Sunday, March 2, 2014

Kk දරුවා නැති (නො) කරමු.



                                                     මේ සටහන සමන්ගේ දුව ගැන නෙමෙයි
                                                      
The Symphony No. 5 in C minor of Ludwig van Beethoven, Op. 67

 
  
මම මේ වෙලාවේ සමන් කරපු වැඩ ගැන න්‍යායාත්මක විචාරයකට යන්නේ නැහැ.  ඒත් සමන්ව මගේ හිත දැක්ක හැටි චිත‍්‍රයකින් එළියට ආව

මගේ ජිවිතයේ අහපු සංගීත කෘතිවලින් මං ගොඩක් අහපු මට ගොඩක් දැනුන, මට තාමත් මතක සංගීත කෘතිය තමයි C miner සිම්ෆනිය. ඔයාලත් අහලා බලන්න පටන් ගන්න හැටි. ඒ පටන් ගැන්මට පට බැඳිලා තිබුනේ  “fate knocks the door” (බිතෝවන්ගේ සෙකට්රි පස්සේ කාලේක මේ වචන හෙළි කළා. 'ඉරණම දොරට තට්ටු කරයි'වචන ටික. එත් මට මගේ ජිවිතයේ  C miner සිම්ෆනිය පටන් ගන්න තැනට  “fate knocks the door” වචනවලට වඩා මට සමීප වචන ටිකක් හම්බවුණා.
                      ඒ තමයි බෝතල් පත්තර කඬේක තිබිලා කේ. කේ. සමන් කුමාරගේ 'සර්පයෙකු සමග සටන් වැද'පොත හම්බවීම. ඒ පොතේ තිබුණු කෙටිකතාවක 'අපි දරුවා නැති කරමු'වචන ටික repeat වුණා.  C miner සිම්ෆනිය පටන් ගන්න ස්වර හතර වගේ. එදා තමයි මට කේ. කේ. ගැන ආදරයක් ඇති වුනේ.  මම කේ. කේ. ගැන අහලා තිබුනා, දැකලා තිබුනා.  හතරවන ජාත්‍යන්තරයේ සිංහළ පත්තරය වුන 'කම්කරු මාවත'අරං පාරවල්වල සමන් රස්තියාදු වෙනවා මං දැක්කා. කේ. කේ. යි මමයි ඊට පස්සේ කාලේක එක ප්ලේන්ටිය හැමදාම බෙදා ගත්තු යාඵවෝ දෙන්නෙක් වුනා. එත් මං ලෝකෙට අපි දෙන්නගේ අතීත කතන්දර කියන්නේ නැහැ. මොකද අපි තාම ජීවතුන් අතර ඉන්නවා. අනික මං නොදැක්ක අත්නොවින්ද පුද්ගලික  කතන්දර විශේෂයෙන් 85-99 කාලයේ ලිංගික කතන්දර වෙළෙදපොළට අරන් ආපු බොරැුල්ල සුපර් මාකට් සම්ප‍්‍රදාය එච්චර කි‍්‍රයේටිව් නෑ.  
18 වැනි ශතවර්ෂයේ අවසාන භාගයේදී වගේම 19 වැනි ශතවර්ෂයේ තමයි දේශපාලනික, ආර්ථික, සංස්කෘතික විප්ලවවල කාලේ කිව්වේ. බීතෝවන්ගේ නවවන සිම්ෆනිය වගේම 5 වැනි සිම්ෆනිය ගැනත් ඒ වගේ දේවල් තමයි කියවුනේ. 'ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රතිබ්ම්බයක්’. ඉතිං ඒ කාලේ බීතෝවන් බිහිරි වෙමින් හිටියේ. කවුරුත් කියන දේවල්වලට වඩා තමන්ගේ ඔඵවේ තියෙන දේවල් එළියට දාන එක තමයි එකම පිළිසරණ වුනේ. ජෝන් එළියට් ගාඞ්නර් තර්ක කළා මේක ප‍්‍රංස විප්ලවය ගැන බීතෝවන්ගෙ ප‍්‍රකාශය කියල  මේ කිසි තර්කයකට  පුද්ගලික ප‍්‍රකාශයකට අද දවසේ මගේ රස වින්දන  සකි‍්‍රයකරණය නවත්වන්න බෑ . 
ඒත් මං හිතුවා විප්ලවයක් ගැන. මටත් දැනුනා 5 වැනි සිම්ෆනියේ විප්ලවය. ඒ අස්සේ ඒ කාලේ හැමෝම විප්ලවයක් ගැන හිතුවා. විශේෂයෙන්ම 89 කාලේ. කම්කරු මාවතත් විප්ලවීය දේශපාලනය වෙනත් පරිමාවකින් මං ඇතුලට ගෙනාවා.  ඒත් කේ. කේ. ගේ සර්පයා පොත බෝතල් පත්තර කඩෙන් හමුවුන දවසේ 5 වැනි සිම්ෆනියට අ`ඵත් අදහසක් ආවා. ඒ තමයි 'අපි දරුවා නැති කරමු. '
මේ කාලයේ මං ගියා මරදානෙ විකො ස  කාර්යාලයට  එයාල මට කිව්ව එන්න වැඩ කරමු කියල.  මං කිව්ව මට සල්ලි ලැබෙන පඩියක් එක්ක ජොබ් එකක් මං හොයන්නේ මට ලමයෙක් ඉන්නවා ජීවත් කරවන්න කියල.  ඒත් එතන හිටපු චරිතයක් කිව්ව සහෝදරය ඔයා ඔයාගේ ලමය ගැන විතරක් හිතනව. ඒත් අපි මුලු ලෝකේම ලමයි ගැන හිතනව  කියල.   ඒකට මගේ ප‍්‍රතිචාරය වුනේ මට ලෝකේ අනිත් ලමයිට වඩා මගේ ලමයව දැනෙනව.  මං එයා ගැන බලන්න  ඕන කියන එක .
 
