Tuesday, March 4, 2014

සර්පයාගේ හැව ඇරීම

'සර්පයකු හා සටන් වැද' තෙවන මුද්‍රණය නිකුත් කිරීමට සූදානම් වෙනවා. ඒ මාර්තු මාසෙ 6 දින සවස 3.00ට මහජන පුස්ත කාලෙදි. 'සර්පයකු හා සටන් වැද' කෘතියෙ ලේඛකයා කේ. කේ. සමන් කුමාර. කෙට්ටු, උස මේ සමන්ට 'සර්පයා' කිව්වහම තමා හුගක් අය දන්නෙ. පොතක් ලියලා 'සර්පයා' කියලා නම පටබැඳිලා සමන්ට 'සර්පයා' කියන්න ගත්තහම 'සර්පයා' ඒ ගැන මොකුත් කාටත් කේන්ති අරන් බනින්න ගහන්න ගියෙ නැහැ. කේ .කේ .සමන් කුමාර ට වඩා ප‍්‍රසිද්ධ 'සර්පයා' කීවහම. මේ මනුස්සයා කාලෙකට මතුවෙනවා, කාලෙකට ඇස ගැටෙන්නැතිව යන බවක් තිබෙනවා. එහෙම වුනත් සර්පයගෙ හැදැරීම් සහ කියවීම් නතර කරළ හිටියෙ නැති බවක් ඒ නිහඩතා බිඳලා එළියට එන විධිහත් එක්ක අපිට අහුවෙනවා. සර්පයලා, දීප්තිලා, රොහාන්ලා එක කාලෙක විශාල හැදෑරීම් ටිකක් කළා . අද මේ තුන්දෙනාම වෙන් වෙන්ව සිය හැදෑරීම් කරනවා.  සමහරවිට එක විදිහට... සමහරවිට වෙනස් අර්ථවලින්. මේ කොහොම වෙන් වෙන්ව කියෙව්වත් මේ තුන්දෙනාගෙම තිබුනෙ වෙනස් සමාජ කියවීමක්. දේශපාලනික කියවීමක් සහ මතවාදීමය පැත්තෙන් ගත්තත් එහෙමයි.

 මේ වෙලාවේ මේ කෙටි සටහනට අදාළ කතා නායකයා සර්පයා. සර්පයා තාමත් ඉන්නෙ ඉස්සර විදිහටමයි. නිළ වාහනයකින් හෝ තමන්ගෙම පෞද්ගලික වාහනයකින් ගමනක් යන්න සර්පයා ට හැකියාව තිබුනත් සර්පයා ඔහුගේම ප‍්‍රතිපත්ති ගොඩක් ආරක්‍ෂා කරගෙන ඉන්න නිසා බොහෝ වෙලාවට යන්නෙ එන්නෙ තාමත් බස් එකේ. ඉන්නෙ කුලියට. ගෙයක් තිබුනා ඒකට මොකද වුනේ කියලා දන්නෙ නැහැ. සමහර වෙලාවට කන්නෙ බොන්නෙත් දුම්වැටියක් දල්වා ගන්නෙත් අනුන්ගෙන්. මේ ටික මෙහෙම ලිවවේ සර්පයාව අපහාසයට ලක්කරන්න නෙමේ උගේ වටිනාකම ලියන්න. මේ සමාජයට සර්පයා වගේ අය වටින්නෙ නැහැ. සර්පයාලා දීප්තිලා ව මේ සමාජෙ සමහරුනට මාර වාතයක්. එහෙයි කියන සාමාජිකයින්ගෙන් පිරුණු සමාජයකට සර්පයා, දීප්තිලා සහ තවත් ඒ වගේ ඉන්න කිහිප දෙනෙක් මාර අණ්ඩර දෙමළයක් සහ වාතයක් . 
80 පරම්පරාව සර්පයව දන්නවා . සර්පයා ඒ කාලෙ අදට වඩා ජනප‍්‍රියයි. දැන් තියෙන ජනප‍්‍රියත්වය නෙමේ ඒ කාලෙ තිබුනෙ. දැන් තියෙන්නෙ බොරු ජනප‍්‍රියත්වයක් ප‍්‍රසිද්ධියක් නෙ. වැඩ කරලා, ලියලා , මිනිසුන්ගෙ බුද්ධියට ආමන්ත‍්‍රණය කරලා , මතවාද ඇති කරලා, පොත් පත් ලියලා, නාට්‍ය කරලා, සාශ්ත‍්‍රීය සාකච්ජා පවත්වලා, දේශණ තියලා, වැඩමුළු කරලා සර්පයා ඒ කාලෙ ජනප‍්‍රියයි, ප‍්‍රසිද්ධයි. හැබැයි සර්පයා ඒක දඩමීමා කරගෙන දේශපාලකයන්ට හේත්තුවෙන්න ගියෙ නැහැ.
මේ දේවල් ලියන්නෙ සර්පයාට චරිත සහතික දෙන්න නෙමේ. සර්පයා අරවින්ද එක්ක එකතුවෙලා 'ලොලිටා' පොත පරිවර්තනය කළා. ඒකෙ සිංහල පිළිබඳ මහාචාර්යවරුන්ටත් ටිකක් කියවලා තේරුම් ගන්න අමාරු විදිහටයි පරිවර්තන භාෂාව භාවිතා කරලා තිබුනේ . එහෙම ඒවත් තිබුණා. කොහොම වුනත් මේ සටහන සර්පයාගේ ලිවිසැරියට 30වසරක් පිරීම නිමිත්තෙන් නැවත තෙවන වරට එළිදක්වන 'සර්පයකු හා සටන් වැද 'කෘතිය නැවත සමාජ ගත කිරීම වෙනුවෙන් තබන සටහනක්. සවස 3 00ට මහජන පුස්තකාලෙට එන්න. එතැන ට දීප්ති කුමාර ගුණරත්න, විදර්ශණ කන්නන්ගර, උපුල්ශාන්ත සන්නස්ගල එනවා. ඒ අය හරවත් දෙසුම් තියන්නත් සූදානම් ඒ විශේෂ අවස්ථාව වෙනුවෙන්. මේ වගේ කෘතියක් සමග ඒ විද්වතුන් කියන කතන්දර වර්තමාන තරුණ ප‍්‍රජාවට, මේ සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහය ඇතුළෙ අපිට අපි තේරුම් ගන්න හොඳ අවස්ථාක් ලැබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. සර්පයා නොහොත් කේ. කේ .සමන් කුමාර නම් සහෘදයාට සිය මුළු ජීවිත කාලයම මේ සමාජ යෙ ඔලු වෙනස් කරන්න ගත්ත උත්සාහය සහ කැපවීම වෙනුනේ මිරර් ආර්ට්ස් සිය ආචාරය! මෙසේ සටහන් කරනවා.
Mirrorart.lk

No comments: