Sunday, March 2, 2014

සර්පයා ගැන දීප්ති


සර්පයා නම්  වියුක්ත පුද්ගලයාව ශ‍්‍රී  ලංකාවේ ඓතිහාසික සන්දර්භය ඇතුලේ විශ්ලේශණය කිරීම එක අතකින් ඉතිහාසය විද්‍යාවක් බවට තහවුරු කිරීමකි.  අනෙක් අතට සර්පයාව ඉතිහාසකරණයෙන් (ඉතිහාස කතාවක්) ගලවාගත හැක්කේද ඉතිහාසය නම් ආඛ්‍යානයටයි.  මට කීමට අවශ්‍ය වන්නේ 80 දශකය සුවිශේෂය යන්න නොවේ.  අනෙක් අතට 80 දශකය මුල සමාජ අවකාශයට මුදාහැරී ගොස්, පසුව පවතින ධනේෂ්වර බල රටාවට වඩාත්ම අවශෝෂණය වූයේ 80 දශකයේ මිනිසුන් යයි කීමටද මට අවශ්‍ය  නැත.  මගේ අදහස වන්නේ 80 දශකය ඇයි මෙතරම් දීර්ඝ වූයේ යන්න පැහැදිලි කිරීම (හොබ්ස්බෝම් ගේ ප‍්‍රවාදයට අනුව 20 වන සියවස කෙටිය) මගින් එක්තරා දේශපාලන ප‍්‍රවාදයක් තහවුරු කළ හැකි බවයි.  අපට එම ප‍්‍රවාදය මෙසේ සූත‍්‍ර ගත කළ හැකිය.  80 දශකයට පසුව ගතවූ කාලයක් (Time ) නැත.  ඉන්පසු වෙනස් වී ඇත්තේ අවකාශය (Space ) පමණි.  මෙම සන්දර්භය තුළ කාලය ගලායාමක් සිදු නොවන නිසා ඉන්පසු සිදුවන සෑම සිදුවීමක්ම අපව පසු ආවර්තනය කරන්නේ 80 දශකයටය.  ඉන් අදහස් වන්නේ 80 දශකයට සාරයක් ඇත යන්න නොවේ.  විලෝමව ඉන් අදහස් වන්නේ 80ට පසු සාරයන් (Essence ) බිහි නොවූ බවයි.  ලංකාවේ ඉතිහාසය මේ නිසා අසූව දශකයට පසු නතර වී ඇත.  මෙහි අදහස මෙලෙස ලඝු කළ හැක.  80 දශකයට පසු මිනිසුන් නිදහස ගැන සිතා නැත.  ඒ වෙනුවට උත්සාහ කර ඇත්තේ ප‍්‍රාග්ධනය එකතු කිරීමටය.  මේ නිසාම 80 දශකය ගැන යළි කතාකිරීමට උත්සාහ කිරීම කටුගෙය නැරඹීමට යාමක් විය හැකිය.
සර්පයාත්, ඔහු සහ රොහාන් කේන්ද්‍රීය කොළඹ දිස්ත‍්‍රික්කයේ සංවාද කුලකයත් බිහි වන්නේ ලංකාවේ සමසමාජ-කොමියුනිස්ට් ප‍්‍රමුඛ වාමාංශික දේශපාලනය නිදහස් ආර්ථිකය සහ දෙමළ දේශපාලනය මගින් 80 දශකය මුල අභියෝගයට ලක් වූ පසුවය.  එකළ අපට නමක් තැබිය නොහැකි වුවත් මේ වන විට නමක් දිය හැකි දේශපාලන ප‍්‍රවණතාවයක මුල්තැන ගත්තේ සමන් සහ රොහාන්ය.  ඔවුන් අනුදත් දේශපාලනය තුළ සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂයකට වඩා වැඩි දෙයක් සහ අඩු දෙයක් සමාජයට හඳුන්වා දුනි.  සම්ප‍්‍රදායික පක්ෂයක් නොකළ දෙයක් ඔවුන් පටන් ගත්තේය.  එය නම් ජීවිතය දාර්ශණිකකරණය කිරීමයි.  පක්ෂයක් සාමාන්‍යයෙන් දෛනික දේශපාලන අරගලවලට සහභාගී වන මුත් සර්පයා හෝ රොහාන් ඒවාට සහභාගි වූයේ නැත.  ඔවුන් යකඩ කටහඬවල්වලින් කතා නොකළ බව අවිවාදිතය.  නමුත්
එ‍ඬේරුන් මෙන් සෑම තැනම යමින් ජීවිතය යනු කුමක්ද? යන ප‍්‍රශ්නය ඇසුවේය.  එය මිනිසාගේ සත්තාවට අදාළ ප‍්‍රශ්නයකි.  විද්‍යාවට සහ ආගමට විග‍්‍රහ කළ නොහැකි ආකාරයට 80 දශකය මුල වන විට සමාජ-ජීවිතය ප‍්‍රසාරණය වී තිබුණි.  



