Sunday, February 26, 2012

හා හා හරි හාවා......






ජෙනී අපේ පුංචි දූ ඉපදෙන කොට තොටිල්ලක් නං තිබුණෙ නෑ .
ඒත් මැරෙන කොට මිනී පෙට්ටියක් නං තිබුණා .
-කාල් මාක්ස්

ඒ ගොල්ලො දෙවියන්ගෙන් ඉල්ලූවා ඒ ගොල්ලන්ට පාලූව නැති කරගන්න ළමයෙක්ව දෙන්න කියලා. කොච්චර පුංචි වුණත් කමක් නෑ අනේ අපිට ළමයෙක්ව දෙන්න කියලා .ඇඟිල්ලක් තරං පුංචි වුණත් කමක් නෑයි කියලා ......ඉතින් , දෙවියො ඒ ගොල්ලන්ට ළමයෙක්ව දුන්නා .එයා ගොඩාක් පුංචියි. කොච්චර පුංචිද කියනවා නම් ඇඟිල්ලක් තරං පුංචියි. ඒ හින්දා එයාගේ නම තම්බලීනා

-සුරංගනා කතාවකින්
ඉල්ලූවේ නැතත් අපිට
ලැබිලා මෙන්න පුංචි දුවෙක්
රසූ ...
රසු.....
රසුසු.......
රසුසුලා
රසුසුලාංගි
සුසූ
සුලා
සුසුලා
සුලාංගි......තම්බලීනා
ක.ක.පරපුරට Full Stop
දුවෙක්
හුරේ.....

නයික්ටස්ට රජකම ලබාගන්න නම් පුතෙක් හදන්න  ඕනා .
-රොහාන් පෙරේරා
අරාජිකත්වය දිනේවා

ඉලෙක්ට‍්‍රා ඔය දොර පොඞ්ඩක් වහන්න. තාත්ති වැඩක්

නළල මං වගේලූ

අතපයත් මං වගේලූ
නාහෙත්
කනුත්
ඇස්?
අම්මියගෙ.....(මාව දැලේ දාගන්න)
කට?
ඒත් අම්මියගෙ
(මාව පිස්සු වට්ටන්න)

Quality blended tea from……
ස්වභාව ධර්මය නරකම නෑ
ජාන තාක්ෂණය තරංම නැතත්
මෙන්න
10x12 හතරැස් ලබ්බෙ තොවිලෙක
බත් ඉදෙයි
පොත් ලියෙයි
කොස් කැපෙයි
ඒ මදිවාට
ළමයෙකුත් අඬයි
දෝයි බබෝ දෝයි

සුරංගනාවියන් එක්ක
හිනැහි හිනැහී මෙන්න
කැෂියර්ට බිල ගෙවා
ජයවර්ධනපුර සාප්පුවෙන්
අලූත්ම අලූත් අම්මෙකුත් එක්ක ගෙනා
බෝනික්කියෙක් මෙන්
රසූ....

ඉතින් චූටි දුවේ මං යනකොට කඩාගෙන
හම්බවුණා මාමා කෙනෙක්
මොකද පසන් මේ ටිකේ කරන්නෙ?’
මං ඇහුවා
ණය ගෙවනවා බං

ඒ කිව්වේ
පොත් ලියනවා (ප‍්‍රකාශකයන්ගෙ ණය ගෙවන්න)’
ෆයදෝර් දොස්තයෙව්ස්කිගේ
වී.ඞී.ද.ලැනරෝල්ගේ පරපුර
පියවරක් ඉදිරියට

රස්කොල්නිකොව් ඉවසාපන් පොඞ්ඩක්

Death of the author
or
Death of the publisher?

රසූ......
බහ තෝරන විට නුඹ කියවන
හැම පොත් පිටකම
ලේ, කඳුලූ, බඩගින්න
රස්තියාදුව , කකුල් කඩුත්තුව
තිබෙන බව
ප‍්‍රකාශක වලව්වල
ඊනියා ධනපති/දානපති
පිංපෙත්/සල්ලි/නම්බු මඩි ඉන් තර කෙරුණු බව
සාහිත්‍ය බලූ කපුටු දානවල
මතවාද හෙනහුරු අපල
ඉන් ගෙවාගත් වග
නුඹට නොදැනේවි
හොඳ නොහොඳ හැම පොතක් යටම
අපරාධයක් තියනවා පුංචි දුවේ

ලේඛකයා ජීවත් විම සඳහා මුදල් හම්බ කළ යුතුය .
එහෙත් කිසිවිටෙකවත් මුදල් හම්බ කිරීම සඳහා ලිවිය නොයුතුය.
-කාල් මාක්ස්
ඒත්
නුඹට තොටිල්ලක් කරන්නට
මේ මහ පොළොව
ලියනවා මං


රසූ
තව ලබ්බෙ
තොවිලෙකට යනකන්
නාඩන් දුවේ දෝයි......
නෑ  උඹ අඬපන්

මව් කුසෙහි සිටම හඳුනන
ගල් බෝර හඬින් ශේෂ වූ
අර පරුවත සොච්චමත්
දෙදරා හැලෙන්නට හඬපන්
මේ ගල් ගැහුණු රැය තූ තූ කොට

ගල්වලට එහා ලන්දේ
හා පැටව් බලනවා ඇති
උන්ට කැරට් අල විසි කරන්න
උඹ එන තෙක් ඔය හා දෙපා තබා
පිනි විසුල උඳුපියලි පලසේ



( රාවය -2002 ජූලි 14 ඉරිදා )







1 comment:

දයානන්ද රත්නායක said...

සමන්ගෙ මේ රැඩිකල් අදහස්වලට මං ඉස්සර ඉඳලම කැමතියි. මේවා කළාත්මක ප්‍රකාශනයෙන් ගිලිහුනත්.කවියේ තියන රැඩිකල් ගතිය ඔබේ මුල් කලෙ කවි වල ඉදන්ම තිබුනනේ.

මට මතකයි නේරංජනා ඉස්නානේ, වගේම ඔබේ නගා මැරූ අල වගේ පොත්වල තිබූ සමාජය විනිවිද යන දෘෂ්ඨිය.

සමන්, ඔන්න මමත් අද ඉඳන් මේ පැත්තේ එනවා

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...