුරුදහන් වෙලා පිළිමෙ විතරක් ඉතුරු වෙනව. මේ ගෑණි තිඹිරි ගෙදර
විලි පහරන ගමන් දෙයියන්ට සාප කරනවා අංග ජාතෙ කඩන් කනවා කියල. දායම්මා ආවතේව නවත්වල ගේ ඉස්සරහින් යන ගෑණු කෙනෙක්ට
කියනව. පස්සෙ ගමේම මිනිස්සු ගල් මුගුරු අරගෙන ඇවිත්
විලි පහරමින් ඉන්න ගෑණිව මරලා වල දානව. ඊට පස්සෙ ගෑණි
බෝදිලිමෙක් වෙනව.
චිත‍්‍රපටි කතාවෙ ඇත්ත නැත්ත කොහොම වෙතා තාමත් අංග ජාතෙ ඉතුරු වෙලා තිබ්බ, කොළ කැඳ මදන මෝදක පිහිට පැතුව අයත් ඇතුළු හැමෝගෙම ජීවිතවලට
ඒක අමුතු ප‍්‍රබෝධයක් ගෙනාවා. බොහෝ පවුල් නගරය හැර යන්න ගියත් නගරයේ බොහෝ
හොඳ දේවල් ටිකකුත් සිද්ධ වුණා මේ බෝදිලිමගෙ ආගමනයෙන්. එකක් බස්වල ගෑණුන්ට
කරදරයක් නැතුව හිටන් යන්න පුලුවන් වුණා. සීට්වල බුරු ඇඳන් දිග
ඇරන් ගිය කට්ටිය ඒ ජුන්ඩ කෙලින් කරල පෙන්නන ඉරියව්වෙන් අයින් වුණා.
සේරටම වැඩියෙන් කසාද බඳිනකං කොල්ලො කෙල්ලන්ට නම නොකියන එක බලන්න තිබ්බ
තහංචිය නැත්තට නැතිවෙලා ගියා. හැම අම්මා කෙනෙක්ම දුවට කිව්වෙ යාලුවෙච්ච
කොල්ලගෙ ජුන්ඩ තියෙනවද කියල බලන්න හම්බවෙන හැමදාකම වරද්දන්න නං එපා කියල. ඉතින් කොල්ලො ජුන්ඩ පෙන්නුවෙ නෑ කෙල්ලො පෙන්නන කං.
මෙච්චර දේවල් වුනත් නගරෙ එක පිරිමියෙක්වත් හොයා ගන්න බැරුව ගියා ජුන්ඩ නැති
වෙච්ච. ඒ කතාව හැමෝම දන්න රහසක් බවට පත්වුණා. හෝල් එකක් හෝල් එකක් නෑර,
පල්ලියෙ මංගල්ලෙ උස්සන
කොඩිගහ වගේ ජුන්ඩ කෙලින් කරන ආචාරීන්ගෙ රෝගෙත් තාම එහෙම්මම තමා. ඒක හරියන්න නං ජුන්ඩ මුදුනෙ වෙඩික්කාරයෙක්ට ඉලක්ක වෙචිච
කොකෙක්ම වහන්න ඕනෙයි කියලමයි මං කියන්නෙ.
ඉඳල හිටල ඔෆිස් එකේ කරන්න දෙයක් නැති වේචිච දවසට මං කළේ නගරයේ
තැන තැන ඇවිදිමින් මුලින් සිඳ දමා තිබෙන කොඩිගස් ගණන් කරන එක. සිඳ දමා තිබෙන තැන, ආකාරය, කොඩිය ජාතික කොඩියක්ද,
මොන ආගමේද, මොන පක්ෂෙද, දකුණෙද , වමේ ද, වමේ නං මොන පිලේ ද යනා දී වශයෙන්.
මෙහෙම යන අතරෙ දවසක් මම දැක්කා ජාතික විරයෙක්ගෙ පිළිමයක් යට ඉන්නවා
ගෑණියෙක්. ඈ විලි රුදායෙන් දඟලමින් සාප කළා. ඈ සාප කළේ ඒ කපුටන් පැහැරූ පිළිමයට සිඳලමියි අංග ජාතය. ගිනි දවාලක දෙනෝ දහක් යනෙන මග, වතුර මලින් විභූෂණය වුණු වටරවුමකට මුහුණ ලා ගෑණියක් විලි පැහැරුවා. ඒත් නැත්තං මිනිසුන් අතැර ගිය නගරයක සොහොන් ගලක් උඩ
උන්නා ගෑණියක් වදාගන්න බැරුව.
ඒ කාල යාත‍්‍රාවෙහිම එපුර කොනෙක සල පතල මලුවෙක, අතුල සුදු වැලි ද වගුල බෝ පත්ද කිඳා ගිය මෝල් ගසෙක මුදුනට කටුස්සකු රූටෑවා. මෝල් තොංගල, අලෙව් කළ මතූල තෙල් සුඟෙහි වට මද්දහන් අව්
කාස්ටකයෙන් තොංගල දිදුලෑවා. කටුස්සගෙ හිස මත වූ හැන්දෙන් එපුර වැස්සන්ගේ
ඇස් ගෙඩි නිලංකාර වුනා. අව් කූටයට ඒ ගිනියං වෙද්දි ඌ නැගූ අම්මො’යි හඩ නගර ප‍්‍රාකාරය ඇතුලස්සෙ දෝංකාර
දුන්නා. ඌ මෝල් තොංගල ඉලූ තෙල් සීරු මාරු වන තෙක් බඩ
වත එහි උලන්නට ගත්තා.
ලේ වෑහෙන වනයක්ව සයුරෙහි කිදෙන ඉර බෝලය මැද අංගාර කීලයක් සේ මෝලංගිරිය පේන්නට වුණා.
No comments:
Post a Comment