දීප්ති කුමාර ගුණරත්න- සර්පයකු හා සටන් වැද පසුවදන
 

3 comments:

Sankathana said...

දීප්ති යනු හුදු පිස්සෙකි. ආත්ම මානයෙන් පෙළෙන්නෙකි. තමන්ට වැළදී ඇති රෝගය ගැන නොදන්නෙකි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය අරක් ගෙන සිටින ගොන් මහාචාරින්ට වඩා සියයට සියයක් හොඳය. අඩු ගානේ ඔහු ජගත් ලේඛකයන් සහ ශාස්ත්‍රකාමීන්ගෙන්ගේ නම් හෝ අඩු තරමින් දනී.
"අපට එම ප‍්‍රවාදය මෙසේ සූත‍්‍ර ගත කළ හැකිය. 80 දශකයට පසුව ගතවූ කාලයක් (Time ) නැත. ඉන්පසු වෙනස් වී ඇත්තේ අවකාශය (Space ) පමණි." යනු විසින් ඔහු සූත්‍රයක් ගොඩ නඟයි. එය ගොඩනඟන්නේ හොබ්ස්බෝම්ගේ මතිමතාන්තර මතයි. හොබ්ස්බෝම් කියන්නේ එකකි, දීප්ති කියන්නේ තව එකකි. මෙය දීප්ති සම්බන්ධයෙන් පවතින ලෙඩකි. ඔහු සියල්ල අතිසරලකරණයේ (oversimplification) යෙදෙයි. ඔහු ඇතැම් මිනිසුන් මෝටර් රථවලට ඇතැම් යුගවල දී සමීකරණය කළේය. මෙය ලෙඩකි. න්‍යායික දොසකි. මෙය ගණිතයේ පයි යනු 3.14යි කීම වැනිය.

80 දශකයෙන් පසු අවකාශයක් පමණක් වෙනස් වූ බව හොබ්ස්බෝම් නොකියයි. හොබ්ස්බෝම් මත පිහිටා දීප්ති මිථ්‍යාවක් ගොඩනඟයි. දාර්ශනික වශයෙන් ගත් කළ කාලය සහ අවකාශය චලනය නොවේද යන්න තවම ප්‍රශ්නයකි. ඒවා සම්බන්ධයෙන් ඇත්තේ තවමත් මතයි. ‍
සියල්ල සාපේක්ෂ වන අතර කාලය සහ අවකාශය පිළිබඳ දැනීම සමාජ,ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පර්යාවලෝකයන්ට අනුගාමී ලෙස දැනෙන බවකි හොබ්ස්බෝම් කියා සිටින්නේ. එම අදහස ගොන් විදිහට මිථ්‍යා මතික ව ගැනීමක් දීප්ති කර ඇත.
කාලය සහ අවකාශය සම්බන්ධයෙන් ඇති වර්තමාන දේශපාලන ප්‍රශ්නය පිළිබඳ හොඳ හැදෑරීමක් කිරීමට නම් අප‍ගේ යෝජනාව අනුව දීප්ති කළ යුත්තේ දීඝ නිකාය වැනි ඉපැරණි දැනුම් පද්ධති ප්‍රතිඝවේෂණය කිරීමයි. දීප්ති උඩින් අතපත ගාන්නෙකි. අඳුරේ ඒ මේ අත හැපි හැපී ලේ පෙරා ගෙන අනෙකාට එරෙහිව විලාප නඟන්නෙකි. කරුණාකර ඔබේ ලෙඩේ ඉක්මනට සුව කර ගන්න.

Sankathana said...

තුෂාර නම් අයෙකු විසින් මෙම කොමෙන්ටුව සම්බන්ධයෙන් දක්වන ලද අදහසක් ෆේස්බුක්හි දැක ගැන්මට ලැබිණ. ඔහු බොහෝ දේ පටලා ගෙන ඇති බව අපට පෙනේ.

