‘. . . . . සමන්ගේ පුද්ගල
රටාවන් තුලින් පොදු බවට එකතු වන දේ මතු කිරීමට මම උත්සාහ කළෙමි. ලාංකීය මහපොළවේ පොදු චින්තනය මම එක්තරා රාත‍්‍රියක
නින්දේදී එක් පිඩක් කළෙමි. මනුෂ්‍ය
අවතාරයකින්ද දේව අවතාරයකින්ද පෙනී සිටින සර්පයන් ඇඟ මත දවටාගෙන සිටින සූනියන්
දේවතාවුන් වහන්සේගේ චිත‍්‍රයක් පියවී ඇති මා ඇස් තුළ දර්ශනය වූයේ ජාන ක‍්‍රියාකාරිත්වයකින්
යයි මම නොසිතමි. යන්ත‍්‍ර සූත‍්‍ර යොදා
සංස්කෘතික ආයතන සහ කොළඹ වරාය අතර මහා මාර්ගයක් ඉදි කරමින් මිනිසුන් පිස්සුවෙන්
මෙන් නටන්නට විය. මම ඒ අසල පන්සලේ
හාමුදුරු කෙනෙකුගෙන් ඒ මන්දැයි ඇසුවෙමි.
‘සූරිය ග‍්‍රහනෙ-
වද කහ සුදිය ලොක්කා’
උන්වහන්සේ
පැහැදිළි කළේ ඉතා කෙටියෙනි. ඒ සෙලියුලර්
දුරකථනයේ බිල යන නිසා බව මම දනිමි. මම උඩ
බැලූවෙමි. ඈත ඈත චන්ද්‍රයා මම විපරම්
කෙරුවෙමි.
සමන් කුමාර
නමැති මගේ පැරණි සගයා වළාකුළු මත මොනවාදෝ අඳිමින් සිටියේය.
‘මම මොකක්ද ඇඳල
තියෙන්නෙ’ ඔහු මගෙන් ඇසුවේය.
‘හූනියං
දෙයියොයි ගෑණියෙකුයි’ මම කීමි. ඉන්පසු සමන් මගෙන් ප‍්‍රශ්න තුනක් ඇසීය.
1. මචං දෙයියගෙ යක්ෂ අවතාරෙ ඇස් දෙක ගෑනිගෙ යෝනියට සෙන්ටර්
වෙලා තියනවද?
2. මචං ඒකිගෙ ඇස් දෙක දෙයියගෙ දේව අවතාරෙට ෆැන්ටසි වෙලාද?
3. මචං ඒකිගෙ මූනෙ දැරිවි, කෙල්ල, අම්මා. . . . . ඩිවලොප් වෙලා
තියනවද?
‘අනේ මංද මචං,
සූනියං දෙයියන්ගෙ අවතාර දෙකේම අත්වල තියෙන
සෙල් ෆෝන් දෙක නං නියමෙට ඩිවලොප් වෙලා තියෙනව. ’
-ජගත් මාරසිංහ
(පිටු අංක -47, 48 -සිහින කල්පිත
සාහිත්‍යය, ස්ත‍්‍රිය,
ලිංගිකත්වය සහ ග‍්‍රහචාරය : කේ. කේ.
සමන් කුමාරගේ නිර්මාණ වෙත කවුළුවක් - සංහිඳ ප‍්‍රකාශන )
No comments:
Post a Comment