Wednesday, February 22, 2012

නැගණියට මංගල දැන්වීමක්



ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරුවක් කොරාපු දාය
වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
විජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරුරින් ලේ ගැලූ නිමේෂයේම
මල්වර රුධිරය ඇගේ කලවා තෙත් කළේය









ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත

ඔහුගේ මරු නැකත විය

දැන් දෙදාස් තුනය
ඈට දැන් අවුරුදු විසි හයකි




ඇගේ දෙපා ඩිජිටල්ය
ස්කෑන් කර බැලුවත්
වැලි කැටයක පලුද්දක් නැත
ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය



මිනි ටී එකෙන් ඈත් මෑත් වන
නැබතුර ඩීවීඩී කොලිටිය
ඈ දෑත් හයි රිසලූෂන්ය
මයික්රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය

ඇගේ වත නම් වී.එච්. එස් ය
ඇගේ කට හඬ එෆ්. එම් ය
ඔලුව වෑල් ය
හදවත ට්රැකින් වේ
(
හැදුවට වැඩක්ම නැත)
ඇගේ ආත්මයේ ෆන්ගස් බැඳී ඇත
ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
ඩිඔඩරන්ට් ගඳය
ඇගේ පෑන්ටිය C.K
එහෙත්
අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය






ඈ මගේ නංගීය
මා ඈ ගැන බැලිය යුතුමය
ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
ඩිජිටල් මෝඩයෙක් සොයමි
ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
ඇනලොග් නම් දික්කසාද
දරුවන් නැති අය ඉල්ලන්න

1 comment:

නජාත් අක්‍රම් said...

මේ කවිය මීට පෙර මා දැක ඇත.. උපුටා ගත නිර්මාණය ද සඳහන් කළේ නම් මැනවි..