ඔහු දීප්තිට ආර්ථික ප්‍රතිලාභයක් නැතැයි කියයි. තුෂාරගේ දෝෂය මෙයයි. ඔහු ප්‍රාග්ධනයට ස්වරූප ගණනාවක් ඇති බව නොදනී. ආර්ථික ප්‍රතිලාභ ප්‍රාග්ධනයේ එක් ස්වරූපයක් පමණි. බර්දියු හැදෑරුවේ නම් ප්‍රාග්ධනයේ සමාජ සහ සංස්කෘතික ස්වරූප ද දැන ගැනීමට ඔහුට ඉඩක් තිබිණ.

මෙහිදී කිව යුතු යමක් ඇත. සමන්, දීප්ති හෝ තුෂාර‍ හෝ වෙන කිසියම් අයෙකු සම්බන්ධයෙන් අපගේ වෛරයක් ද්වේෂයක් හෝ තරහවක් නැත. මෙහි ඇත්තේ ශාස්ත්‍රීය මත ඝට්ටනයක් හැර වෙන කිසිවක් නොවේ. ඔවුහු අපගේ පෞද්ගලික මිතුරෝ ද සතුරෝද නොවෙති.

තුෂාර දැන ගත යුතු තව දෙයක් තිබේ. එනම්, පුද්ගල ‍ප්‍රතිරූප වන්දනාවෙන් වහා මිදිය යුතුය. කිසිවෙක් හොඳ හෝ නරක හෝ නොවේ. කිසිවෙක් ප්‍රබුද්ධ හෝ අප්‍රබුද්ධ හෝ නොවේ. කිසිවෙක් කලු හෝ සුදු හෝ නොවේ. දීප්ති නැත්නම් දීප්තිගේ තාත්තා කිව්වත් පිළිගන්නට බැරි නම් පිළිගන්නට බැරිය.

තුෂාර තව ගොන් කථාවක් කියයි. දීඝ නිකාය ගැන කී මම ජාතිවාදියෙක් ලු. එහෙනම් පළමු ජාතිවාදියා වන්නේ දීඝ නිකාය දෙසූ තැනැත්තාය. ඇත්ත සඳහා පිල් බේදයක් නැත. ඇත්ත නම් ඇත්තය. පොරක් වීමේ අදහස ඇතිව හැදෑරීමේ නිරත නොවන්න. දීප්තිලාට වැරදුණේ එතැනයි.

Sankathana said...

අඩෝ දීප්ති කියන පොන්නයා.. උඹ මොකද යකෝ සර්පයාගෙ වැඩෙන් කර ඇරියේ. උඹ බය ද?
සර්පයා උඹට පිස්සු ද අර විදර්ශන කියන බොරු කාරයාට දේශනයක් දුන්නේ? ඒක අහං හිටපු අපේ කාලේ අප‍රාදෙ.
ඒ යකා මාස 6කින් වත් අලුත් පොතක් කියවලා නෑ කියලා පේන්නේ. ඉතා ම බේසික්ස් උෟ කථා කළේ හරියට මහ ලොකු දෙයක් කියනවා වගේ.
ඊයේ ජයතිලක ද සිල්වාගේ වැඩේ කථා වෙච්ච දේවල් කොච්චර දියුණු ද ? සර්පයා මේ වගේ පොන්නයෝ එක්ක සන්ධාන ගහනවට වඩා හොදයි අර වගේ පරණ වම්මු එක්ක සන්ධානයක් ගහපන්. එහෙම නැත්නම් බොදු බල සේනාවත් එක්ක සන්ධානයක් ගහපන්. ඒකත් හොදයි විදර්ශනලට වඩා. අපිට එකග වෙන්න බැරි වුනාට ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිලාගේ ඇකඩමික් කැපෑසිටි එක ගොඩක් හොදයි.

කළු බණ්ඩාර සම්මුඛ වීම හෙවත් මහිලාවංශය

”වැසිකිළි ගොඩ අදින්නා සේ ඇතුළු මනස හෙළි කිරීමේ අර්ථය කුමක් දැ” යි වරක් හේන්පිටගෙදර ඥානසිහ හිමියෝ සාහිත්‍යයේ අර්ථය ප‍්‍රශ්න කළහ. ...