අද දවස දිහාට කාලය එද්දි කේ. කේ. කම්කරු මාවතින් අයින් වුනා. කේ. කේ. අජිත් තිලකසේනටයි, සයිමන්ටයි ලං වුනා. පියසීලි ලස්සන වුනා. විජේ ඩයස් හිරේ ගියා. විප්ලවය දිය වුනා. අපි දිගටම හමුවනා. කේ. කේ. සමන් කුමාරයි මමයි.
බීතෝවන්ගේ 5 වැනි සිම්ෆනියේ විප්ලවයකට වඩා දෙයක් තියෙන බව වගේම සමන් ඇතුලෙත් කම්කරු මාවතට වඩා දෙයක් තියෙන බව මං  දැක්ක. හෙට්රෝ  sex ඔඵවේ තියාගෙන සමනුයි මමයි බුද්ධිමය වශයෙන් ලං වුනා. කාලය ගෙවිල ගියා c miner සිම්ෆනිය පටන් ගන්න ස්වර හතරට මං ඇතුලෙ තිබුන අදහස විකො ස නිසා ආයෙත් අලූත් වුනා
                    
                                               අ පි  ද රු ව  නැ ති  නො ක ර මු

දැං මම දේශපාලනික විප්ලවයක් විශ්වාස කරන්නේ නෑ. සමනුත් මේ වෙනකොට එතැන නැහැ. ගොඩක් යාඵවොත් එතැන නෑ. අපිත් එක්ක හිටපු ගොඩක් යාඵවෝ ආන්ඩුවලට කඬේ ගියා. 'උඹේ අම්මද මටයි මගේ ලමයින්ටයි ගෑනිටයි කන්න දෙන්නේ'අහමින්. ඒත් සමන් එක්කම හම්බවුන  යාඵවෝ අතරින් 'උඹේ අම්මද කන්න දෙන්නේ.'කියලා තවම අහන්නේ නැති සමාජ ව්‍යාපාර ඇතුලේ විවිධ පරස්පරතා තිබුනත්  යාඵවෝ කිහිප දෙනෙක් ඉන්නවා.  ප‍්‍රශ්නේ තියෙන්නේ සමන් ආන්ඩුවලට කඬේ ගියේ නැති වුනත් මේ සමාජයේ දුෂ්ට ආයතන කිහිපයකටයි චරිත කිහිපයකටයි කඬේ යන්න සිද්ධ වුනා. එතකොට සමන් ඇහුව්වා මගේ ලමයින්ටයි ගෑනිටයි කන්න දෙන්නේ.......... අම්මද? කියලා. ඒත් මගෙන් නෙවෙයි. ඉතිං තව ටික දවසකින් ළමයි ලොකුවෙයි, වයිෆ්ලත් ලොකුවෙයි, එතකොටවත් සමන් අපිට තියෙන මේ අවලම් ආර්ථික ගැටලූවට විසඳුමක් හොයාගෙන මෙහෙම කිව්වොත්
            හේයි කුමාරයා   
                    උඹ කවුද? උඹ නිකම් හදිසි උපතක්. You’re a accidental birth. උඹ වගේ කුමාරයෝ ලෝකේටම  ඕන තරම් ඉන්නවා. ඒත් මම......... මම බීතෝවන්...... one and only Beethovan  -  බීතෝවන් කුමාරයෙකුට ලියපු ලියුමක්

අජිත් kumarasiri




No comments: